![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/9c/Heat_of_Vaporization_%2528Benzene%252BAcetone%252BMethanol%252BWater%2529.png/640px-Heat_of_Vaporization_%2528Benzene%252BAcetone%252BMethanol%252BWater%2529.png&w=640&q=50)
වාෂ්පීකරණයේ එන්තැල්පිය
From Wikipedia, the free encyclopedia
වාෂ්පීකරණයේ තාපය හෝ වාෂ්පීභවනයේ තාපය ලෙසින්ද සැලකෙන, වාෂ්පීකරණයේ එන්තැල්පිය, (සංකේතය) යනු , යම් ද්‍රව්‍යයක දී ඇති ප්‍රමාණයක් දී ඇති පීඩනයකදී (බොහෝවිට වායුගෝලීය පීඩනය) වායුවක් බවට පෙරැලීමට අවශ්‍ය වන ශක්ති ප්‍රමාණයයි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/9c/Heat_of_Vaporization_%28Benzene%2BAcetone%2BMethanol%2BWater%29.png/640px-Heat_of_Vaporization_%28Benzene%2BAcetone%2BMethanol%2BWater%29.png)
එය බොහෝවිට මනිනුයේ ද්‍රව්‍යයක සාමාන්‍ය තාපාංකයේදීය; වගුගත කෙරුණු අගයයන් සාමාන්‍යයයෙන් 298 K වෙත සංශෝධනය කෙරුණද, මැනුණු අගයයෙහි අවිනිශ්චිතතාවට වඩා එම සංශෝධනය බොහෝවිට කුඩාය.
කුඩා උෂ්ණත්ව වෙනස් වීම් වලදී හා Tr<<1.0 ට පහළ අගයයකදී නියත වාෂ්පීකරණයේ තාපයක් උපකල්පනය කළ හැකි වුවද වාෂ්පීකරණයේ තාපය සත්‍ය ලෙසින් උෂ්ණත්ව-පරායත්ත වෙයි. උෂ්ණත්වය වැඩි වෙත්ම වාෂ්පීකරණයේ තාපය අඩු වන අතර අවධි උෂ්ණත්වයට ඉහළින් ද්‍රව සහ වායු කලාප එකවිට නොපවතින බැවින්, අවධි උෂ්ණත්වයේදී (Tr=1) එය සම්පූර්ණයෙන් නැතිවී යයි.