මානව සංවර්ධන දර්ශකය

From Wikipedia, the free encyclopedia

මානව සංවර්ධන දර්ශකය
Remove ads

මානව සංවර්ධන දර්ශකය, මාසද (ඉංග්‍රීසි:  Human Development Index, HDI) යනු ආර්ථික විද්‍යාත්මක දර්ශකයකි.

Thumb
මානව සංවර්ධන දර්ශකය අනුව ලෝක සිතියම වර්ණ ගන්වා ඇත. (2017 මාර්තු 21 ප්‍රකාශයට පත්, 2015 හා 2016 දත්ත මත පදනම්ව)
  0.900–0.949
  0.850–0.899
  0.800–0.849
  0.750–0.799
  0.700–0.749
  0.650–0.699
  0.600–0.649
  0.550–0.599
  0.500–0.549
  0.450–0.499
  0.400–0.449
  0.350–0.399
  දත්ත නොමැත
Thumb
මානව සංවර්ධන දර්ශකය මගින් රටවල් වර්ගීකරණය (2017 මාර්තු 21 ප්‍රකාශයට පත්, 2015 හා 2016  දත්ත මත පදනම්ව).
  ඉහළම 25%
  මධ්‍යන්‍යයෙන් ඉහළ
  මධ්‍යන්‍යයෙන් පහළ
  පහළම 25%
  දත්ත නොමැත

මානව සංවර්‍ධන දර්‍ශකය (මා.සං.ද) (Human Development Index) (HDI) යනු රටවල්වල ආයුෂ අපේක්ෂාව, අධ්‍යාපනය, හා ප්‍රතිශීර්ෂ ආදායම පෙන්වන දර්ශකයන් අනුව ලොව රටවල් මානව සංවර්ධන අවස්ථා හතරකට වර්ග කරන්නා වූ සංයුක්ත සංඛ්‍යානමය දර්ශකයකි. යම් රටක ආයු අපේක්ෂාව, අධ්‍යාපන මට්ටම හා ප්‍රතිශීර්ෂ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ විට රටක් මා.සං.ද. හි ඉහළ ලකුණු ලැබේ. මා.සං.ද හි නිර්මාපකයා වන්නේ පකිස්ථාන ආර්ථික විද්‍යාඥ මහබූබ්-උල්-හක් ය.

2010 මානව සංවර්ධන වාර්තාව මඟින් අසමානත්ව සැකසූ මානව සංවර්ධන දර්ශකය (අ.මා.සං.ද) ඉදිරිපත් කරන ලදී. සරල මා.සං.ද ප්‍රයෝජනවත් දර්ශකයක් වුව ද, "අ.මා.සං.ද යනු සැබෑ ම මානව සංවර්ධන මට්ටම (අසමානත්වත් ගණනයට එකතු වන නිසා)" බවත් "මා.සං.ද මානව සංවර්ධනයට ඇති 'හැකියාව' (අසමානතාවයන් නැතිවූයේ නම් ලබාගත හැකි වන උපරිම අ.මා.සං.ද ලකුණ) පෙන්වන දර්ශකයක් ලෙස තව දුරටත් දර්ශනය කළ හැකි ය."යි එම වාර්තාව මඟින් දක්වා ඇත.

මෙම දර්‍ශකය මානව සංවර්ධන ප්‍රවේශය මත පදනම් වී ඇත. උල් හක්ට අනුව මෙහි රාමුව වන්නේ මිනිසුන්ට කැමති දේ "වීමට" හා "කිරීමට" ඇති හැකියාව යි. උදාහරණ ලෙස ---වීම්: නිරාහාර නොවීම, හිසට වහලක් තිබීම, නිරෝගී වීම; කිරීම්: රැකියා, අධ්‍යාපනය, ඡන්දය භාවිතය, ප්‍රජා දිවියට සහභාගී වීම. තවත් ප්‍රධාන කරුණක් වන්නේ තෝරා ගැනීමට ඇති නිදහස යි; යමෙක් ස්වේච්ඡාවෙන් නිරාහාර ව සිටීම (උපවාසය) යමෙක් හට අහර මිලදී ගැනීමට නො හැකි ව නිරාහාර ව සිටීමෙන් ඉතා වෙනස් තත්ත්වයකි.

Remove ads

2016 මානව සංවර්ධන දර්ශකය

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් සම්පාදිත 2016 මානව සංවර්ධන දර්ශකය 2017 මැදින් මස 21 ප්‍රකාශනය වූ අතර 2015 හි ඇස්තමේන්තුගත දත්තවලට අනුරූප ව මා.සං.ද ගණනය කර ඇත. පහත ඇත්තේ "ඉතා ඉහළ මානව සංවර්ධනය"ක් ඇති රටවල් ය:

  • Increase = වැඩිවීම
  • Steady = වෙනස් නොවීම
  • = අඩුවීම.
  • වරහන් තුළ ඇති අංකයෙන් 2015 වාර්තාවට සාපේක්ෂව එම රට ස්ථාන කීයකින් වෙනස් වී ඇත්දැයි දක්වයි.
More information ශ්‍රේණිය, රට ...

අසමානත්ව සැකසූ මා.සං.ද

අසාමානතාවන් සැකසන ලද මානව සංවර්ධන දර්ශකය (අ.මා.සං.ද)[1] යනු "අසමානතාවන් සැළකිල්ලට ගත් කළ සමාජයක මිනිසුන්ගේ මානව සංවර්ධන මට්ටම පිළිබඳ මිනුම" ය.

මෙහි ස්ථාන/ශ්‍රේණි මා.සං.ද ට නිසිලෙස ම නො ගැලපෙන්නේ අ.මා.සං.ද දත්ත නොමැති රටවල් මෙයට එකතු කර නැති බැවිනි (p. 206).

  1.  නෝර්වේ 0.898
  2.  අයිස්ලන්තය 0.868
  3.  නෙදර්ලන්තය 0.861
  4.  ඕස්ට්‍රේලියාව 0.861
  5.  ජර්මනිය 0.859
  6.   ස්විට්සර්ලන්තය 0.859
  7.  ඩෙන්මාර්කය 0.858
  8.  ස්වීඩනය 0.851
  9.  අයර්ලන්තය 0.850
  10.  ෆින්ලන්තය 0.843
  11.  කැනඩාව 0.839
  12. සැකිල්ල:රටේ දත්ත ස්ලොවිනියාව 0.838
  13.  එක්සත් රාජධානිය 0.836
  14.  චෙක් ජනරජය 0.830
  15.  ලක්සම්බර්ග් 0.827
  16.  බෙල්ජියම 0.821
  17.  ඔස්ට්‍රියාව 0.815
  18.  ප්‍රංශය 0.813
  19.  එක්සත් ජනපදය 0.796
  20. සැකිල්ල:රටේ දත්ත ස්ලෝවැකියාව 0.793
  21.  ජපානය 0.791
  22.  ස්පාඤ්ඤය 0.791
  23. සැකිල්ල:රටේ දත්ත එස්ටෝනියාව 0.788
  24.  මෝල්ටාව 0.786
  25.  ඉතාලිය 0.784
  26.  ඊශ්‍රායලය 0.778
  27.  පෝලන්තය 0.774
  28. සැකිල්ල:රටේ දත්ත හංගේරියාව 0.771
  29.  සයිප්‍රස් 0.762
  30.  ලිතුවේනියාව 0.759
  31.  ග්‍රීසිය 0.758
  32.  පෘතුගාලය 0.755
  33.  දකුණු කොරියාව 0.753
  34.  Croatia 0.752
  35.  ලැට්වියාව 0.742
  36.  Montenegro 0.736
  37.  රුසියාව 0.725
  38.  රොමේනියාව 0.714
  39.  ආර්ජන්ටිනාව 0.698
  40. සැකිල්ල:රටේ දත්ත චිලී 0.691

"ඉතා ඉහළ මානව සංවර්ධන" ලකුණක් තිබෙනමුත් අ.මා.සං.ද දත්ත නොමැති රටවල්: තායිවාන්, නවසීලන්තය, සිංගප්පූරුව, හොංකොං, ලීච්ටන්ස්ටේන්, බෲනායි, කටාර්, සෞදි අරාබිය, ඇන්ඩෝරාව, එක්සත් අරාබි එමීර් රාජ්යය, බහරේන් හා කුවේට්.

Remove ads

මූලාශ්‍ර

බාහිර සබැඳි

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads