ඕස්ට්‍රේලියාව

From Wikipedia, the free encyclopedia

ඕස්ට්‍රේලියාව
Remove ads

ඕස්ට්‍රේලියාව පෘථිවියේ දකුණු අර්ධගෝලයේ පිහිටි රටකි. මෙය ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ ප්‍රධාන බිම් කොටසින් ද, ටැස්මේනියා දූපතෙන් ද, ඉන්දියන් සහ පැසිෆික් සාගරවල පිහිටි කුඩා දූපත් රාශියකින් ද යුක්ත වෙයි. මෙය ඕෂනියා කලාපයේ විශාලතම රට මෙන්ම භූමි ප්‍රමාණය අතින් ලොකයේ හයවැනි විශාලකම රටයි. මෙය ඕස්ට්‍රේලියාවට උතුරින් පිහිටි ඉන්දුනීසියාව, නැගෙනහිර ටිමෝරය සහ පැපුවා නව ගිනියාව ද, ඊසානදිගින් පිහිටි සොලමන් දූපත්, වනාටු සහ නව කැලඩෝනියාව ද, නිරිතදිගින් පිහිටි නවසීලන්තය ද ඕස්ට්‍රේලියාවේ අසල්වැසියන් වෙයි.

Quick facts ඕස්ට්‍රේලියා පොදුරාජ්‍යමණ්ඩලීය රාජ්‍යය, අගනුවර ...
Thumb
Aboriginal rock art in the Kimberley region of Western Australia

18 වැනි සියවසේදී යුරෝපීයයන් පැමිණ පදිංචි වීමට අවුරුදු 40,000කට පමණ පෙර සිට ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් ජීවත් වී ඇති බවට සාක්ෂි ඇත[8]. 1606 දී ඕලන්ද දේශ ගවේෂකයන් විසින් ඕස්ට්‍රේලියාව සොයා ගැනුණු අතර 1770 දී බ්‍රිතාන්‍යයන් විසින් දූපතේ නැගෙනහිර භාගය අත්පත් කරගන්නා ලදී. මුලින්ම මෙහි ජනාවාසයක් ලෙස පිහිටවනු ලැබුවේ 1788 දී එම රටවලින් පිටුවහල් කරන ලද වරදකරුවන් පදිංචි වූ නව දකුණු වේල්සයේ[9]. ඉන්පසුව එළඹුණු දශක කිහිපය තුළ රටේ ජනගහණය ක්‍රමයෙන් වැඩුණු අතර රටේ ඉතිරි කොටස් ද ගවේෂණය කෙරිණි.

අද වන විට ඕස්ට්‍රේලියාවේ ජනගහණය මිලියන 23 ක් [10] පමණ වේ. මෙයින් 60%ක්ම ජනතාව සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන්, පර්ත් සහ ඇඩිලේඩ් යන රටේ ප්‍රධාන ජනපදවල අගනගරවල ජීවත් වෙති. රටේ අගනුවර කැන්බරා වේ. සෞභාග්‍යවත් රටක් ලෙස නම් දරා ඇති ඕස්ට්‍රේලියාව මානව සංවර්ධනය, ජීවන තත්වය, ආයු අපේක්ෂාව, අධ්‍යාපනය, ආර්ථික නිදහස, දේශපාලන නිදහස වැනි පැතිවලින් ලොව ඉහළම තැනක පවතියි.[11]. ඕස්ට්‍රේලියාව සෞඛ්‍යමත් සංවර්ධිත රටකි. එය බහු සංස්කෘතික සමාජයන්ගෙන් යුක්තය. විවිධ අන්තර්ජාතික සංසන්දනයන් අතර ඉහළින් සිටි. එයින් සමහරක් නම් මානව සංවර්ධනය ජීවන මට්ටම සෞඛ්‍යය, ආයුකාලය, පොදු අධ්‍යාපනය, ආර්ථික නිදහස සහ සිවිල් අයිතින් හා දේශපාලන අයිතීන් සුරක්ෂිතභාවයයි. ජිවන මට්ටම සහ සංස්කෘතිමය පිරිනැමීම් අතරින් ඕස්ට්‍රේලියානු නගර ලෝකයේ ඉහළින් ම සටහන් කර ඇත. එය එක්සත් ජාතින්ගේ සංවිධානය, G20, පොදු රාජ්‍ය මණ්ඩලය, ANUS, අාර්ථික සහයේගීතාව හා සංවර්ධනිය පිළිබද සංගමය හෙවත් OECD, ආසියා පැසිෆික් ආර්ථික සහයොගීතාවය හෙවත් ඇපෙක්, දකුණු ෆැසිපික් සැසිය සහ ලෝක වෙළෙඳ සංගමය තුළ සාමාජිකත්වය දරයි.

Remove ads

ජාතික කොඩිය

Thumb
ඕස්ට්‍රේලියානු ජාතික කොඩිය

ඕස්ට්‍රේලියානු ජාතික කොඩිය මුල්ම වරට එරට ගුවනේ ලෙළදෙනු ලැබුවේ, 1901 සැප්තැම්බර් 3 වන දින මෙල්බර්න් නුවරදීයි.

මෙම ඕස්ට්‍රේලියානු ජාතික ධජය තෝරා ගැනීම වෙනුවෙන් එරට පැවැත්වූ නිර්මාණ තරඟයට, එකල තරඟකරුවන් 32,823 දෙනෙක් සහභාගී වූ බවත්, ඔවුන් විසින් ඉදිරිපත් කල ජාතික ධජ ආකෘතියන්ගෙන්, මෙම ධජ ආකෘතිය තෝරා ගත් බවත් පැවසෙයි.

සංකේතයන්

කොඩියෙහි දකුණුපස වූ තාරකාවන්ගෙන්, දක්ෂිණ අර්ධගෝලයේ දී දැකිය හැකි දකුණු කුරුසිය තාරුකා මණ්ඩලය සංකේතවත් වෙයි. මෙම තාරුකා පහ, දීප්තිමත්භාවෙය් පිළිවෙලට ග්‍රීක හෝඩියේ ම්ල් අකුරු පහෙන් හදුන්වයි. විශාල පොදුරාජ්‍ය මණ්ඩලීය තාරකාවෙන්, එරට කලාපීය ආණ්ඩූන්ගේ ඒකාබද්ධතාවය නිරූපණය කරයි.

Remove ads

රාජ්‍ය ලාංඡනය

Thumb
ඕස්ට්‍රේලියානු රාජ්‍ය ලාංඡනය

වර්ථමානයේ භාවිතා වන ඕස්ට්‍රේලියානු රාජ්‍ය ලාංඡනය, 1912 පස්වන ජෝර්ජ් රජ විසින් භාවිතා කරනු ලැබූවකි.

සංකේතයන්

ලාංඡනයෙහි අන්තර්ගත වන පළිහේ දැක්වෙන ධජ හයෙන්, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ආණ්ඩු කලාප 6 සහ ඒවායේ ඒකාබද්ධතාවය නිරූපනය වෙයි.

මීට අමතරව ලාංඡනය තුල දැක්වෙන රන් ශාකය, කැන්ගරු සහ එමූ පක්ෂියා, එරට ප්‍රධාන ජාතික සංකේත නියෝජනය කරයි.

  • රන් ශාකය - Acacia pycnantha Benth (ඕස්ට්‍රේලියානු ජාතික ශාකය, 1988 පටන්)
  • කැන්ගරු - ඕස්ට්‍රේලියානු ජාතික සත්වයා.
  • එමූ පක්ෂියා - ඕස්ට්‍රේලියානු ජාතික පක්ෂියා.
Remove ads

ජාතික දිනය සහ ජාතික වර්ණ

1788 සිඩ්නි වරායේදී බ්‍රිතාන්‍ය ජාතික ධජය පහළ හෙලීමේ සිදුවීම සිහිකරමින්, සෑම වසරකම ජනවාරි 26 වන දින එරට ජාතික දිනය ලෙස සමරනු ලැබේ.

ඕස්ට්‍රේලියානු ජාතික වර්ණයන් ලෙස කොල සහ රන් පැහැය, 1984 වර්ෂයේ අප්‍රියෙල් 19 වනදා සිට පිළි ගැනෙයි.

මූලාශ්‍ර

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads