හෙබ්‍රෙව් දින දසුන

From Wikipedia, the free encyclopedia

හෙබ්‍රෙව් හෝ යුදෙව් දින දසුන (הַלּוּחַ הָעִבְרִי, ha'luach ha'ivri) යනු, ප්‍රමුඛ වශයෙන් යුදෙව් ආගමික පිළිපැදීම් සඳහා වර්තමානයේ භාවිතා වන චන්ද්‍ර සූර්ය දින දසුනකි. එහි බොහෝ උත්සවාකාර භාවිතා අතර, යුදෙව් නිවාඩු දිනයන් සඳහා දිනයන්ද, ටෝරා ඛණ්ඩයන්හී සුදුසු ප්‍රසිද්ධ කියවීම්ද, යෝත්සයිටද (ඥාතියෙකුගේ මරණය සිහිකිරීම සඳහා දිනයන්) සහ, දිනපතා පසන් කියවීම්ද, එය විසින් දැක්වෙයි. ඊශ්‍රායෙලයෙහි එය භාවිතා වන්නේ ආගමික කටයුතු සඳහා, කෘෂිකර්මය සඳහා කාල රාමුවක් සහ සිවිල් කටයුතු සඳහා නිල දින දසුනක් සැපයීම සඳහා වන අතර වුවද, ග්‍රෙගෝරියානු දින දසුනට වැඩි අනුග්‍රහයක් දක්වමින් අවසන සඳහන් භාවිතය කෙමෙන් ගිලිහෙමින් පවතියි.

යුදෙව්වන් විසින් භාවිතා කෙරෙන දින දසුන කාලාන්තරයෙහිදි පරිණාමයට ලක්ව ඇත. ආදිතම දින දසුන වෙත පැවැති, දින-සතෙහි සතිය, චන්ද්‍ර සූර්ය අන්තරස්ථාපිත ගැළපීම සහ මාසයන්හී නම් යන මූලික ආකෘතිමය ගුණාංග, බැබිලෝනියානු දින දසුනෙහි ආභාෂය ලැබ ඇති වූ බවක් සැලකෙයි. ටනයිටික යුගය (දළ වශයෙන් ක්‍රිව 10220) වන තුරුම, දින දසුන විසින් නව අඩ සඳ භාවිතා කරන ලද අතර, චන්ද්‍ර මාස දොළහ සහ සූර්ය වසර අතර වෙනස නිවරද කිරීම සඳහා සෑම වසර දෙකකට හෝ තුනකට වරක් අමතර මාසයක් එක් කරන ලදි.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.