2007 ක්‍රිකට් ලෝක කුසලානය
ක්‍රිකට් තරඟාවලිය / From Wikipedia, the free encyclopedia
2007 ICC ක්‍රිකට් ලෝක කුසලානය 2007 මාර්තු 13 සිට අප්‍රේල් 28 දක්වා බටහිර ඉන්දීය කොදෙව්හි පැවති එක්දින ජාත්‍යන්තර (එදිජා) ක්‍රිකට් තරඟාවලිය වන නවවන ක්‍රිකට් ලෝක කුසලානයයි. තරඟ 51 ක් ක්‍රීඩා කර ඇති අතර, 2003 ලෝක කුසලානයට වඩා (කණ්ඩායම් දෙකක් වැඩිපුර තිබියදීත්) තරඟ තුනක් අඩුවෙන් ක්‍රීඩා කර ඇත.
2007 අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය | |
---|---|
කාලය | මාර්තු 13 – අප්‍රේල් 28 |
පරිපාලක(යෝ) | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් සහ නොකවුට් |
සත්කාරකත්වය | බටහිර ඉන්දීය කොදෙව් |
ශූරයන් | ඕස්ට්‍රේලියාව (4 වන වරට) |
අනුශූරයන් | ශ්‍රී ලංකාව |
සහභාගීත්වය | 16 (ඇතුළුවන්නන් 97 කින්) |
තරඟ | 51 |
පැමිණීම | 672,000 (එක් තරගයකට 13,176 ) |
තරඟාවලියේ වීරයා | ග්ලෙන් මැග්‍රාත් |
වැඩිම ලකුණු | මැතිව් හේඩ්න් (659) |
වැඩිම කඩුලු | ග්ලෙන් මැග්‍රාත් (26) |
← 2003 2011 → |
තරඟ වදින කණ්ඩායම් 16 මුලින් කාණ්ඩ හතරකට බෙදා ඇති අතර, සෑම කාණ්ඩයකින්ම හොඳම දක්ෂතා දක්වන කණ්ඩායම් දෙක "සුපිරි 8" ආකෘතියකට මාරු විය. මෙයින් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටය දක්වා ජයග්‍රහණය කළ අතර, ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව පරදවා පිට පිට තුන්වන ලෝක කුසලානය සහ සමස්ත 4වන ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය. තරඟාවලියේ ඕස්ට්‍රේලියාවේ අපරාජිත වාර්තාව ඔවුන්ගේ අඛණ්ඩව ලෝක කුසලාන තරඟ 29 දක්වා වැඩිකර ගත්තේ පරාජයකින් තොරවය. තරඟාවලියට පෙර තරඟාවලියේ ප්‍රියතමයන් වූ ඉන්දියාව සහ පකිස්ථානය කාණ්ඩ වටය පසු කිරීමට අපොහොසත් වීමත් සමඟ තරඟාවලිය උඩු යටිකුරු සහ විස්මිත ප්‍රතිඵල අත්කර ගත් අතර, එවකට පහලම ICC පූර්ණ සාමාජිකයා වූ බංග්ලාදේශය සහ මංගල ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා කරන ICC සහකාර සාමාජික අයර්ලන්තය "සුපිරි 8" දක්වා, පිළිවෙලින් ඉන්දියාව සහ පකිස්තානය පරාජය කරමින් පැමිනියේය. අයර්ලන්තය ක්‍රිකට් ලෝක කුසලානයක පළමු වටය පසු කළ දෙවන සහකාර රට බවට පත් වූ අතර පළමු රට වූයේ 2003 දී කෙන්යාවයි.
පාකිස්තානය ඉවත්වූ දිනට පසු දින පාකිස්තාන පුහුණුකරු බොබ් වූල්මර් මිය ගියේය. පසුදින පොලිසිය මෙම මරණය සැක සහිත බව ප්‍රකාශ කළ අතර පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කළේය.[1][2] මාස අටකට පසු, විවෘත තීන්දුවක් ආපසු ලැබුණි.[3]
තරඟාවලියෙන් පසුව ICC විසින් එහි සාමාජිකයින්ට ඇමරිකානු ඩොලර් මිලියන 239 ක අතිරික්ත තරඟාවලියේ ආදායම බෙදා දෙන ලදී.[4]