හොන්ෂූ
ජපානයේ විශාලතම දූපත / From Wikipedia, the free encyclopedia
හොන්ෂූ (本州; "මහා දිවයින" හෙවත් "මහා පළාත") ([ho̞ɴꜜɕɯᵝː] ( අසන්න)) යනුවෙන් හැඳින්වෙන්නේ ජපානයේ විශාලතම සහ වඩාත් ජනාකීර්ණම දූපතයි.[1] මෙය පිහිටියේ ට්සුගරු සමුද්‍රසන්ධිය ඔස්සේ හොක්කයිඩෝවට දකුණින්, අභ්‍යන්තර මුහුදේ ෂිකෝකු වලට උතුරින්, සහ කන්මොන් සමුද්‍රසන්ධිය ඔස්සේ කියූෂූ වලට ඊසානදිගිනි. මෙම දූපත මගින් එහි උතුරින් සහ බටහිරින් පිහිටි ජපන් මුහුද, එහි දකුණින් සහ නැගෙනිහරින් පිහිටි උතුරු පැසිෆික් සාගරයෙන් වෙන් කරයි. ලොව සත්වන විශාලතම දූපත වන මෙය ඉන්දුනීසියානු දූපතක් වන ජාවා දූපතෙන් පසුව ලොව දෙවන වඩාත්ම ජනාකීර්ණ දූපත ලෙස සැලකේ.[2][3]
ස්වදේශික නාමය: 本州 | |
---|---|
භූගෝල විද්‍යාව | |
පිහිටීම | නැගෙනහිර ආසියාව |
දූපත් සමූහය | ජපන් දූපත් සමූහය |
භූමි ප්‍රමාණය | 225,800 km2 (87,200 sq mi) |
භූමි ප්‍රමාණය අනුව ස්ථානය | 7වන |
දිග | 1,300 කිමී (810 සැත) |
පළල | 50–230 km (31–143 mi) |
සමුද්‍රතීරය | 5,450 කිමී (3,386 සැත) |
ඉහළම උන්නතාංශය | 3,776 මී (12,388 අඩි) |
උසම ස්ථානය | ෆූජි කන්ද |
පරිපාලනය | |
ජපානය | |
ප්‍රාන්ත |
|
විශාලතම ජනාවාසය | ටෝකියෝ (ජන. 13,617,445) |
ජනවිකාසනය | |
ජනගහනය | 103,000,000 (2005 සංඛ්‍යාලේඛන) |
ජන ඝනත්වය | 447 /කිමී2 (1,158 /වර්ග සැත) |
ජන කොට්ඨාස | ජපන් |
2005 වන විට, හොන්ෂූහි ජනගහනය මිලියන 103ක් පමණ වූ අතර ජනයා වෙරළබඩ පහත්බිම්වල සාන්ද්‍රණය වී ඇති ස්වභාවයක් පෙන්වයි. විශේෂයෙන්ම කැන්ටෝ තැන්නේ සම්පූර්ණ ජනගහනයෙන් 25%ක් පමණ වෙසෙන්නේ මහා ටෝකියෝ ප්‍රදේශයේ ය. ජපන් සංස්කෘතියේ සහ දේශපාලන බලයේ ඓතිහාසික කේන්ද්‍රස්ථානය වන මෙම දූපතේ පැරණි ජපන් අගනගර ගණනාවක් පිහිටා ඇති අතර, මේ අතරට කියෝතෝ, නාරා, සහ කාමකුරා යන නගර ඇතුළත් වේ. දූපතේ දකුණුදිග වෙරළ තීරයෙන් වැඩි ප්‍රමාණයක් සෙසු ජපන් දූපත් කිහිපයක් තෙක් විහිදෙන ටයිහෙයියෝ පටිය නැමැති නගරයායේ කොටසක් තැනීමට දායක වේ.
ජපානයේ කර්මාන්ත බොහෝමයක් ස්ථාපනය කොට ඇත්තේ හොන්ෂූහි දකුණුදිග වෙරළ තීරයේ, ටෝකියෝවේ සිට කියෝතෝ, ඔසාකා, නගෝයා, කෝබේ, සහ හිරෝෂිමා තෙක් දිවෙන පටියක් ආකාරයේ ප්‍රදේශයක ව්‍යාප්තව ඇත. නමුත් ඒ හා සැසඳීමේ දී ජපානයේ ඊසානදිග වෙරළ තීරයේ ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය මත රඳා පවතී.[4] Tමෙම දූපත සෙසු ප්‍රධාන ජපන් දූපත් ත්‍රිත්වය සමග සම්බන්ධ වන්නේ පාලම් සහ උමං මාර්ග ගණනාවක් ඔස්සේ ය. මෙහි දේශගුණය ආර්ද්‍ර සහ සෞම්‍ය එකකි.