ඉස්කුරුප්පු ඇණ
From Wikipedia, the free encyclopedia
ඉස්කුරුප්පුවක් හෝ ඉස්කුරුප්පු ඇණයක් හෝ යනු, පිටතපොටක් ලෙසින් හැඳින්වෙන හෙලික්සීය මුදුනක් සහිත වීමෙන් ලක්ෂණනය වන, යම් ආකාරයකට අනුව බෝල්ට් ඇණයක් වැනි වන (බදැණය සහ ඉස්කුරුප්පුව අතර වෙනස පහත බලන්න), සාමාන්‍යයෙන් ලෝහ භාවිතයෙන් තැනෙන, ඇමුණුම් වර්ගයකි. යම් ද්‍රව්‍යයක් තුලට සිදුරු විදීමෙන් පසුව ඉස්කුරුප්පුවක් කරකවමින් එය තුලට එබ්බවීමෙහිදී, ඇමුණුමට ලක් වන ද්‍රව්‍යයන් තුල කට්ට කැපෙන බැවින්, එම ද්‍රව්‍යයන් එකිනෙකින් වෙන් වීම වලක්වමින් අමුණා තැබීමට ඉස්කුරුප්පු භාවිතා වෙයි. විවිධ ද්‍රව්‍ය ඇමිණීම සඳහා බොහෝ ඉස්කුරුප්පු වර්ග තිබේ; ඉස්කුරුප්පු ඇසුරෙන් අමුණා තැබෙන දේ අතර ලී, ලෝහ තහඩු සහ ප්ලාස්ටික් වෙති.