හෝමෝ හැබිලිස්
From Wikipedia, the free encyclopedia
හෝමෝ හැබිලිස් (හැකි මිනිසා) යනු ප්ලෛයිටෝසීන යුගයේ දී මීට වසර මිලියන 2.8 ත් 1.5 ත් අතර කාලය තුල විසූ මානව විශේෂයකි.
1960- 1963 අතර කාලය තුල ලොයිස් හා මේරි යන විද්‍යාඥයන්ට ටැන්සානියාවේ දී මුල්වරට මෙම මානවයාගේ පොසිල හමුවිය.මෙම ෆොසිල සමග ඔවුන්ට මෙම මානවයන් විසින් භාවිත කල ගල් ආයුධද සොයාගැනීමට හැකිවිය.මීට පෙර සිටි මානව යන්ට වඩා මොවුන් ගේ හිස් කබලේ කපාල ධාරිතාව ඉහළ බව චිද්යාඥයන්ට පසක්විය.එබැවින් මෙම මානවයාට හැකි මිනිසා යන තේරුම ඇතිව හෝමෝ ගැබිලිස් ලෙස නම්කළහ.මෙම මානවයා මුල්ම වානර රූපි මානවයාය.මුල්වරට භාෂාමය කතා කාර්යයට මුල පුරන්නේ හෝමෝ හැබිලින් මානවයා බව මානව විද්‍යාත්මක පර්යේෂණ ඇසුරින් සනාතවී ඇත.මොවුනට පෙර විසූ මානව පූර්වජකයා වූ ඔස්ට්‍රලෝපිතකස් හා සැසදීමේ දී පැහැදිළි වර්ධනයක් දැකිය හැක.මානව ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් අවධියක් ලෙස හෝමෝ හැබිලිස් මානවයා ගේ යුගය සැළකෙන්නේ ප්‍රබල සංනිවේදන මාධ්‍යයක් ලෙස සැලකෙන මානව භාෂාවේ උපත මෙම මානවයින් මගින් බිහිවීමයි.එනම් විධිමත් සංනිවේදනයක් ලෙස භාෂාව ඉතා වැදගත් වන නිසාය.භාෂාව බිහිවීමත් සමග මානවයාගේ බුද්ධිය වෙගයෙන් වර්ධනය වූබව මානව විද්‍යාඥයන් පවසයි.මෙතැන් පටත් මානව පරිණාමය ඉතා වේගයෙන් සිදුවිය.එයට ප්‍රධාන හේතුවක් ලෙස භාෂාවේ උපත සැළකිය හැත.