කොරිනු ආහාර ගැනීමට බාවිතා කරන බත් කූරු පැරනි කාලයේ සිටම පැවත එන්නකි From Wikipedia, the free encyclopedia
කොරියානු (දකුණු කොරියානු: 한국어, හන්ගු(ක්)ගෝ; උතුරු කොරියානු: 조선말, ජෝසොන්ම්ඔල්) යනු මිලියන 80 ක පමණ ජනයාගේ මව් භාෂාවයි. කොරියානු භාෂා දේශීය කථිකයන්ගෙන් වැඩි දෙනෙක් උතුරු හෝ දකුණු කොරියානුවන් ය. එය උතුරු කොරියාවේ සහ දකුණු කොරියාවේ නිල සහ ජාතික භාෂාව වේ. කොරියානු යුද්ධයත් සමග දෙරටක් බවට පත් වූ අතර දෙරට තුළ මහජනතාව විසින් භාවිතා කරන මෙම භාෂාවේ සමාජ- සංස්කෘතිකමය බලපෑම් මූලික කරගත් භාෂාමය වෙනස්කම් දැකිය හැකි වෙයි. නමුත් සමස්ථයක් වශයෙන් ගත්කල උතුරු කොරියාවත් දකුණු කොරියාවත් සමාජයක් ලෙස භාවිතාකරන මෙම කොරියානු භාෂාව වාග්විද්‍යාත්මක සමානත්වයක් පෙන්වා දෙයි. කොරියානු භාෂාව චීනයේ සමහර ප්‍රදේශවල, එනම් ජිලින් පළාතේ සහ යැන්බියන් ප්‍රාන්තයේ සහ චැං බාර් ප්‍රාන්තයේ පිළිගත් සුළුතර භාෂාවකි.එය රුසියානු දූපතක් වන සකාලින් සහ මධ්‍යම ආසියාවේ සමහර ප්‍රදේශවල ද කතා කරනු ලැබේ.
කොරියානු භාෂාව | |
---|---|
Korean | |
한국어 (South Korea) 조선말 (North Korea) | |
උච්චාරණය | කොරියානු උච්චාරණය: [ha(ː)n.ɡu.ɡʌ] (South Korea) කොරියානු උච්චාරණය: [tso.sɔn.mal] (North Korea) |
ස්වදේශික වන්නේ | Korea |
ජන වර්ගය | Koreans |
ස්වදේශික හසුරුවන්නන් | 80.4 million (2020)[1] |
Koreanic
| |
ආදි ස්වරූප | Proto-Koreanic
|
සම්මත ස්වරූප | Pyojuneo (South Korea)
Munhwa'ŏ (North Korea)
|
උපභාෂා | Korean dialects |
ලේඛන ක්‍රමය | Hangul / Chosŏn'gŭl (Korean script) Mixed script Romaja Korean Braille Historically: Hanja / Hancha (Chinese Characters) |
නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය | South Korea North Korea China (Yanbian Prefecture and Changbai County) |
යාමනය කරනු ලබන්නේ |
|
භාෂා කේත | |
ISO 639-1 | ko |
ISO 639-2 | kor |
ISO 639-3 | kor |
ලින්ග්විස්ට් ලිස්ට් | kor |
ග්ලොටෝලොග් | kore1280 [2] |
ලින්ග්වාස්ෆියර් | 45-AAA-a |
Countries with native Korean-speaking populations (established immigrant communities in green). | |
කොරියාව කොරියානු බසින් ‘තේහන්මින්ගුක්’ යනුවෙන් හදුන්වන අතර රටේ නම කෙටිකර ‘හන්ගුක්’ යනුවෙන් ද හදුන්වනු ලැබේ. කොරියාවේ භාවිතා කරන භාෂාව ‘කොරියානු භාෂාව’ යන අර්ථය ඇති ‘හන්ගුක්ඕ’ ‘හන්ගුක්මල්’යනුවෙන් හදුන්වනු ලැබේ. ඕ - මල් යනු පද ‘භාෂාව’ යන අර්ථය ගෙන දෙයි. කොරියානු භාෂාවේ අක්ෂර මාලාව ‘හන්ගල්’ අක්ෂර මාලාවයි. මෙහි අක්ෂර (ස්වර හා ව්යඤ්ජනාක්ෂර ඇතුලත්ව) 40 ක් ඇත.
Monophthongs | /i/ ㅣ, /e/ ㅔ, /ɛ/ ㅐ, /a/ ㅏ*, /o/ ㅗ, /u/ ㅜ, /ə/ ㅓ, /ɯ/ ㅡ, /ø/ ㅚ |
---|---|
Vowels preceded by intermediaries, or Diphthongs |
/je/ ㅖ, /jɛ/ ㅒ, /ja/ ㅑ, /wi/ ㅟ, /we/ ㅞ, /wɛ/ ㅙ, /wa/ ㅘ, /ɰi/ ㅢ, /jo/ ㅛ, /ju/ ㅠ, /jə/ ㅕ, /wə/ ㅝ |
^* ㅏ is closer to a near-open central vowel ([ɐ]), though ⟨a⟩ is still used for tradition.
ද්වි-ඕෂ්ඨජ | මුර්ධජ | Post- alveolar |
දිව මුල උපදින | කන්ටජ | ||
---|---|---|---|---|---|---|
නාසික්‍ය | ㅁ /m/ ම් | ㄴ /n/ න් | ㅇ /ŋ/[3] | |||
ඕෂ්ඨජාක්ෂර සහ Affricate |
plain | ㅂ /p/ or /b/ ප් හෝ බ් | ㄷ /t/ or /d/ ට් හෝ ඩ් | ㅈ /t͡ɕ/ ජ් සහ ච් අතරමැද ශබ්දය | ㄱ /k/ or /g/ ක් හෝ ග් | |
tense | ㅃ /p͈/ | ㄸ /t͈/ | ㅉ /t͡ɕ͈/ | ㄲ /k͈/ | ||
මහා ප්‍රාණ | ㅍ /pʰ/ | ㅌ /tʰ/ | ㅊ /t͡ɕʰ/ ච් | ㅋ /kʰ/ | ||
ඌශ්මාක්ශර | plain | ㅅ /sʰ/ ස් හෝ ශ් | ㅎ /h/ | |||
tense | ㅆ /s͈/ | |||||
සෞම්‍ය අක්ෂර | /w/1 | ㄹ /l/ ල් හෝ ර් | /j/1 |
Hangeul 한글 | ㅂ | ㄷ | ㅈ | ㄱ | ㅃ | ㄸ | ㅉ | ㄲ | ㅍ | ㅌ | ㅊ | ㅋ | ㅅ | ㅎ | ㅆ | ㅁ | ㄴ | ㅇ | ㄹ |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
RR | b | d | j | g | pp | tt | jj | kk | p | t | ch | k | s | h | ss | m | n | ng | r, l |
IPA | p | t | t͡ɕ | k | p͈ | t͈ | t͡ɕ͈ | k͈ | pʰ | tʰ | t͡ɕʰ | kʰ | s | h | s͈ | m | n | ŋ | ɾ, l |
Hangeul 한글 | ㅣ | ㅔ | ㅚ | ㅐ | ㅏ | ㅗ | ㅜ | ㅓ | ㅡ | ㅢ | ㅖ | ㅒ | ㅑ | ㅛ | ㅠ | ㅕ | ㅟ | ㅞ | ㅙ | ㅘ | ㅝ |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
RR | i | e | oe | ae | a | o | u | eo | eu | ui | ye | yae | ya | yo | yu | yeo | wi | we | wae | wa | wo |
IPA | i | e | ø | ɛ | a | o | u | ʌ | ɯ | ɰi | je | jɛ | ja | jo | ju | jʌ | ɥi | we | wɛ | wa | wʌ |
නවීන කොරියන් භාෂාව වචන අතර හිස්තැන් සහිතව ලියනු ලබයි. එය ජපන් හෝ චීන බසෙහි දක්නට නොලැබෙන සුවිශේෂී ලක්ෂණයකි. කොරියානු විරාම ලක්ෂණ, බටහිර විරාම ලක්ෂණ වලට අනුරුප වේ. සාම්ප්‍රධායිකව කොරියන් බස සිරස් පේළි ලෙස ලියනු ලැබුවද වර්තනාමනයේදී හරස් පේළි ලෙස, වමේ සිට දකුණට, ඉහල සිට පහලට ලියනු ලබයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.