ලෙක්සින්ග්ටන් හා කොන්කෝර්ඩ් සටන්
From Wikipedia, the free encyclopedia
ලෙක්සින්ග්ටන් හා කොන්කෝර්ඩ් සටන් යනු ඇමෙරිකන් විප්ලවීය යුද්ධයේ පළමු හමුදාමය සටන් වූහ .[9][10] 1775 අප්‍රේල් 19 වැනිදා බ්‍රිතාන්‍ය ඇමෙරිකාවේ ප්‍රාන්ත 13 විසින් මහා බ්‍රිතාන්‍ය හමුදාවේ 700 කට පමණ එරෙහිව (නූතන මැසචූසෙට්ස් ප්‍රාන්තයේ දී) සිද්ධ වූවකි. බ්‍රිතාන්‍ය හමුදාපති තෝමස් ගේජ්ට රහස් ඔත්තුකරුවන් වෙතින් කොන්කෝර්ඩ් නැමති ගමේ මැසචූසෙට්ස් මිලීෂියාවගේ අවි ආයුධ ගබඩාවක් ඇති බව දැනගන්නට ලැබේ. තමනට පහර වැදෙන්නට පෙර රහසින් ගිහින් එය වටලා අවි ආයුධ බ්‍රිතාන්‍ය යටතට ගැනීමට ඔහු අපේක්ෂා කළේය. එහෙත් බ්‍රිතාන්‍ය හමුදාවේ රතු කෝට් සොල්දාදුවන්ගේ හැසිරීම නිරීක්ෂණය කරන්නට කොන්කෝර්ඩ් වලට නුදුරින් වූ බොස්ටන් නගරයේ දේශප්‍රේමී යටත්විජිත වැසියන් වූහ. රිදී කර්මාන්තයේ නියැළි පෝල් රිවියෙර් නැමැත්තා එවක දේශප්‍රේමී ව්‍යාපාරය සහ නිදහස් පුත්‍රයන් යැයි හැඳින්වූ සංවිධාන වල සාමාජිකයෙකි. රහසින් ගමන් අරඹන්නට සූදානම් වන බ්‍රිතාන්‍ය හමුදාවේ හැසිරීම දැකි පෝල් රිවියෙර් මැදියම් රැයේ බොස්ටන් සිට ලෙක්සින්ග්ටන් වෙත අසු පිටින් ගොස් අවදානම ගැන අනතුරු ඇඟවූයේය. බ්‍රිතාන්‍ය හමුදාව පැමිණෙද්දී ඔවුන්ව පරාජයට සූදානම් වී සිටීමට යටත්විජිත අරගලකරුවන්ට හැකිවුණි.
ලෙක්සින්ග්ටන් හා කොන්කෝර්ඩ් සටන | |||||||
---|---|---|---|---|---|---|---|
ඇමෙරිකන් නිදහස් අරගලය හි කොටසකි | |||||||
ලෙක්සින්ග්ටන් සටන 19 වැනි සියවසේ රොමැන්තික ලෙසින් කරන ලද නිර්මාණයකි. | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
මැසචූසෙට්ස් බේ ප්‍රාන්තය | මහා බ්‍රිතාන්‍ය අධිරාජ්ය්ය | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
ජෝන් පාකර් ජේම්ස් බැරෙට් ජෝන් බට්රික් විලියම් හීත් ජෝසෆ් වොරන් අයිසැක් ඩේවිස් (සොල්දාදුවා) |
ෆ්‍රැන්සිස් ස්මිත් ජෝන් පිට්කෙයාර්න් හියු පර්සි | ||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
ලෙක්සින්ග්ටන්: 77[1][2] කොන්කෝර්ඩ්: 400[3] සටන අවසන: 3,800[1] |
බොස්ටන් පටන්ගත් 700[4] ලෙක්සින්ග්ටන්: 400[5] කොන්කෝර්ඩ්: 100[6] සටන අවසන: 1,500[7] | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
මරණ 49, තුවාල ලත් 39, අතුරුදහන් 5[8] |
මරණ 73, තුවාල ලත් 174, අතුරුදහන් 53[8] |