ඈන් ෆ්රෑන්ක්
From Wikipedia, the free encyclopedia
ඇනිලිස් ඈන් මාරි ෆ්රෑන්ක් (ඕලන්ද උච්චාරණය: [ɑnəˈlis ˈɑnə maˈri frɑŋk], ජර්මානු උච්චාරණය: [anəliːs ˈanə maˈʁiː fʁaŋk], උච්චාරණය (උදවු·තොරතුරු); 12 June 1929 – early March 1945) යනු සමූලඝාතනයට ලක් වූ යුදෙව් ජාතිකයින් අතරින් වඩාත්ම කතා බහට ලක් වූ අයෙකි. යෞවනියකගේ දිනපොත නම් ඇගේ යුධ කාලින දිනපොත, නාට්‍ය සහ චිත්‍රපට ගණනාවකටම පාදක වී ඇත. වෙයිමර් සමුහාණ්ඩුවේ ෆ්රෑන්ක්ෆර්ට් නගරයේ උපත ලැබූ ඇය, ඇගේ ජිවිතයේ වැඩි කාලයක් ජිවත් වුයේ නෙදර්ලන්තයේ ඈම්ස්ටර්ඩෑම් නගරයේයි. උපතින් ජර්මානු වුවද 1941 දී ෆ්රෑන්ක්ට ඇයගේ පුරවැසිභාවය අහිමි කරන ලදී. ඇගේ මරණයෙන් පසු ඇගේ දිනපොත ප්‍රකාශයට පත් වීම නිසා ඇයට අන්තර්ජාතික කීර්තියක් හිමි විය. දෙවන ලෝක යුද්ධයේදී ජර්මනිය විසින් නෙදර්ලන්තය අත්පත් කර ගන්නා විට ඇයට අත් විඳින්නට සිදු වූ අත්දැකීම් එමගින් විස්තර කෙරේ.
Anne Frank (ඈන් ෆ්රෑන්ක්) | |
---|---|
උපත | ඇනිලිස් මාරි ෆ්රෑන්ක් 12 ජුනි 1929(1929-06-12) ෆ්රෑන්ක්ෆර්ට්, වෙයිමර් ජර්මනිය |
විපත | Early 1945 බර්ජන්-බෙල්සන් සංකේන්ද්‍රන කඳවුර, පහල සැක්සනිය, නාසි ජර්මනිය |
ජාතිකත්වය |
|
සංගණ්‍ය කෘතිය(න්) | The Diary of a Young Girl (යෞවනියකගේ දිනපොත) (1947) |
ආභාෂය ලැබූයේ
| |
ආභාෂයට නතු කලේ
| |
අත්සන |
ෆ්රෑන්ක් පවුල ජර්මනියේ සිට ඈම්ස්ටර්ඩෑම් වෙත සංක්‍රමණය වුයේ නාසින් විසින් ජර්මනියේ පාලන බලය අත්පත් කර ගත් 1933 වර්ෂයේදී යි. 1940 මැයි වන විට, ජර්මනිය නෙදර්ලන්තය යටත් කර ගන්නා අවස්ථාවේදී ඔවුහු ඈම්ස්ටර්ඩෑම්හි කොටු වී සිටියහ. 1942 ජුලි වන විට යුදෙව්වන්ට එරෙහි වධ හිංසා තවදුරටත් වැඩි වෙමින් පැවති නිසා ඈන් ගේ පියා වැඩ කල ගොඩනැගිල්ලේ පිහිටි රහස් කාමර වල සැඟවීමට, එම පවුල පිටත්ව ගියහ. වසර දෙකකට පසු ඔවුන්ව පාවා දෙනු ලැබූ අතර නාසි සංකේන්ද්‍රන කඳවුරකට ප්රවාහණය කරවන ලදී. අවසානයේදී ඈන් සහ ඇගේ සොහොයුරිය වූ මාගට් ෆ්රෑන්ක්, බර්ජන්-බෙල්සන් සංකේන්ද්‍රන කඳවුරට මාරුකර යවන ලද අතර එහිදී බෝවන උණ රෝගයක් (ටයිෆොයිඩ් උණ) නිසා 1945 දී ඔවුහු මිය ගියහ.
එම පවුලේ දිවි ගලවා ගත් එකම තැනැත්තා වූ ඔටෝ ෆ්රෑන්ක්, යුද්ධයෙන් පසු 1947 දී ඈම්ස්ටර්ඩෑම් වෙත පැමිණි අවස්ථාවේදී එතෙක් සුරැකිව පැවති ඈන්ගේ දිනපොත සොයා ගත්තේය. ඔහුගේ උත්සාහයේ ප්‍රතිපලයක් වශයෙන් එය ප්‍රකාශයට පත් වූ අතර මේ වන විට එය භාෂා බොහෝ ගණනකට පරිවර්තනය වී ඇත. එහි නියම ප්‍රකාශිත භාෂාව වූ ලන්දේසි භාෂාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදුව 1952 වර්ෂයේදී යෞවනියකගේ දිනපොත ලෙස ප්‍රකාශයට පත් විය. ඇගේ දහතුන්වන උපන්දිනයට ඈන් ලද හිස් දිනපොත, 1942 ජුනි 12 වනදා සිට 1944 අගෝස්තු 1 වනදා තෙක් ඇගේ දිවිය පුරාවෘත්තයක් බවට පත් කරන ලදී.