බෙෂ්ෂටර් බලකොටුව
From Wikipedia, the free encyclopedia
බෙෂ්ෂටර් බලකොටුව හෝ බෙෂ්ෂටර් පාස් බලකොටුව[1] (දෙමළ: பெசுச்சூட்டர் கடவைக் கோட்டை) යනු, යාපනය අර්ධද්වීපයෙහි පටු කොටසෙහි, අලිමංකඩ බලකොටුව සහ පෙයිල් පාස් බලකොටුව අතර රේඛීයව පිහිටා තුබූ කුඩා බලකොටුවකි. මෙම උපායමාර්ගික බලකොටුව භාවිතා කෙරුණේ, ප්‍රධාන භූමි ප්‍රදේශයේ බලකායන් වෙතින් මෙන්ම (වන්නියාර්වරුන්ගෙන් සහ සිංහලයන්ගෙන්) නීතිවිරෝධි ප්‍රවේශය, හොර බඩු ප්‍රවාහනය ආදියෙන් යාපනය අර්ධද්වීපය රැක ගැනීමටය. [2]
Quick Facts බෙෂ්ෂටර් බලකොටුව, ඛණ්ඩාංක ...
බෙෂ්ෂටර් බලකොටුව | |
---|---|
කොටසකි | |
අලිමංකඩ, ශ්‍රී ලංකාව | |
ඛණ්ඩාංක | 9.560736°N 80.416422°E / 9.560736; 80.416422 |
වර්ගය | ආරක්ෂක බලකොටුව |
අඩවි තොරතුරු | |
තත්ත්වය | විනාශ වී |
අඩවි විස්තර | |
තනන ලද්දේ | ලන්දේසි |
ද්‍රව්‍ය | ග්‍රැනයිට් පාෂාණ |
සටන්/යුද්ධ | බොහෝ |
Close
අලිමංකඩ ප්‍රදේශයෙහි අනෙකුත් බලකොටු දෙක මෙන්ම බෙෂ්ෂටර් බලකොටුවද තැනුණේ සතරැස්-හැඩැති ආකාරයෙනි. එය සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති අතර, වර්තමානයෙහි දෘශ්‍යමාන කිසිවක් නොමැත. [3]