![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/38/Ionic_bonding.svg/langsi-640px-Ionic_bonding.svg.png&w=640&q=50)
අයන
From Wikipedia, the free encyclopedia
අයනයක් (ඉංග්‍රීසි: ion) යනු, පරමාණුවක මුළු ඉලෙක්ට්‍රෝන ගණන එහි මුළු ප්‍රෝටෝන ගණනට සමාන නොවීම නිසා, එයට දළ ධන හෝ සෘණ හෝ විද්‍යුත්මය ආරෝපණයක් ලබා දී ඇති පරමාණුවක් හෝ අණුවකි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/38/Ionic_bonding.svg/640px-Ionic_bonding.svg.png)
භෞතික හෝ රසායනික හෝ ක්‍රම වලින් අයන තැනිය හැකි වෙයි. රසායනික භාවිතයෙහිදී, උදාසීන පරමාණුවක් විසින්, එකක් හෝ වැඩි ගණනක් ඉලෙක්ට්‍රෝන අහිමි කර ගනී නම්, එය වෙත දළ ධන ආරෝපණයක් හිමි වන අතර එවැන්නක් කැටායනයක් ලෙසින් හැඳින්වෙයි. පරමාණුවක් විසින් ඉලෙක්ට්‍රෝන ග්‍රහණය කර ගනී නම්, එය වෙත දළ සෘණ ආරෝපණයක් හිමි වන අතර එවැන්නක් ඇනායනයක් ලෙසින් හැඳින්වෙයි. තනි පරමාණුවක් සහිත අයනයක් පරමාණුක හෝ ඒකපරමාණුක අයනයක් වෙයි; එය පරමාණු දෙකකින් හෝ වැඩි ගණනකින් සමන්විත වෙයි නම්, එය අණුක හෝ බහුපරමාණුක අයනයක් වෙයි.
වායුවක් වැනි මාධ්‍යයක් භෞතික වශයෙන් අයනීකරණය කිරීමේදී, අයන ගැටීම නිසාවෙන් "අයන යුගල" ලෙසින් හඳුන්වන්න තැනෙන අතර එක් එක් යුගලය සමන්විත වන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝනයක් සහ ධන අයනයකිනි.[1]