ශ්‍රී ලංකා කොටියා
From Wikipedia, the free encyclopedia
කොටියා හෝ දෙමළ ඊළාම් විමුක්ති කොටි සමග වරදවා වටහා ගැනීමෙන් වළකින්න.
ශ්‍රී ලංකීය කොටියා (Panthera pardus kotiya) ශ්‍රී ලංකාවට ආවේණික කොටි උප විශේෂයකි. මොවුන් ව පළමු වරට විස්තර කර ඇත්තේ ශ්‍රී ලංකීය සත්ව විද්‍යාඥයකු වන පී. එඩ්වඩ් පිරිස් දැරණියගල විසින් ය.[1]
Quick Facts ශ්‍රී ලංකා කොටියා, සංරක්ෂණ තත්ත්වය ...
ශ්‍රී ලංකා කොටියා | |
---|---|
විල්පත්තු වනෝද්‍යානය තුල වසන කොටියෙක් | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | ඇනිමේලියා |
වංශය: | කෝර්ඩේටා |
වර්ගය: | මැමේලියා |
ගෝත්‍රය: | කානිවෝරා |
කුලය: | ෆෙලිඩේ |
ගණය: | පැන්තෙරා |
විශේෂය: | පැන්තෙරා පාඩුස් |
උපවිශේෂය: | පැන්තෙරා පාඩුස් කොටියා |
ද්වීපද නාමය | |
Panthera pardus kotiya | |
ශ්‍රී ලංකා කොටිනිගේ ව්‍යාප්තිය |
Close
2020 වර්ෂයේ සිට මොවුන් වඳවීයාමේ අවධානමට ලක්වූ සත්ව කොට්ඨාශක් ලෙස IUCN රතු දත්ත පොතට අනුව වර්ගීකරණය කර ඇත. 2020 වර්ෂය වනවිට වනාන්තර තුළ නිදැල්ලේ වෙසෙන කොටි ජනගහනය 800 ටත් අඩු බව අනුමාන කෙරේ.[2] විල්පත්තු ජාතික වනෝද්‍යානය තුල බහුල වශයෙන් කොටි දැකගත හැකිය.