From Wikipedia, the free encyclopedia
1 වසර (I) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර (මූලාශ්‍ර විවිධ ස්වරූප ගනියි, වැඩිපුර විස්තර සඳහා අධික අවුරුදු දෝෂය බලන්න) සෙනසුරාදා දිනයකින් හෝ ඉරිදා දිනයකින් හෝ ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වයි) වූ අතර ප්‍රලම්බිත ජූලියන් දින දර්ශනය ප්‍රකාර සෙනසුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් විය. ප්‍රලම්බිත ග්‍රෙගෝරියානු දින දසුන් ක්රමයෙහි, එය සඳුදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් විය. එකල එය හැඳින්වුනේ, සීසර්ගේ සහ පවුලුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 754 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 1 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය. ක්‍රිස්තියානි/පොදු යුගයේ පළමු වසර එය විය. පුළුල් ලෙස භාවිතා වූ ජූලියානු දින දසුනෙහි එයට පෙර වසර ක්‍රිපූ 1 වූයේ, එහි "ශුන්‍යය වසරක්" නොතිබූ බැවිනි.
සහශ්‍රවර්ෂය: | 1 වන සහස්‍රවර්ෂය |
---|---|
සියවස්: | ක්‍රිපූ 1 වන සියවස – 1 වන සියවස – 2 වන සියවස |
දශක: | ක්‍රිපූ 20ගණන් ක්‍රිපූ 10ගණන් ක්‍රිපූ 0ගණන් – 0ගණන් – 10ගණන් 20ගණන් 30ගණන් |
වසර: | ක්‍රිපූ 3 ක්‍රිපූ 2 ක්‍රිපූ 1 – ක්‍රිව 1 – ක්‍රිව 2 ක්‍රිව 3 ක්‍රිව 4 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.