බන්කර් හිල් සටන
From Wikipedia, the free encyclopedia
ඇමෙරිකානු විප්ලවීය යුද්ධයෙහි මුල් කාලයෙහි දී, බොස්ටන් වටලෑම අතරතුර දී, 1775 ජූනි 17 දින දී බන්කර් හිල් සටන සිදු වූයේ බොහෝ ලෙසින් බ්‍රීඩ්ස් හිල් අසබඩ හි දී ය. ජනපද හා බ්‍රිතාන්‍ය හමුදාවන් විසින් නතු කර ගැනීමේ මුල් අභිප්රායක් වූ බන්කර් හිල් අවට සටන පැවතීම සිදු වූ අතර අසබඩ පිහිටීම අනුසාරයෙන් සටන එම නම් ලදුව ද, සමහර විටෙක "බ්‍රීඩ්ස් හිල් සටන" ලෙසින් ද හැඳින්වේ.
බන්කර් හිල් සටන | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ඇමරිකානු විප්ලවීය සටනෙහි හි කොටසකි | |||||||||
ජෝන් ටෲම්බ්ල් විසින් නිර්මිත බන්කර් හිල් සටනෙහිදී ජනරාල් වොරන්ගේ මරණය | |||||||||
| |||||||||
යුද්ධාවතීරයන් | |||||||||
| මහා බ්‍රිතාන්‍යය | ||||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||||
ඊශ්රයෙල් පට්නම් විලියම් ප්‍රෙස්කොට් ජෝසප් වොරන් † ජෝන් ස්ටෝක් (ආඥාපතිත්වයට අවනත නොවූ වොරන් තනි පුද්ගලයෙකු ලෙසින් සටන් වැදුනේය) |
බ්‍රිතාන්‍ය යුධ හමුදාව: විලියම් හව් ශ්‍රීමත් රොබට් පිගොට් ජේම්ස් ඇබක්‍රොම්බි + ජෝන් පිට්කෙයාන් † හෙන්රි ක්ලින්ටන් රාජකීය නාවික හමුදාව: සැමුඑල් ග්‍රේව්ස් | ||||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||||
2,400 පමණ[2] | 3,000+[3] | ||||||||
අපාතිකයන් සහ හානි | |||||||||
115 මිය ගියෝය, 305 තුවාල ලදහ, 30 අත් අඩංගුවට පත්හ (යුද සිරකරුවන් 20 මිය ගියහ) එකතුව: 450[4] |
226 මියගියහ, (නිලධාරින් 19 ඇතුළුව) 828 සෙබළු තුවාල ලදහ, (නිලධාරින් 62 ඇතුළුව) එකතුව: 1,054[5] |
1775 ජූනි 13 දින දී, බොස්ටන් නුවර වට ලා සිට ජනපද හමුදා නායකයන්ට දැනගන්නට ලැබුනේ නගරය වටා ඇති කිසිවෙකු විසින් භාවිතා කොකරන කඳු අල්ලා ගැනීමට නගරය වෙතින් භට කණ්ඩායම් එවීමට බ්‍රිතාන්‍ය ජෙනරල්වරුන් සැලසුම් කරන බවයි. මෙම බුද්ධි තොරතුරට ප්‍රතිචාර දැක්වීමක් ලෙසින්, විලියම් ප්‍රෙස්කොට්ගේ නායකත්වය යටතේ 1,200 සංඛ්‍යාවක ජනපද භට සේනාවක් බන්කර් හිල් හා බ්‍රීඩ්ස් හිල් යන කඳුවැටි වෙත රහසේ පැමිණ, එහි කඳවුරු ලා ගෙන පස් බැම්මෙන් බ්‍රීඩ්ස් හිල්හි බලකොටු තනා, චාල්ස්ටවුන් අර්ධද්වීපයෙහි බොහෝ ප්‍රදේශයන්හි ලිහිල් ලෙසින් බලිකෘත ආරක්ෂක වලලු තැනූහ.
ඊළඟ දිනයේ දී මෙම නව ආරක්ෂක තත්ත්වය ගැන බ්‍රිතාන්‍යයන්ට අනතුරු ඇඟවුනු විට ඒවා වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට ඔව්හූ උත්සුක වූහ. පළමු ප්‍රහාර දෙක බ්‍රිතාන්‍යයන්ට මහත් අලාභ හානී සිදු කරමින් පසුබැස්වීමට ජනපද ආරක්ෂක වලලු විසින් සමත් වුව ද, තුන්වන ප්‍රහාරයෙහි දී, පස් බැමි බලකොටුව තුල වූ ජනපද බල ඇණි වෙතවූ වෙඩි බෙහෙත් නිමවූ කල, මෙම ආරක්ෂක ස්ථාන අල්ලා ගැනීමට බ්‍රිතාන්‍යයෝ අවසානයේ දී සමත් වූහ. ජනපද හමුදා බන්කර් හිල් වෙතින් පසුව වූ කේම්බ්‍රිජ් වෙත පසු බැස්සේ ඔවුන් ලද අති මහත් පරාජය බන්කර් හිල්හි දී අත්විඳිමිනි.
අවසන් ප්‍රතිඵලය බ්‍රිතාන්‍යයන්ට ජයග්‍රහණය අත් කර දුන්න ද, ඔවුනට මහත් හානි අත්විය: 800 දෙනෙකුට වඩා තුවාල ලද අතර 226 දෙනෙකු මිය ගිය අතර, එයට ඉහළ නිලධාරින් මහත් සංඛ්‍යාවක්ද අයත් වූහ. පරාජය හා සම ජයක නිදසුනක් ලෙස මෙම සටන සැලකෙන්නේ, ප්රකටව පෙනෙන ලාභය (බන්කර් හිල් අල්ලා ගැනීම) ඉතා අප්‍රගල්භ එකක් වූ අතර බොස්ටන් වැටලීමෙහි තත්වාකාරයෙහි සැලකිය යුතු වෙනසක් සිදු නොකරමින්ම ඉමහත් හානි (යොදවා තිබූ බලකායෙන් තුනෙන් පංගුවක් නටහ) අත් කර දුන් නිසාය. මේ අතර, ජනපද හමුදාවන්ට පසුබැස හොඳ තත්ත්වයෙන් යළි සමූහගත වීමට හැකිවූයේ අඩු ප්‍රමාණයක් ආපතිකයන් ලද නිසාවෙනි. තව දුරටත්, මෙම සටන පැහැදිලි කර දුන්නේ කෝඩුකාර ජනපද හමුදාවන් හට සූදානම් වූ සටනක දී නිත්‍ය හමුදා බලකායන් හා කරට කර සිටිය හැකි බවය.