ශුංග අධිරාජ්‍යය
පැරණි අධිරාජ්‍යය / From Wikipedia, the free encyclopedia
ශුංග අධිරාජ්‍යය හෙවත් සුංග යනුවෙන් හැඳින්වෙන්නේ මගධයෙන් පැවත ආ පුරාතන ඉන්දියානු රාජධානියකි. ක්‍රි.පූ. 187 සිට 78 දක්වා වූ කාලයේ එම අධිරාජ්‍යය විසින් ඉන්දියානු උපමහාද්වීපයේ විශාළ ප්‍රදේශයක පාලනය ගෙන ගොස් ඇත. මෞර්ය අධිරාජ්‍යයේ බිඳ වැටීමෙන් පසු මෙම රාජවංශය ස්ථාපනය කරන ලද්දේ පුෂ්යමිත්ර ශුංග විසිනි. මෙහි අගනුවර වූයේ පාඨලිපුත්‍ර නුවරයි. නමුත් භගභද්ර වැනි අවසාන අධිරාජවරු සිය මාලිගය නැගෙනහිර මාල්වාහි බෙස්නගර් (වර්තමාන විදිශා) ප්‍රදේශයේ පිහිටුවාගෙන ඇත.[1]
ශුංග අධිරාජ්‍යය शुङ्ग | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 185–ක්‍රි.පූ. 75 | |||||||||
ක්‍රි.පූ. 185දී පමණ ශුංග අධිරාජ්‍යයේ අනුමාන ව්‍යාප්තිය | |||||||||
අගනුවර | පාඨලිපුත්‍ර විදිශා | ||||||||
පොදු භාෂාවන් | සංස්කෘත ප්රාකෘත | ||||||||
ආගම | හින්දු ආගම බුද්ධාගම | ||||||||
රජය | රාජණ්ඩුව | ||||||||
අධිරාජයා | |||||||||
• ක්‍රි.පූ. 185–151 | පුෂ්යමිත්ර ශුංග | ||||||||
• ක්‍රි.පූ. 151–141 | අග්නිමිත්‍ර | ||||||||
• ක්‍රි.පූ. 83–75 | දේවභුති | ||||||||
ඓතිහාසික යුගය | පුරාතන | ||||||||
• ස්ථාපිත කළේ | ක්‍රි.පූ. 185 | ||||||||
• අහෝසි කළේ | ක්‍රි.පූ. 75 | ||||||||
| |||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | India Bangladesh Nepal |
පුෂ්යමිත්ර ශුංග වසර 36ක් රාජ්‍ය පාලනය කළ අතර, ඔහුගෙන් පසු ඔහුගේ පුත් අග්නිමිත්‍ර සිහසුනට පත් විය. ශුංග පාලකයන් දසදෙනකු සිට ඇත. මෙම අධිරාජ්‍යය වැදගත් වන්නේ විදේශ මෙන්ම දේශීය බලවේග සමග එය සිදුකළ සටන් නිසායි. ඔවුහු කාලිංග, සාතවාහන රාජවංශය, ඉන්දු-ග්‍රීක රාජධානිය සමග මෙන්ම සමහර විට පංචාලවරුන් සහ මථුරාවරුන් සමග සටන් වැදුණහ.
මේ යුගයේ කලාව, අධ්‍යාපනය, දර්ශනය සහ අනෙකුත් අධ්‍යයන ක්‍රමවල ප්රබෝධයක් ඇති විය. මෙකල කුඩා ටෙරාකොටා රූපවල සිට විශාල ශෛලමය ස්තූප දක්වා කලා නිර්මාණ අංගවල දියුණුවක් ඇති විය. භාරුත් ස්තූපය සහ සුප්‍රකට සාංචියේ මහා ස්තූපය වැනි ගෘහනිර්මාණ ඉදිවූයේ ද මේ කාලයේ ය. අධ්‍යාපනය සහ කලාව වෙත රාජ්‍ය අනුග්‍රහය දැක්වීමේ සම්ප්රදාය ආරම්භ කළේ ශුංග රජවරුන් විසිනි. අධිරාජ්‍යයේ භාවිතා වූ ලේඛන ක්‍රමය බ්‍රාහ්මි අක්ෂර ප්‍රභේදයකි. එසේම සංස්කෘත භාෂාව ලිවීමේ දී භාවිත විය.
ශුංග අධිරාජ්‍යය හින්දු චින්තනයේ බොහෝ වැදගත් සංවර්ධනයන් සඳහා බෙහෙවින් අනුග්‍රහ දැක්වී ය. පටාංජලිගේ මහාභාස්ය සම්පාදනය කෙරුණේ ද මේ යුගයේ ය. මථුරා කලා සම්ප්රදායේ නැගීමත් සමග කලා ක්ෂේත්රය දියුණු විය.
ක්‍රි.පූ. 73 අවට දී කාන්වා රාජවංශය ශුංගවරුන්ගේ අනුප්‍රාප්තියට පැමිණියේ ය.