අයිසීසී ශූරයන්ගේ කුසලානය 2017
ක්‍රිකට් තරඟාවලිය / From Wikipedia, the free encyclopedia
2017 අයි.සී.සී චැම්පියන්ස් කුසලානය අටවැනි චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය වේ. තරඟාවලිය එංගලන්තයේ හා වේල්ස්හිදී 2017 ජුනි 1 සිට ජුනි 18 දක්වා කාලය තුළදී පැවැත්විණි.[1] පාකිස්ථානය විසින් ඕවල් ක්‍රීඩා පිටියේ පැවති අවසන් තරගයේදී ඉන්දියාව ලකුණු 180 කින් පරාජය කරමින් එතෙන් මෙතෙක් පැවති ශූරයන්ගේ කුසලාන තරගාවලියක අවසන් මහා තරගයේ වාර්ථා කල ඉහලම ජයග්‍රහණය වාර්ථා කලේය.[2]
2017 අයිසීසී චැම්පියන් කුසලානය | |
---|---|
කාලය | 2017 ජුනි 1 – 2017 ජුනි 18 |
පරිපාලක(යෝ) | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර තරග |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් සහ පිළිමළුන් පිටුදැකීම |
සත්කාරකත්වය | ![]() |
ශූරයන් | ![]() |
අනුශූරයන් | ![]() |
සහභාගීත්වය | 8 |
තරඟ | 15 |
තරඟාවලියේ වීරයා | ![]() |
වැඩිම ලකුණු | ![]() |
වැඩිම කඩුලු | ![]() |
නිල වෙබ් අඩවිය | ICC Champions Trophy |
UDRS ලබාගත හැක | ඔව් |
← 2013 2021 → |
2015 සැප්තැම්බර් 30 වන විට ශ්‍රේණිගතකිරීම් වල ඉහලින්ම සිටින කණ්ඩායම් 8 මෙම තරගාවලියට සුදුසුකම් ලැබීය.[3] බංගලාදේශය 2006 වසරින් පසු මෙම තරගාවලියට සුදුසුකම් ලැබූ අතර බ.ඉ.කො. පිල තරගාවලියට පලමු වරට නොසුදුස්සන් විය.
මෙම තරගාවලිය ආරම්භයට පෙර මැන්චෙස්ටර් නගරයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා තරගාවලියේ ආරක්ෂාව ඉතා තර කර ඇති බවටද අයිසීසී ය විශේෂ ප්‍රකාශයක්ද නිකුත් කලේය.[4][5]
2013 වසරේදී පැවති ශූරයන්ගේ කුසලානය මෙම තරගාවලි ආකෘතියේ අවසන් තරගාවලිය බවට එකල අයිසීසී ය දෙනුම් දුන්නේ 2017 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවය[6]නමින් තරගාවලියක් හදුන්වාදෙන බවට ප්‍රකාශ කරමිනි. නමුත් එය 2014 ජනවාරි මස අයිසීසී ය විසින් ලෝක ටෙස්ට් ශූරතාවලිය 2017 දී නොපැවෙත්වෙන බවත් ඒ වෙනුවට නැවත්ත ශූරයන්ගේ කුසලානය 2017 දී පැවැත්වෙන බවටත් ප්‍රකාශ කලේය.