ලෝක පුදුම
ලෝකයේ වඩාත් අශ්චර්යමත් ස්වභාවික හා මිනිසා නිමවූ නිර්මාණ / From Wikipedia, the free encyclopedia
ලෝකයේ විශ්මය ජනක ස්වාභාවික අරුමයන් සහ මිනිසා විසින් සාදන ලද ව්‍යුහයන් ලැයිස්තුගත කිරීම සඳහා පුරාණ කාලයේ සිට වර්තමානය දක්වා විවිධ ලෝක පුදුම ලැයිස්තු සම්පාදනය කර ඇත.
පුරාතන ලෝකයේ පුදුම හත (ඉංග්‍රීසි: Seven Wonders of the Ancient World) මේ ආකාරයේ පළමුවැන්න වේ. එයට පදනම් වී ඇත්තේ පුරාතන ග්‍රීක සංචාරකයන් හට වූ මාර්ගෝපදේශ පොත් වන අතර ඇතුලත් වන්නේ මධ්‍යධරණි මායිම වටා සහ මෙසපොතේමියාවේ පිහිටි කෘති පමණි.
ලෝක පුදුම ගණන හතකට (7) සීමා වී ඇත්තේ, හත ඉලක්කම පරිපූර්ණත්වය සහ බහුලත්වය නියෝජනය කරන බව ග්‍රීකයන් විශ්වාස කළ නිසා සහ එකල දැනුමට අනුව ග්ර්හලෝක සංඛ්‍යාව වන පහ (5) සහ හිරු, සඳු දෙකේ එකතුව ද වන නිසාය.[1] මීට අමතරව තවත් මෙවැනි ලැයිස්තු බොහෝ ගණනක් සකස් කොට ඇත.