ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා From Wikipedia, the free encyclopedia
මිතාලි රාජ් යනු ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙහි නායිකාව වෙයි.[1]
පුද්ගලික තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සම්පූර්ණ නම | මිතාලි ඩොරයි රාජ් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | 3 දෙසැම්බර් 1982 ජෝද්පූර්, රාජස්තානය, ඉන්දියාව | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පිතිකරන විලාසය | දකුණතින් පිත්ත හසුරුවන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පන්දුයැවීම් විලාසය | දකුණතින් පා බිඳුම් පන්දු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
භූමිකාව | තුන් ඉරියව් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාත්‍යන්තර තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාතික කණ්ඩායම | ඉන්දියාව කාන්තා ක්‍රිකට් කණ්ඩායම | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශීය කණ්ඩායම් තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වසර | කණ්ඩායම | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2006–වර්තමානය | දුම්රිය සේවා | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෘත්තියමය සංඛ්‍යාන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මූලාශ්‍රය: ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ, 2016 17 February |
1982 දෙසැම්බර් 3 දිනදී මිතාලි රාජ් උපන්නේ, රාජස්තානයෙහි, ජෝද්පූර්හී දෙමළ පවුලකට දාවය.[2] මිතාලිගේ මවු බස දෙමළ වන අතර, ඇයගේ පියා, ඩොරයි රාජ්, ඉන්දියානු ගුවන් හමුදාවෙහි නිලධාරියෙක් වූ අතර ඇයගේ මව නමින් ලීලා රාජ් විය. වයස අවුරුදු 10 ක් වත්ම ක්‍රීඩාවෙහි නියැලීම ඇරඹූ මිතාලි, වයස වසර 17 ක් වක්ම ඉන්දියානු කණ්ඩායමට තෝරා ගනු ලැබුවාය. ඇයගේ එදිජා මංගලාවතරණ, 1999 වසරෙහිදී මිල්ටන් කේන්ස් හිදී අයර්ලන්තයට එරෙහිව සිදු විය. ඇය ජීවත් වන්නේ හයිද්රබාදයෙහි, තෙලන්ගනහීය.[3] ඇයගේ පාසැල් සමයෙහිදී හයිද්රබාදයෙහි, ශාන්ත ජෝන්ස් පාසැලෙහි ක්‍රිකට් පුහුණුව සඳහා ඇය සහභාගි වූයේ ඇයගේ වැඩිමහළු සෙහොයුරා සමගය. මිතාලි, සිකැන්ද්රබාද් හී, කීස් කාන්තා උසස් පාසැලෙහි ක්‍රීඩා පුහුණුවෙහි යෙදුණු අතර, බොහෝ විට පුහුණු පරිශ්‍රයෙහි පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයින් හා තරග වැදුණි.[4][5][6] ඇය වසර අටක් පුරාවට සම්භාව්‍ය නැටුම් පුහුණු වූ අතර [7][8] ඇයගේ ක්‍රිකට් අභිවෘත්තිය නොනැවති කරගෙන යෑම සඳහා නැටුම් වෙතින් ඉවත් විය.[9]
ඉන්දියාවෙහි කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන්, ටෙස්ට් සහ එක් දින ජාත්‍යන්තර යන අංශ දෙකෙහිම රාජ් විසින් ක්‍රීඩා කර ඇත. ඇයගේ එක් දින ජාත්‍යන්තර මංගලාවතරණය 1999 වසරෙහිදී අයර්ලන්තයට එරෙහිව මිල්ටන් කේන්ස් හිදී සිදුවූ අතර එහිදී ඇය නොදැවී ලකුණු 114 ක් රැස් කළාය. 2001-02 කාල සීමාවෙහිදී ලක්නව් හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඇයගේ ටෙස්ට් මංගලාවතරණය සිදු විය. 2002 අගෝස්තු 17 දිනදී, වයස 19 වත්ම, ඇයගේ තෙවන ටෙස්ට් තරගයෙහිදී, ලෝකයෙහි ඉහළතම පුද්ගලික ටෙස්ට් ලකුණු රැස් කිරීම වූ කැරන් රෝල්ටන්ගේ ලකුණු 209* වාර්තාව ඇය විසින් බිඳ දැමුවේ නවතම ඉහළ ලකුණු සංඛ්‍යාවක් වූ ලකුණු 214[10] ටෝන්ටන්හි, කවුන්ටි ක්‍රීඩා පිටියෙහිදී එංගලන්තයට එරෙහිව පැවති දෙවන සහ අවසාන ටෙස්ට් තරගයෙහිදී රැස් කර ගනිමිනි. පකිස්තානයෙහි කිරන් බාලුක් විසින් මෙම වාර්තාව 2004 මාර්තු මාසයෙහිදී බිඳ දමන ලද්දේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 242 රැස් කර ගනිමිනි.[11]
2002 වසරෙහි ක්‍රික්ඉන්ෆෝ කාන්තා ලෝක කුසලාන තරගාවලියෙහිදී, ටයිෆොයිඩ් මාදිළියක් වැළඳීම නිසා මිතාලි රෝගී වු අතර ඉන්දියාවෙහි ප්‍රගතිය බරපතල ලෙසින් අවහිර විය. කෙසේවෙතත්, දකුණු අප්‍රිකාවෙහිදී ඔවුන්ගේ පළමු ලෝක කුසලාන අවසන් තරගය වෙතට 2005 වසරෙහිදී ඇය විසින් කණ්ඩායම මෙහෙයවූ නමුදු, ප්රතිමල්ලව ඕස්ට්‍රේලියාව ප්‍රබලත්වයෙන් වැඩි බව අවබෝධ විය. 2006 අගෝස්තුවෙහිදී, ඔවුන්ගේ පළමු ටෙස්ට් සහ තරගමාලා ජයග්‍රහණය වෙත එංගලන්තයෙහිදී ඇය විසින් කණ්ඩායම මෙහෙයවූ අතර වසර කෙළවරදී ආසියානු කුසලාන දිනා ගත්තේ - මාස 12 ක් ඇතුළත දෙවන වරට - එකදු තරගයක් හෝ පරාජය නොවෙමිනි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.