වියට්නාමය
From Wikipedia, the free encyclopedia
වියට්නාමය (නිල නාමය: වියට්නාම සමාජවාදී සමුහාණ්ඩුව) ගිනිකොණදිග ආසියාවේ නැගෙනහිර ඉන්දු චීන අර්ධද්වීපයේ පිහිටි රටකි. එය උතුරින් චීනයට, වයඹින් ලාඕසයට, නිරිත දිගින් කාම්බෝජයට සහ නැගෙනහිරින් දකුණු චීන මුහුදට මායිම් වෙයි. 2012 දී මිලියන 90.3ක ජනගහණයකින් යුක්ත වූ වියට්නාමය ලොව 13 වැනියට වැඩිම ජන සංඛ්‍යාවක් වෙසෙන රටයි. 1976 දී සිදුවුණු උතුරු සහ දකුණු වියට්නාම එකමුතුවත් සමග රටේ අගනුවර හැනෝයි ලෙස නම් කෙරිණි.
වියට්නාම සමාජවාදී සමූහාණ්ඩුව Cộng hòa Xã hội chủ nghĩa Việt Nam | |
---|---|
උද්යෝග පාඨය: [Độc lập – Tự do – Hạnh phúc] Error: {{Lang}}: text has italic markup (help) "Independence – Freedom – Happiness" | |
ජාතික ගීය: Tiến Quân Ca "Army March" (first verse) | |
අගනුවර | Hanoi |
විශාලතම නගරය | Ho Chi Minh City |
නිල භාෂා(ව) | Vietnamese |
Official scripts | Vietnamese alphabet |
ජාති නාම(ය) | Vietnamese |
රජය | Unitary socialist republic, Single-party state |
• President | Nguyễn Minh Triết |
• Prime Minister | Nguyễn Tấn Dũng |
• General Secretary of the CPV | Nguyễn Phú Trọng |
ව්‍යවස්ථාදායකය | National Assembly of Vietnam |
Formation | |
• Đại Việt | 1054 |
• French annexation | 1853 to 1883 |
• Independence from France | 2 September 1945 |
• Reunification | 2 July 1976[1] |
• Current constitution | 15 April 1992 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 331.698 km2 (128.069 sq mi) (65th) |
• ජලය (%) | 1.3 |
ජනගහණය | |
• 2011 ජන සංගණනය | 90,549,390 (13th)[2] |
• ඝණත්වය | 259/km2 (670.8/sq mi) (46th) |
දදේනි (ක්‍රශසා) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $273.967 billion[3] |
• ඒක පුද්ගල | $3,104.179[3] |
දදේනි (නාමික) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $104.600 billion [4] |
• ඒක පුද්ගල | $1,168[3] |
ගිනි (2002) | 37 මධ්‍යම · 59th |
මාසද (2012) | 0.617[5] මධ්‍යම · 127වන |
ව්‍යවහාර මුදල | đồng (₫)[6] (VND) |
වේලා කලාපය | UTC+7 (ICT (Indochina Time) UTC+7) |
• ගිම්හාන (DST) | UTC+7 (No DST) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | 84 |
අන්තර්ජාල TLD | .vn |
|
ක්‍රි.ව. 938 දී බැන්ඩැන් ගඟ ආශ්‍රිතව සිදුවූ සටනකින් පසුව වියට්නාමය චීනයෙන් මිදී තම නිදහස ලබා ගත්තේය. මින්පසුව 19 වැනි ශතවර්ෂය තෙක් පැවත ආ රජ පරම්පරා සමග වියට්නාමය ගිනිකොණදිග ආසියාව පුරා විහිදුණු අතර 1954 දී පළමු ඉන්දු-චීන සටනේ දී රට උතුරු සහ දකුණු වියට්නාම ලෙස වෙන්වුණි. දෙපාර්ශවය අතර දරුණු සටන් ඇවිලී ගිය අතර වියට්නාම යුද්ධයෙන් පසුව එය 1975 දී උතුරු වියට්නාමය ජයගැනීමෙන් අවසන් විය.
වියට්නාමය ඉන්පසුව කොමියුනිස්ට් රජයක් යටතේ ඒකීය වුණ නමුත් දේශපාලනමය වශයෙන් හුදෙකලා වූ දුප්පත් රාජ්‍යයක් බවට පත් වී තිබිණි. 1986 දී එවකට පැවති රජය ආර්ථික සහ දේශපාලන ප්රතිසංවිධාන රැසක් ආරම්භ කළේ අන්තර්ජාතික සම්බන්ධතා නැවත ගොඩ නැගීමේ අභිප්‍රායෙනි. වසර 2000 වන විට එය ලොව වැඩිම ආර්ථික වර්ධන වේගයක් සහිත රටක් වූ අතර 2011 දී එය ගෝලීය සංවර්ධන මිනුම අනුව 11 වැනි තැන ගන්නා ලදී. මේ ශීඝ්‍ර සංවර්ධනය 2007 දී වියට්නාමය ලෝක වෙළෙඳ සංවිධානය සමග එකතු වීමට මග පෑදුවේය. කෙසේ නමුත් ආදායම් විෂමතාවය, දුර්වල සෞඛ්‍ය සේවය වැනි අංශවලින් තවමත් රට පීඩා විඳියි.