බංග්ලාදේශය
දකුණු ආසියාවේ පිහිටි රටක් From Wikipedia, the free encyclopedia
Remove ads
බංග්ලාදේශය දකුණු ආසියාතික රටකි. ගිනිකොණ දෙසින් ඇති ඉතා කුඩා මියන්මාර මායිම ද, දකුණෙන් පිහිටි බෙංගාල බොක්ක ද හැරුණු විට මුළු රටම ඉන්දියාවෙන් වට වී පවතියි. ඉන්දියාවට අයිති බටහිර බෙංගාල ප්‍රාන්තය ද බංග්ලාදේශය ද සහිත ප්‍රදේශයට බෙංගාලය යැයි කියනු ලැබෙයි. මෙහි නිල භාෂාව වන බෙංගාලි බසෙන් 'බංග්ලාදේශය' යන්න 'බෙංගාල රාජ්‍යය' යන අර්ථය ලබාදෙයි.
වත්මන් බංග්ලාදේශ දේශසීමා ලකුණු වූයේ 1947 දී සිදුවුණු බෙංගාල සහ ඉන්දියානු බෙදා වෙන්කිරීම් වලදීය. මෙහිදී පාකිස්ථානය නමින් රාජ්‍යයක් ඇතිවුණු අතර එයට අයත් නැගෙනහිර පාකිස්ථාන ප්‍රදේශය වත්මන් බංග්ලාදේශය වෙයි. කෙසේ වෙතත් පසුව ඇතිවූ දේශපාලනමය සහ භාෂාමය භේද නිසාත් ආර්ථික වශයෙන් ලැබුණු කුඩම්මාගේ සැලකිලි නිසාත් 1971 දී බංග්ලාදේශ නිදහස් සටන මගින් බංග්ලාදේශය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරන ලදී. නිදහස ලැබීමෙන් පසු දුර්භික්ෂ, ස්වභාවික විපත් සහ දුගී බව මෙන්ම දේශපාලන ගැටුම් සහ හමුදා කුමන්ත්‍රණ ද බංග්ලාදේශයේ සුලභ දසුනක් විය. 1991 දී ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමෙන් පසු වාතාවරණය සන්සුන් වූ අතර ක්‍රමික ආර්ථික දියුණුවක් ඇතිවිය. අද බංග්ලාදේශය ආගමික දේශපාලන පක්ෂ තහනම් කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී, අනාගාමික (secular), ඒකීය, ව්‍යවස්ථානුකූල ජනරජයක් වෙයි.
Remove ads
රාජ්‍ය සහ දේශපාලනය
බංගලාදේශය 1971 නව රාජ්‍යයක් ලෙස ස්ථාපිත විය. ඔවුන් නිර්මාණය කර ගත් පාර්ලිමේන්තුව සංසද් භවාන් නම් විය.
පාර්ලිමේන්තුව නිර්මාණය කරන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ලුයිස් ඩාන් විසිනි.
වෘක්ෂලතා සහ සත්වයින්
ජාතික පක්ෂියා - පොල්කිචිචා
ජාතික පළතුර - පැණි වරකා
ආර්ථිකය
භාවිතා වන මුදල් ඒකකය - ටකා
සංස්කෘතිය
බංලාදේශ ජනගහණයෙන් බහුතරය මුස්ලිමි ජාතිකයින්ය
බහුලවම භාවිතා වන රථය - රික්ෂෝව
මෙයද බලන්න
ඔබ දන්නවාද?
බංග්ලාදේශය තුළ පොලිතීන් භාවිතය සපුරා තහනමි බව.
මූලික ලිපිය: Outline of Bangladesh
- List of Bangladesh-related articles
බංග්ලාදේශය ගැන බොහෝ තොරතුරු ලඟදීම
- පර්වේස් හුසේන් තලුක්දාර්
විමර්ශන
බාහිර සැබැදි
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads