ජර්මනිය
From Wikipedia, the free encyclopedia
ජර්මනියේ නිල නාමය වනුයේ ජර්මන් ෆෙඩරල් සමුහාණ්ඩුව යන්නයි. මෙය මධ්‍යම යුරෝපයේ පිහිටා ඇති රටකි. උතුරින් උතුරු මුහුද, ඩෙන්මාර්කය හා බෝල්ටික් මුහුද, නැගෙනහිරින් පෝලන්තය සහ චෙක් සමූහාණ්ඩුවද, දකුණින් ඕස්ට්‍රියාව සහ ස්විට්සර්ලන්තයද, බස්නාහිරින් ප්‍රංශය, ලක්සමිබර්ග්, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන දේශ සීමාවන්ගෙන්ද ජර්මනිය වට වී තිබේ. ජර්මනිය සන්තක ප්‍රදේශ වර්ග කිලෝමීටර් 35,7021 ක් (වර්ග සැතපුම් 137,847 ක් ) පුරා පැතිර පවතී. මෙරට සමශිකෝෂ්ණ සෘතුමය දේශගුණයෙන් බලපෑමක් ලබයි. 2010 ජනවාරි මස දී ජනගහනය මිලියන 81.8 ක් වාර්තා වී ඇත. යුරෝපා සංගමයේ සාමාජික රටවල් අතරින් වැඩිම ජනගහනයක් සහිත සාමාජික රට වන්නේ ජර්මනියයි. ලොව නන්දෙසින් එන අන්තර් ජාතික සංක්‍රමණිකයන් වැඩිම සංඛ්‍යාවකට නිවහන සපයන රටවල් අතුරින් තෙවනි තැන ලැබෙන්නේ ජර්මනියටයි.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
මෙම ලිපියට හෝ ඡේදයට අදාල රූපමය, ශබ්දමය හෝ මීට අදාල අනෙකුත් මාධ්‍යයන් ඇතුලත් කරන්න.
|
ජර්මානු ෆෙඩරල් සමූහාණ්ඩුව Bundesrepublik Deutschland | |
---|---|
ජාතික ගීය: The third stanza of [Das Lied der Deutschen] Error: {{Lang}}: text has italic markup (help) The Song of the Germans | |
Location of ජර්මනිය (dark green) – in Europe (green & dark grey) | |
අගනුවර | බර්ලින් |
විශාලතම නගරය | අගනගරය |
නිල භාෂා(ව) | ජර්මානු |
ජාති නාම(ය) | ජර්මානු |
රජය | ෆෙඩරල් පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සමූහාණ්ඩුව |
• ජනාධිපති | Frank-Walter Steinmeier |
• Chancellor | Olaf Scholz |
Formation | |
• Holy Roman Empire | 2 February 962 |
• Unification | 18 January 1871 |
• Federal Republic | 23 May 1949 |
• Reunification | 3 October 1990 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 357,021 km2 (137,847 sq mi) (63rd) |
• ජලය (%) | 2.416 |
ජනගහණය | |
• 2010 ඇස්තමේන්තුව | 81,799,600[1] (15th) |
• ඝණත්වය | 229/km2 (593.1/sq mi) (55th) |
දදේනි (ක්‍රශසා) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $3.089 trillion[2] (5th) |
• ඒක පුද්ගල | $37,935[2] (18th) |
දදේනි (නාමික) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $3.628 trillion[2] (4th) |
• ඒක පුද්ගල | $44,555[2] (19th) |
ගිනි (2006) | 27 පහළ |
මාසද (2011) | 0.905[3] දෝෂය: අනීතික HDI අගය · 9th |
ව්‍යවහාර මුදල | Euro (€)(2002 – present) (EUR) |
වේලා කලාපය | UTC+1 (CET) |
• ගිම්හාන (DST) | UTC+2 (CEST) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | 49 |
ISO 3166 code | DE |
අන්තර්ජාල TLD | .de |
|
ක්‍රි.ව. 100 පෙරාතුව ජර්මේනියාව නම් වූ ප්‍රදේශයෙහි ජර්මානු ගති ලක්ෂණ ඇති බොහෝ ජනයා වාසය කර ඇති බැව් දැනගන්නට ලැබී ඇතිවා පමණක් නොව, ලේඛනවලින් ඒ බව ඔප්පු කර ද තිබේ. 10 වන ශත වර්ෂය ආරම්භයේ දී, ජර්මන් සන්තක ප්‍රදේශ සියල්ලෙන් ශුද්ධ රෝමන් අධිරාජ්‍යයේ මධ්‍ය කොට්ඨාශය සැකසිණි. මෙය වර්ෂ 1806 දක්වා වූ දිගු කාලයක් පුරා පැවතියේ ය. 16 වන ශතවර්ෂය තුළදී උතුරු ජර්මනිය 'ප්‍රොතෙස්තන්ත ප්රතිසංස්කරණවාදී’ නිකායේ මධ්‍යස්ථානය බවට පත් විය. 1871 පැවති ප්‍රංශ - ප්රසියන් යුද්ධය මධ්‍යයේ ජර්මනිය නූතන ජාතික රාජ්‍යයක් වශයෙන් එක්සත් කරන ලදි. 1949 දී දෙවන ලෝක සංග්රාමයෙන් පසුව, ජර්මනිය වෙනම රාජ්‍ය දෙකක් ලෙස, එනම් නැගෙනහිර ජර්මනිය හා බටහිර ජර්මනිය යනුවෙන් බෙදා වෙන් කරන ලදි. බර්ලින් සහ සාර් යනුවෙන් තවදුරටත් මිත්‍ර පාක්ෂික රටවල් රුදී සිටි ආකාරය මත දේශපාලනමය විශේෂ තත්ත්වයන් සහිත කොටස් දෙකකට බෙදන ලදි.
වර්ෂ 1990 දී ජර්මනිය නැවත ඒකාබද්ධ කරන ලදි. 1957 දී පිහිටුවන ලද 'යුරෝපීය ප්‍රජාව' නමින් වූ සංවිධානයේ ජර්මනිය ද ආරම්භක සාමාජිකයෙක් වුයේය. මෙම සංවිධානය 1993 දී 'යුරෝපා සංගමය ' බවට පත්විය. ජර්මනිය 'ෂෙනගන්' කලාපයේ කොටස්කරුවකු වන අතර, 1999 දී යුරෝ (euro) නමින් හඳුන්වන යුරෝපා මුදල් භාවිතය පිළිගත්තේය.
ජර්මනිය ජනපද දහසකින් සෑදුනු ෆෙඩරල් පාර්ලිමේන්තු සමූහාණ්ඩුවකි. මෙහි අගනුවර ද, විශාලතම නගරයද බර්ලින් පුරවරය වන්නේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, නේටෝ 8 කණ්ඩායම (G8), කණ්ඩායම (G20), ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය පිළිබඳ සංවිධානය (O E C D) සහ ලෝක වෙළඳ සංවිධානය යන(W TO) ජාත්‍යන්තර සංවිධානයන් හි ජර්මනිය ද සාමාජිකත්වය උසුලයි. ජර්මනියේ දළ දේශිය නිෂ්පාදිතයේ නාමික අගය සලකා බැලූ විට එරට සතුව ඇත්තේ ලොව සිව්වන ස්ථානය ගන්නා ප්‍රබල ආර්ථිකයක් බැව් පෙනි යයි. ඒ හැර එරට සතු 'මිලදී ගැනීමේ හැකියාවේ අනුපාතය' ( Parchasing Power Parity) අනුව බැලූ විට එය පස්වන ස්ථානයේ පසුවේ. ජර්මනිය දෙවන විශාලතම භාණ්ඩ අපනයනකරුවා ද, තුන්වන විශාලතම ආනයනකරුවා ද වන්නේය. සංවර්ධන ආධාර සඳහා මුදල් පිරිනමන ලෝකයේ රටවල් අතුරින් ස්වකීය වාර්ෂික අයවැයෙන් ඒ සඳහා වෙන්කරන අරමුදල ලෝකයේ දෙවන විශාලතම අරමුදල් ප්‍රමාණය වේ.එමෙන්ම ජර්මනියේ යුධ හමුදාව සඳහා කෙරෙන වියදම අනෙක් රටවල් අතර හයවන ස්ථානය ගනී.
ජර්මනිය උසස් ජීවන මට්ටමක් වර්ධනය කරගෙන තිබේ. තවද පරිපූර්ණ සමාජ ආරක්ෂණ ක්‍රියාවලියක් ස්ථාපිත කර ඇත. යුරෝපිය කටයුතු පිළිබඳව ප්‍රධාන තැනක් හිමිව සිටින ජර්මනිය, ගෝලීය මට්ටමින් සමීප සබඳතා රාශියක් පවත්වාගෙන යයි. ජර්මනිය පිළිගනු ලබන්නේ විවිධ කේෂේත්‍රයන්හිලා විද්‍යාත්මක හා තාක්ෂණික නායකයා ලෙසය.
ජර්මනිය නිර්මාණය කිරීම |