භාග්‍යවන්ත ජුසේ වාස් පියතුමා
From Wikipedia, the free encyclopedia
භාග්‍යවන්ත ජුසේ වාස් පියතුමා, CO, (කොංකනී: භොක්තිවොන්ත් ජුසේ වාස්), උපත 1651 අප්‍රේල් 21 දිනදී බෙනාලින් හිදී (ඉන්දියාවේ ගෝවහිදී) සහ මරණය 1711 ජනවාරි 16 දිනදී සෙංකඩගලදී (ශ්‍රී ලංකාවේ), යනු ඔරතෝරියානු පූජාප්‍රසාදි වහන්සේ වරයෙකු සහ ලංකාවේ (වර්තමානයේ ශ්‍රී ලංකාව) ධර්මදූතයාණන් වහන්සේ වරයෙකු විය.
භාග්යවන් ජුසේ වාස් පියතුමා, C.O. | |
---|---|
පූජාප්‍රසාදි වහන්සේ සහ ධර්මදූතයාණන් වහන්සේ | |
උපත | ක්‍රි.ව.21 අප්‍රේල් 1651(1651-04-21) බෙනාලින්, ගෝව, පෘතුගීසි ඉන්දියාව, පෘතුගීසි අධිරාජ්‍යය |
මරණය | 16 January 1711(1711-01-16) (වයස 59) සෙංකඩගල, සිංහලේ |
ගරු කරනු ලබනුයේ | කතෝලික සභාව (ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ ඔරතෝරියානු නිකාය) |
භාග්‍යවත් භාවයට එසවූයේ | 21 ජනවාරි 1995, කොළඹ, ශ්‍රී ලංකාව, දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින් |
ප්‍රධාන සිද්ධස්ථාන | භාග්‍යවත් ජුසේ වාස් සිද්ධස්ථානය, මියුඩිපු, බෙන්ට්වල්, කර්නාටකා, ඉන්දියාව |
මංගල්‍යය දින | 16 ජනවාරි |
අනුග්‍රාහකත්වය | ලංකාව (ශ්‍රී ලංකාව) |
වාස් පියතුමා ලක්දිව පැමිණියේ එම දිවයිනේ කොටසක ලන්දේසි යටත්විජිතයක් තිබූ යුගයේදී වන අතර, එම කාලය තුලදී කැල්වින්වාදය යටත් විජිතයේ නිල ආගම ලෙසින් ප්‍රකාශයට පත් කර තිබුණි. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සහ සක්‍රමේන්තුද රැගෙන යමින්, දිවයින පුරා රහසිගතව සිටි කතෝලිකයන් සමූහ වෙත එතුමා ගමන් කලේය. එතුමාගේ ධර්මදූත මෙහෙයයෙහිදී පසුකාලීනව මහනුවර රාජධානියෙහි වාසස්ථානය ලැබීමට එතුමාට හැකිවූ අතර, නිදහස් ලෙස කටයුතු කිරීමට එතුමාට එහිදී හැකි විය. එතුමාගේ මරණය සිදු වන විට, දිවයිනෙහි කතෝලික සභාව ප්‍රතිසංස්කරණය කිරීමට වාස් පියතුමාට හැකිව තිබුණි.
අධික මහන්සියෙන් එතුමා විසින් කල මෙම සේවය නිසා, ලංකාවේ අපෝස්තුළුවරයා ලෙසින් වාස් පියතුමා හැඳින්වෙයි. 1995 ජනවාරි 21 දිනදී, දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින් කොළඹදී එතුමා භාග්‍යවන්ත ධූරයට ඔසවන ලදි.
2015 වසරෙහිදී ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ශ්‍රී ලංකාවේදී එතුමා ශුද්ධවරභාවයට ඔසවනු ලබනු ඇත.