සී.එම්. පන්ක්
ඇමරිකාවේ වෘතීමය මල්ලවපොර ක්‍රීඩකයෙක් හා සහ මිශ්‍ර සටන් ශිල්පියෙක් / From Wikipedia, the free encyclopedia
ෆිලිප් ජැක් "ෆිල්" බෲක්ස්[1] (Phillip Jack "Phil" Brooks) (උපත 1978 ඔක්තෝම්බර් 26),[2] වඩා හොදින් හදුනන්නේ සී.එම්. පන්ක් (CM Punk) යන නමිනි. මොහු ඇමරිකාවේ මිශ්‍ර සටන් ශිල්පියෙකු, කොමික් පොත් රචකයෙකු, නළුවකු සහ හිටපු වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩකයෙකු වේ. මොහුව වඩාත්ම හොදින් හඳුනන්නේ WWE ආයතනයේ මල්ලවපොර ක්‍රීඩකයෙකු ලෙසයි. එහි නව යුගයේ WWE ශූරතාව (WWE Championship) වැඩිම කාලයක් රදවාගෙන සිටි ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වේ. එම වාර්තාව පිහිටුවන ලද්දේ 2011 නොවැම්බර් 20 සිට 2013 ජනවාරි 27 දක්වා දින 434 ක කාලයක් WWE ශූරතාව රදවාගනිමිනි. එය සෑම කාලයකදීම ගතහොත් හයවන දීර්ගතම කාලයයි.[10][11]
සී.එම්. පන්ක් | |
---|---|
නම | ෆිලිප් ජැක් බෲක්ස්[1] |
උපත | ඔක්තෝබර් 26, 1978 (1978-10-26) (වයස 45) චිකාගෝ, ඉලිනොයි, ඇ.එ.ජ.[2] |
පදිංචිව සිටින නගරය | චිකාගෝ, ඉලිනොයි, ඇ.එ.ජ. මිල්වෞකි, විස්කොන්සින්, ඇ.එ.ජ. |
විවාහකයා(න්) | ඒ.ජේ ලී (වි. 2014) |
වෘත්තීමය මල්ලවපොර ක්‍රියාකාරිත්වය | |
භාවිත නාමය(න්) | සී.එම්. පන්ක් |
උස | අඩි 6 අගල් 2 (මීටර් 1.88)[3] |
බර | රාත්තල් 218 (කිලෝග්‍රෑම් 99)[3] |
හැදීවැඩුණු නගරය | චිකාගෝ, ඉලිනොයි[3] |
පුහුණුකරුවන් | ඒස් ස්ටීල්[4] ඩැනී ඩොමිනියන්[5] කෙවින් කුයින්[5] ඩේව් ටේලර්[6] ෆිට් ෆින්ලේ[6] විලියම් රීගල්[6] |
ආරම්භය | 1999[7] |
විශ්‍රාම ලද්දේ | 2014 ජනවාරි 26[8][9] |
වෙබ් අඩවිය | |
CMPunk.com |
පන්ක් ඔහුගේ අවුරුදු 15 ක වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩා කාලය තුළ ලෝක ශූරතා කිහිපයක්ම දිනා ඇත. ROH ලෝක ශූරතාව (ROH World Championship) සහ ECW ලෝක ශූරතාව (ECW World Championship) ද වරක් බැගින් ඇතුලත්ව, WWE ආයතනයේ ලෝක හෙවිවේට් ශූරතාව (World Heavyweight Championship) තුන් වරක්ද, WWE ශූරතාව දෙවරක්ද දිනා ඇත. ලෝක ටැග් ටීම් ශූරතාව (World Tag Team Championship) (කොෆී කිංග්ස්ටන් සමග) හා WWE ඉන්ටර්කොන්ටිනෙන්ටල් ශූරතාව (WWE Intercontinental Championship) දිනාගනිමින් 19 වන WWE ත්‍රිපල් ක්‍රවුන් චැම්පියන් (Triple Crown Champion) හෙවත් ත්‍රිත්ව කුසලාන ශූරයා බවට පත්විය. එය දින 203 කදී[12] සම්පුර්ණ කල අතර එය සම්පුර්ණ කල වේගවත්ම ක්‍රීඩකයා බවට ඉතිහාසගත වේ. ඔහු ROH ටැග් ටීම් ශූරතාව (ROH Tag Team Championship) දෙවරක් දිනා ගැනීමට සමත් විය (කෝල්ට් කැබානා සමග). ඔහු දිනා ඇති මුළු ශූරතා ගණන 11 කි. ඔහු 2008 හා 2009 මනී ඉන් ද බෑන්ක් (Money in the Bank) තරග ජයග්‍රහණය කර ඇත (එය දෙවතාවක් දිනු එකම ක්‍රීඩකයා වේ).[13] එමෙන්ම WWE ආයතනයේ 2011 වසරේ පැවති ස්ලැමි සම්මාන (Slammy Award) උළෙලේදී වසරේ හොදම මල්ලවපොර ක්‍රීඩකයා (වසරේ සුපිරි තරුව) (Superstar of the Year) බවට පත්විය.[14]
පන්ක් තම වෘතීමය මල්ලවපොර ජිවිතයේ කෙටි කලකදී ස්වාධීන මාණ්ඩලික ප්‍රවර්ධන ශිල්පියෙකු බවට පත්වේ. මුලින්ම ඔහු රින්ග් ඔෆ් ඔනර් (Ring of Honor (ROH)) ක්‍රීඩකයන් ලැයිස්තුවේ සාමාජිකයෙකු බවට පත් විය. එමෙන්ම ROH රෙස්ලින් පුහුණු පාසලේ (ROH Wrestling Academy) ප්‍රථම ප්‍රධාන පුහුණුකරු බවට පත් විය. ඒ ඔහු ROH හි තරග වදින කාලයේදීමය. පන්ක් එම ආයතනයේ ඇති ශූරතා දෙකම දිනාගැනීමට සමත් විය. 2005 වසරේදී ඔහු WWE ආයතනය හා එක්වන අතර එහිදී ඔහුව ආයතනයේ ප්‍රවර්ධන කටයුත්තක් සදහා ඔහියෝ වැලි රෙස්ලින් (Ohio Valley Wrestling (OVW)) ආයතනයට සම්බන්ධ කරන ලදී. එහිදී ඔහු ඔහියෝ වැලි රෙස්ලින් ආයතනයේ ඇති සියලුම මල්ලවපොර ශූරතා ද දිනාගැනීමට සමත් විය. 2006 ජුනි 24 දින ඔහු තම මංගල රුපවාහිනී දැක්ම ඉදිරිපත් කළේය, ඒ ECW හි (එකල පැවති WWE ආයතනයේ එක් අංගයක්) තම කුසලතා දක්වමින්ය. මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි බාවිතා නොකිරීම නිසා ඔහු Straight Edge කෙනෙකු වේ.[5][n 1] මල්ලවපොර තරග තුලදී ඔහුගේ චරිතය හොද (hero) හෝ නරක (villain) වුවත් ප්‍රේක්ෂකාගාරයේ සිටින ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර එකලෙස ලබාගැනීමට හා ඔවුන් ප්‍රබෝධමත්ව තබාගැනීමට ඔහු සමත්කම් දක්වයි.[5] ඔහු මල්ලවපොර ක්‍රීඩකයන් කිහිප දෙනෙකුවම පුහුණු කර තිබේ.[15]