ත්වරණය

From Wikipedia, the free encyclopedia

Remove ads

ප්‍රවේගය වෙනස් වීමේ සීඝ්‍රතාවය ත්වරණය ලෙස භෞතික විද්‍යාවේ දී හැඳින්වේ. ඒකමාන පද්ධතියකදී නම් ත්වරණය යනු වේගය වෙනස් වීමේ සීඝ්‍රතාව ලෙස ද සැලැකිය හැකි ය. කෙසේ වෙතත් ප්‍රවේගය දෛශික රාශියක්(දිශාවක් හා විශාලත්වයක් ඇති.)බැවින් ප්‍රවේගයෙහි ප්‍රමාණාත්මක අගය මෙන් ම දිශාව ද වෙනස් වීමේ සීඝ්‍රතාවය ත්වරණයෙන් දැක්වේ. ත්වරණයෙහි ‍මාන වනුයේ (දුර)×(කාලය)-2 ය. අන්තර්ජාතික සම්මත ඒකක අනුව ත්වරණය මනින්නේ තත්පර වර්ගයට මීටර වලිනි (ms-2). ඍණ ත්වරණය නොහොත් මන්දනයෙහි ද මාන සහ ඒකක ත්වරණයෙහි මාන සහ ඒකක ම වේ.

Quick facts කොටස්, සූත්‍රකරණ ...

භෞතික විද්‍යාවේදී ප්‍රවේගයෙහි දිශාව වෙනස් වීම ද ත්වරණයක් ලෙස හැඳින්වේ. වෘත්ත චලිතයේදී වස්තුවක ප්‍රවේගයෙහි දිශාව වෙනස් වීමෙන් කේන්ද්‍රාභිසාරී ත්වරණයක් ඇති වේ.

සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවේදී නියත ස්කන්ධයක් ඇති වස්තුවක ත්වරණය එම වස්තුව මත යෙදෙන බලයට අනුලෝමව සමානුපාතික වන බව කියැවේ (නිව්ටන්ගේ දෙවැනි නියමය). වස්තුව මත යෙදෙන බලය F ද, එහි ස්කන්ධය m ද, ඇති වන ත්වරණය a ද නම්:සමීකරනය

Remove ads
Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads