එක්සත් රාජධානිය
From Wikipedia, the free encyclopedia
Remove ads
කට වහරේ එක්සත් රාජධානිය හැදින්වෙන මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය යනු යුරෝපයට අයත් මහා බ්‍රිතාන්‍ය දූපත හා අයර්ලන්ත දූපතේ උතුරු කොටස ආවරණය කෙරෙන රටකි. මෙයට එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය හා උතුරු අයර්ලන්තය යන රටවල් ද මෑන් දූපත් හා චැනල් දූපත් ද අයත් වේ. අගනුවර: ලන්ඩනය. රජ බස: ඉංග්‍රීසි. ව.කි.මි. 244,129ක් තරම් මෙම රටෙහි 1991 වසරේ දී ජනයා 55,700,000ක් විසූහ.
රාජ්‍ය පාලනය සිදුවන්නේ ලන්ඩන් නගරය කේන්ද්‍ර කරගත් පාර්ලිමේන්තු පද්ධතියක් මගින් වන නමුත් පිළිවෙලින් උතුරු අයර්ලන්තයේ, වේල්සයේ සහ ස්කොට්ලන්තයේ අගනගර වන බෙල්ෆාස්ට්, කාර්ඩිෆ් සහ එඩින්බර්ග් යන නගර සඳහා ද බලය විමධ්‍යගත කර තිබේ. ලොව විශාලතම අධිරාජ්‍යය යැයි සැලකෙන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ උච්චතම අවස්ථාව වන 1922 දී පෘථිවි භූමියෙන් හතරෙන් එකක් පමණ එයට අයිතිව තිබූ අතර මෙයින් 14ක් පමණ දැනට ද ඉතිරිව පවතී. මෙම යටත්විජිතවල භාෂාව, සංස්කෘතිය සහ නීති පද්ධතිය යන අංශවලට බ්‍රිතාන්‍ය ආභාෂය බලපා ඇත.
එක්සත් රාජධානිය සංවර්ධිත රටක් වන අතර එය දළ ජාතික නිෂ්පාදිතය අතින් ලොව හයවැනියට විශාලතම ආර්ථිකයට හිමිකම් කියයි. මෙය ලොව මුලින්ම කාර්මීකරණය වූ රට මෙන් ම 19 ශතවර්ෂයේ හා 20 වන ශතවර්ෂයේ මුල් භාගයේදී ලොව අංක එකේ බලවතා ලෙසද විරුදාවලි ලබා තිබුණි. නමුත් ලෝක යුද්ධ දෙකේ දී සිදුවූ අලාභ හානි සහ 20 වැනි සියවස අගභාගයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කඩාවැටීමත් සමග එක්සත් රාජධානියේ ගෝලීය බලපෑම අඩු විය.
අගනුවර සහ විශාලතම නරගය | ලන්ඩනය - 51 0 301 N00 7 1w |
රාජ්‍ය භාෂාව | ඉංග්‍රීසි |
පිළිගන් ප්‍රාදේශීය භාෂා | අයිර්ෂ් අල්ස්ටර්, ස්කොට් ස්කොටිෂ්, ගේලික් ස්කොට්, වෙල්ෂ් කොර්නිෂ් |
ජන වර්ග ( 2001 - එ.රාජධානි ජන වර්ග ලැයිස්තුව ) | 92.1% සුදු |
රාජ්‍යය | පාර්ලිමේන්තු ප්රජාතන්ත්රය, ව්‍යවස්ථාමය රාජාණ්ඩුව, එක්සත් ජනපදය |
රජු | තෙවන චාල්ස් රජ |
අගමැති | කියර් ස්ටාමර් |
ව්‍යවස්ථාදායකය | පාර්ලිමේන්තුව |
බලය පවත්නා පක්ෂය | |
විපක්ෂය | a |
සැකැස්ම | a |
EU රාජ්‍යයටපැමිණිම | 01 ජනවාරි 1973 |
වර්ග ප්‍රමාණය | එකතුව 243,610 Km2 / 94,060 Sq mi |
ජලය (%) | 1ත34 |
ජන ගහණය | 2010 තක්සේරැව - 62,041, 708 |
2001 ජන සංඛ්‍යාංකය | 58,789, 194 |
ඝණත්වය | 254.8 Km2 / 659.6/ Sq mi |
GDP (ppp) | 2009 තක්සේරැව |
එකතුව | $ 2.165 ට්‍රිලියනය |
ඒක පුද්ගල ආදායම | $ 35, 400 |
GDP (සාමාන්‍ය) | 2009 තක්සේරැව |
එකතුව | $ 2.198 ට්‍රිලියන |
ඒක පුද්ගල ආදායම | $ 36,000 |
HDF (2007) | 0.947 ( ඉතා ඉහළ) |
එක්සත් රාජධානිය වයඹ යුරොපානු මහද්වීපයේ පිහිටි රාජකීය රාජ්‍යකි. මෙය රාජ්‍යයක් වන අතර මහා බ්‍රිතාන්‍ය, ඊසාන අයර්ලන්තය සහ කුඩා දූපත් බොහොමයක් අඩංගුය. උතුරැ අයර්ලන්තය බ්‍රිතාන්‍යය හා සම්බන්ධ එකම මායිම් කරැවා වේ. බ්‍රිතාන්‍ය අත්ලාන්තික් සාගරය, උතුරැ මුහුද ඉංග්‍රීසි ඕඩය සහ අයිරිශ් මුහුදෙන් වටවී ඇ. විශාලතම දූපත වන මහා බ්‍රිතාන්‍ය චැනල් උමග මගින් ප්‍රංශය හා යාවේ. මහා බ්‍රිතාන්‍ය ව්‍යවද්ථාදායක රාජධානිය ක්වන අතර ඒකාබද්ධ රාජ්‍යයන් 04 ක් වන එංගලන්තය උතුරැ අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්ස් අඩංගුය. පාර්ලිමේන්තු පද්ධතියකින් පාලනය වන මෙරට ආණ්ඩුපක්ෂය ලන්ඩනයේ පිහිටා ඇත. බ්‍රිතාන්‍යට විදේශ රාජ්‍යයන් 14 ක් අවශ්‍ය වේ. 1922 ලෝකයේ භූමි ප්‍රමාණයෙන් කාලයක් බ්‍රිතාන්‍ය රාජධානියට අයත් විය. වර්ථමානයේ දී බ්‍රිතාන්‍ය බලපෑම එම රටවල භාෂාව, සංස්කෘතිය හා නීති පද්ධතිය තුල දක්නට ඇත. බ්‍රිතාන්‍ය ආර්තිකය GDP සාමාන්‍ය අනුව ලොව 06 වෙනි විශාලතම ආර්ථිකයයි. එය ලොව කාර්මීකරණය වූ පළමු රටයි. මෙරට පිළිගත් න්‍යෂ්ටික බලය ඇති රාජ්‍යයක් වන අතර මෙහි සාමාජිකත්වය දරන්නේ යුරෝපානු සංගමය එක්සත් ජාතීන්ගේ රාජක්ෂක පොදු රාජ්‍ය මණ්ඩලය G8, G 20 නේටෝ OECD සහ ලෝක ආර්ථික සංගමයයි.
Remove ads
අමතර අවධානයට
- Outline of the United Kingdom
- Outline of England
- Outline of Northern Ireland
- Outline of Scotland
- Outline of Wales
- Index of United Kingdom-related articles
- International rankings of the United Kingdom
- Historiography of the United Kingdom
- Historiography of the British Empire
- United Kingdom–Crown Dependencies Customs Union
සටහන්
- "God Save the King" is the National Anthem by custom, not statute, and there is no authorised version. Only the first verse is usually sung.[1] The words King, he, him, his, used at present, are replaced by Queen, she, her when the monarch is female.
- Scots, Ulster Scots, Welsh, Cornish, Scottish Gaelic and Irish are classed as regional or minority languages under the Council of Europe's European Charter for Regional or Minority Languages.[2] These include defined obligations to promote those languages.[3] See also Languages of the United Kingdom. Welsh has limited de jure official status in Wales, as well as in the provision of national government services provided for Wales.
- Although the United Kingdom has traditionally been seen as a unitary state, an alternative description of the UK as a "union state", put forward by, among others, Vernon Bogdanor,[9] has become increasingly influential since the adoption of devolution in the 1990s.[10] A union state is considered to differ from a unitary state in that while it maintains a central authority it also recognises the authority of historic rights and infrastructures of its component parts.[11]
- The UK Government uses the ISO 8601 format, yyyy-mm-dd for machine-readable dates and times.[20] See Date and time notation in the United Kingdom.
Remove ads
මූලාශ්‍ර
භාහිර සබැඳි
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads