පාකිස්ථානය
දකුණු ආසියාවේ පිහිටි රටක් From Wikipedia, the free encyclopedia
Remove ads
පාකිස්ථානය යනු දකුණු ආසියාතික රටකි. අරාබි මුහුදින් සහ ඕමාන බොක්කෙන් මායිම්වූ කිලෝමීටර් 1,046ක මුහුදු සීමාවක් සහිත පාකිස්ථානය බටහිරින් ඇෆ්ගනිස්ථානයෙන් සහ ඉරානයෙන් ද, නැගෙනහිරින් භාරතයෙන් ද, ඊසාන දිගින් චීනයෙන් ද මායිම් වෙයි. මේ අනුව මෙය පිහිටා ඇත්තේ දකුණු ආසියාව, මධ්‍යම ආසියාව සහ මැද පෙරදිග යාකරන තැනකයි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ද පදනම් වී තිබුණේ මෙම වත්මන් පාකිස්ථාන භූමිය තුළයි. වෛදික, පර්සියානු, ඉන්දු-ග්‍රීක, ඉස්ලාම්, තුර්කි-මොන්ගෝලියානු සංස්කෘතිවලින් ආභාෂය ලැබුණු පාකිස්ථානය ඉතිහාසයේදී ඉන්දු-ආර්ය, පර්සියානු, ග්‍රීක, අරාබි, තුර්කි, ඇෆ්ගන්, මොන්ගෝල්, සහ බ්‍රිතාන්‍ය ආක්‍රමණවලට මුහුණ දී ඇත.
ඉන්දීය නිදහස් අරගලය නිදහස් ඉන්දියාවකට මං සොයද්දී, පාකිස්ථාන ව්‍යාපාරය බ්‍රිතාන්‍ය ඉන්දියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශවල විසූ මුස්ලිම් බහුතරය සඳහා නිදහස් රාජ්‍ය ලබාගැනීමට වෙහෙසුණි. බ්‍රිතාන්‍යයෝ ඉන්දියාවට නිදහස දෙනවාත් සමගම සින්ද්, වයඹ පෙරමුණු ප්‍රාන්තය, බටහිර පන්ජාබය, බලුකිස්තානය සහ නැගෙනහිර බෙන්ගාලය එක් කොට මුස්ලිම් බහුතරයක් සහිත පාකිස්ථානය වෙන් කළහ. 1956 දී ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථාවත් සමග පාකිස්ථානය ඉස්ලාම් ජනරජයක් බවට පත්විය. 1971 දී ඇතිවුණු සිවිල් යුද්ධයෙන් අනතුරුව නැගෙනහිර පාකිස්ථානය බංගලාදේශය නමින් වෙනම රාජ්‍යයක් බවට පත්විය.
පළාත් හතරකින් සහ ෆෙඩරල් ප්‍රාන්ත හතරකින් සමන්විත පාකිස්ථානය ෆෙඩරල් පාර්ලිමේන්තු ජනරජයකි. එහි ඉතිහාසය පුරා හමුදා පාලනය, දේශපාලන අස්ථාවරත්වය සහ අසල්වැසි ඉන්දියාව සමග අරගල දැකිය හැකිවෙයි. එය ලොව සය වැනියට වැඩිම ජනගහණය සහිත රටවන අතර ඉන්දුනීසියාවට පසුව වැඩිම මුස්ලිම් ජනගහණයක් ජීවත් වන රට ද වෙයි. ෂියා මුස්ලිම් ජනගහණය අතින් ද ලොව දෙවැනි තැන පාකිස්ථානයට හිමිවෙයි. එය මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් අතරින් එකම න්‍යෂ්ටික අවි බලය සහිත රට වන අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම මිත්‍ර රටක් ලෙස නම් දරයි.පකිස්ථානය ඉස්ලාම් සමුළු සංගමයේ නිර්මාතෘ වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදු රාජ්‍ය මණ්ඩලය, නෙන්ස් ඉලෙවන් G 20 සංවර්ධනය වන රාජ්‍යයන්හි සාමාජිකයෙකි.
Remove ads
ආශ්‍රිත
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads