සාමාන්‍ය සාපේක්ෂතාවාදය

From Wikipedia, the free encyclopedia

සාමාන්‍ය සාපේක්ෂතාවාදය
Remove ads

සාධාරණ සාපේක්ෂතාවය, හෝ සාමාන්‍ය සාපේක්ෂතාවාදය යනු, 1916දී ඇල්බට් අයින්ස්ටයින් විසින් ප්‍රකාශයට පත් කෙරුණු ගුරුත්වය පිළිබඳ ජ්‍යාමිතික සිද්ධාන්තය [1] සහ නූතන භෞතික විද්‍යාවෙහි ගුරුත්වය පිළිබඳ වත්මන් විස්තරය වෙයි. සාධාරණ සාපේක්ෂතාවාදයට අනුව වස්තූන් අතර ගුරුත්වාකර්ෂණයට හේතුව අවකාශ-කාලයෙහි විකෘත වීමය.

Thumb
අවකාශ-කාලයෙහි විකෘත වීමෙහි නිරූපණයක්. (මෙය සැබෑ ත්‍රිමාන විකෘතිය නොපෙන්වන අතර විකෘතිය පිළිබඳ දළ අදහසක් සඳහා පමණක් දක්වා ඇත)

විසිවන සියවසේ ආරම්භය වන විට ශ්‍රීමත් අයිසෙක් නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය වස්තූන් අතර ගුරුත්වාකර්ෂණය පැහැදිලි කරන න්‍යාය ලෙස වසර 200ක පමණ පිළිගැනීමකට ලක්ව තිබිණ. නිව්ටන්ගේ නියමයට අනුව වස්තූන් අතර ගුරුත්වාකර්ෂණයට හේතුව ස්කන්ධ අතර පවතින ආකර්ෂණීය බලයකි. මෙම බලයෙහි සැබෑ ස්වරූපය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොතිබීම ශ්‍රීමත් නිව්ටන් පවා අපහසුතාවට පත් කිරීමට හේතුවක් විය[2]. කෙසේවුවද, ගුරුත්වය යටතේ වස්තූන්ගේ චලිතය මෙම න්‍යාය මගින් මනාව පැහැදිලි කිරීමට හැකි වූ හෙයින් එය අතිශය සාර්ථක සෛද්ධාන්තික ජයග්‍රහණයක් ලෙස සලකන ලදී.

එහෙත් බුද සහ වෙනත් ග්‍රහයින්ගේ සමහර නව පරීක්ෂණාත්මක දත්ත, නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයෙන් පැහැදිලි කළ නොහැකි වූ අතර ඒ සඳහා සාධාරණ සාපේක්ෂතාවාදය මනාව පිළිතුරු ලබා දුනි. නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයට අනුකූල නොවූ අතර මෙම ඌනතාව සැපිරීම සාධාරණ සාපේක්ෂතාවාදය වැඩි දියුණු කිරීම මගින් සිදු කෙරිණි[3].

Remove ads

සටහන්

ආශ්‍රිත

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads