කොරියානු භාෂාව
කොරිනු ආහාර ගැනීමට බාවිතා කරන බත් කූරු පැරනි කාලයේ සිටම පැවත එන්නකි From Wikipedia, the free encyclopedia
Remove ads
කොරියානු (දකුණු කොරියානු: 한국어, හන්ගු(ක්)ගෝ; උතුරු කොරියානු: 조선말, ජෝසොන්ම්ඔල්) යනු මිලියන 80 ක පමණ ජනයාගේ මව් භාෂාවයි. කොරියානු භාෂා දේශීය කථිකයන්ගෙන් වැඩි දෙනෙක් උතුරු හෝ දකුණු කොරියානුවන් ය. එය උතුරු කොරියාවේ සහ දකුණු කොරියාවේ නිල සහ ජාතික භාෂාව වේ. කොරියානු යුද්ධයත් සමග දෙරටක් බවට පත් වූ අතර දෙරට තුළ මහජනතාව විසින් භාවිතා කරන මෙම භාෂාවේ සමාජ- සංස්කෘතිකමය බලපෑම් මූලික කරගත් භාෂාමය වෙනස්කම් දැකිය හැකි වෙයි. නමුත් සමස්ථයක් වශයෙන් ගත්කල උතුරු කොරියාවත් දකුණු කොරියාවත් සමාජයක් ලෙස භාවිතාකරන මෙම කොරියානු භාෂාව වාග්විද්‍යාත්මක සමානත්වයක් පෙන්වා දෙයි. කොරියානු භාෂාව චීනයේ සමහර ප්රදේශවල, එනම් ජිලින් පළාතේ සහ යැන්බියන් ප්රාන්තයේ සහ චැං බාර් ප්රාන්තයේ පිළිගත් සුළුතර භාෂාවකි.එය රුසියානු දූපතක් වන සකාලින් සහ මධ්‍යම ආසියාවේ සමහර ප්‍රදේශවල ද කතා කරනු ලැබේ.
කොරියාව කොරියානු බසින් ‘තේහන්මින්ගුක්’ යනුවෙන් හදුන්වන අතර රටේ නම කෙටිකර ‘හන්ගුක්’ යනුවෙන් ද හදුන්වනු ලැබේ. කොරියාවේ භාවිතා කරන භාෂාව ‘කොරියානු භාෂාව’ යන අර්ථය ඇති ‘හන්ගුක්ඕ’ ‘හන්ගුක්මල්’යනුවෙන් හදුන්වනු ලැබේ. ඕ - මල් යනු පද ‘භාෂාව’ යන අර්ථය ගෙන දෙයි. කොරියානු භාෂාවේ අක්ෂර මාලාව ‘හන්ගල්’ අක්ෂර මාලාවයි. මෙහි අක්ෂර (ස්වර හා ව්‍යඤ්ජනාක්ෂර ඇතුලත්ව) 40 ක් ඇත.
Remove ads
- 1 - ආ, 1 - යා
- 2 - ඔ, 2 - යො
- 3 - ඕ, 3 - යෝ
- 4 - උ, 4 - යු
- 5 - _අ avishka
- 6 - ඉ
^* ㅏ is closer to a near-open central vowel ([ɐ]), though ⟨a⟩ is still used for tradition.
Remove ads

Remove ads
ලිවීමේ ක්‍රමවේදය
නවීන කොරියන් භාෂාව වචන අතර හිස්තැන් සහිතව ලියනු ලබයි. එය ජපන් හෝ චීන බසෙහි දක්නට නොලැබෙන සුවිශේෂී ලක්ෂණයකි. කොරියානු විරාම ලක්ෂණ, බටහිර විරාම ලක්ෂණ වලට අනුරුප වේ. සාම්ප්‍රධායිකව කොරියන් බස සිරස් පේළි ලෙස ලියනු ලැබුවද වර්තනාමනයේදී හරස් පේළි ලෙස, වමේ සිට දකුණට, ඉහල සිට පහලට ලියනු ලබයි.
මූලාශ්‍ර
භාහිර සබැඳි
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads