ඕස්ට්‍රේලියානු කොළ පැහැති ගස් ගෙම්බා
From Wikipedia, the free encyclopedia
ඕස්ට්‍රේලියාව තුලදී සරල වශයෙන් කොළ පැහැති ගස් ගෙම්බා ලෙසින් හැඳින්වෙන, ඕස්ට්‍රේලියානු කොළ පැහැති ගස් ගෙම්බා, වයිට්ගේ ගස් ගෙම්බා, හෝ තරබාරු ගස් ගෙම්බා (ලෙටෝරියා සෙරූලියා) යනු, ඕස්ට්‍රේලියාවේ සහ නව ගිනියාවේ දේශීය විශේෂයක් වන හා, නවසීලන්තයේ සහ එක්සත් ජනපදයේ ආගන්තුක ගහණයන් සහිතවූ, ගස් ගෙඹි විශේෂයකි. මෙම විශේෂය අයත් වන්නේ ලෙටෝරියා ගණයටය. ගණයෙහි සමහරක් විශේෂයන් හා සමගින්, විශේෂයෙන් ප්රතාපවත් ගස් ගෙම්බා (ලෙ. ස්ප්ලෙන්ඩිඩා) සහ යෝධ ගස් ගෙම්බා (ලෙ. ඉන්ෆ්රාෆ්රෙනාටා) හා සමගින්, කායික විද්‍යාත්මක සමානත්වයක් දක්වයි.
ඕස්ට්‍රේලියානු කොළ පැහැති ගස් ගෙම්බා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | අනිමාලියා |
වංශය: | කෝඩේටා |
වර්ගය: | ඇම්ෆිබියා |
ගෝත්‍රය: | ඒනුරා |
කුලය: | හයිලිඩී |
ගණය: | 'ලෙටෝරියා' |
විශේෂය: | ලෙ. සෙරූලියා |
ද්වීපද නාමය | |
ලෙටෝරියා සෙරූලියා (වයිට්, 1790) | |
කොළ පැහැති ගස් ගෙම්බා, බොහෝ ඕස්ට්‍රේලියානු ගෙම්බන්ට වඩා විශාල වන අතර, උගේ දිග 10 සෙමී (4 අඟල්) තෙක් විය හැකිය. මෙම ගෙම්බන්ගේ සාමාන්‍ය ආයුකාලය අවුරුදු 16 ක් පමණවේ, එය අනිකුත් බහුතරයක් ගෙම්බන්ට සාපේක්ෂව දීර්ඝ කාලයක්වේ. කොළ පැහැති ගෙම්බන් හීලෑ සතෙක් වන අතර මිනිස් වාසස්ථාන අසල ජීවත් වීමට ඉතා සුදුසුය. මෙම සතුන් අලෝකයට ඇදී එන කෘමි සතුන් ආහාරයට ගන්නා අයුරු නොයෙක් විට ජනෙල් සහ නිවාස ඇතුලත දැකගත හැකිය. තවද අනතුරකට පත්වූ විට සතුරාව තැති ගැන්වීමට කෑගසන අතර සතුරා ස්පර්ශ කළවිට හීන් හඩක් නංවයි.
මෙම සතාගේ භෞතික සහ චරිත ලක්ෂණ හේතුවෙන් කොළ පැහැති ගස් ගෙම්බා ප්‍රාන්තයේ සිටින අතිශය හදුනගතහැකි ගෙම්බන් බවට පත්වී ඇත, තවද ලොව පුර සිටින ජනප්‍රිය විදේශීය සුරතල් සතෙකි. ඖෂධ නිෂ්පාදනයේදී ගෙම්බාගේ සමේ ස්රාවය ප්‍රතිබැක්ටීරිය සහ ප්‍රතිවයිරස උපයෝගී කරගතහැකි බව සනාථවේ.