හෝ චි මින් නගරය
From Wikipedia, the free encyclopedia
හෝ චි මින් නගරය (වියට්නාම භාෂාව: තාන් පෝ හෝ චි මින්හ්; ශ්‍රවණය කරන්න), හෙවත් සයිගොන් ( ශ්‍රවණය කරන්න, ප්‍රංශ: Saïgon) යනු වියට්නාමයේ විශාලතම නගරයයි. සයිගොන් යනු එහි පෙර නාමය වන අතර අදටද සමහර අවස්තාවන්දී නිල නොවන වශයෙන් එම නාමය භාවිත කරයි. එය අතීතයේදී ප්‍රේ නොකෝර් ලෙසද හඳුන්වනු ලැබූ අතර, එය 17 වන සියවසේදී වියට්නාමයට ඈඳා ගන්නා තුරුම ඛේමර් අධිරාජ්‍යයට අයත් තොටුපලක් විය. කොචින්චිනා ප්‍රංශ කොලොනියේ අගනුවර වූයේද මෙම නගරයයි. එය එවකට සයිගොන් නමින් හැඳින්විණි. පසුව 1955-1975 කාලයේදී දකුණු වියට්නාමයේ අගනුවර ලෙසද සයිගොන් නගරය යොදා ගැනිණි. 1976 ජූලි 2 වෙනිදා තදාසන්න ගියා දින් පළාත සමග ඒකාබද්ධ කල සයිගොන් නගරය, එතැන් සිට හෝ චි මින් සිහිවනු පිණිස හෝ චි මින් නගරය ලෙස නම් කරන ලදී.[3]
හෝ චි මින් නගරය Thành phố Hồ Chí Minh Sài Gòn | |
---|---|
නගරසභාව | |
Thành phố trực thuộc trung ương | |
අපනාමය(න්): පෙරදිග පැරීසිය ඈත පෙරදිග මුතු ඇටය | |
වියට්නාමය තුල සහ දකුණු වියට්නාමය තුල හෝ චි මින් නගරයේ පිහිටීම | |
රට | වියට්නාමය |
ගියා දින්හ් ලෙස පිහිටවනු ලැබීය | 1698 |
හෝ චි මින් නගරය ලෙස ප්‍රතිනාමකරණය කරන ලදී | 1976 |
දෙමොනිම් | List
|
රජය | |
• පක්ෂ ලේකම් | ලේ තන් හායි |
• මහජන කමිටු සභාපති | ලේ හොවන්ග් ක්වාන් |
සරිය | |
• මුළු | 2,095.5 කිමී2 (809.23 සතරැස් සැත) |
උන්නතාංශය | 19 මී (63 අඩි) |
ජනගහණය(2014)[1] | |
• මුළු | 7,981,900 |
• අනුස්ථිතිය | රටේ ඉහලම ජනගහනය |
• ඝණත්වය | Bad rounding here3,800/කිමී2 (Bad rounding here9,900/වර්ග සැත) |
වේලා කලාප | ICT (UTC+07:00) |
ප්‍රාදේශීය දුරකථන කේතය | 28 |
දල දේශීය නිෂ්පාදිතය | 2014 ඇස්තමේන්තුගත[2] |
- සම්පූර්ණ | ඇ. ඩො. බිලියන 71.1 |
- ඒක පුද්ගල | ඇ. ඩො. 8,660 |
වෙබ් අඩවිය | hochiminhcity.gov.vn |
හෝ චි මින් නගරයේ නගර සභා සීමාව තුල සහ තු දවු මොට්, දී අන්, බියෙන් හොවා වැනි අවට උප නගර හා එකට ගත්විට එහි ජනගහනය මිලියන 9[4] ඉක්මවා යන අතර එය වියට්නාමයේ වඩාත් ජනාකීර්ණම ප්රදේශයයි.[5] 2025 වන විට නගරයේ ජනගහනය මිලියන 13.9 දක්වා ඉහල යනු ඇති අපේක්ෂා කෙරේ.[6]
ගිනිකොනදිග වියට්නාමය තුල බොහෝ ප්‍රදේශ, ටියෙන් ගියෑන් පළාත සහ ලෝන්ග් ඇන් පළාත යන ප්‍රදේශ එක්කොට 30,000 square කිලෝmetres (12,000 sq mi) විශාල නාගරික ප්‍රදේශයක් ගොඩනැගීමට දැනට සැලසුම් කර ඇති අතර, 2020 වන විට වැඩ නිම වන එහි මිලියන 20ක පමණ ජනගහනයක් සිටිනු ඇති අපේක්ෂා කෙරේ.[7]
හෝ චි මින් නගරය, මර්සර් මානව සම්පත් උපදේශක සේවය, ඉකොනොමිස්ට් බුද්ධි අංශය සහ ඊසීඒ ඉන්ටනැෂනල් යන සංවිධාන වලට අනුව ප්‍රවාසික සේවානියුක්තිකයින් සඳහා වඩාත් වටිනාකමකින් යුතු නගර ලයිස්තුවේ 132 වන ස්ථානය හිමිකරගෙන සිටී.