කොරල්
From Wikipedia, the free encyclopedia
කොරල් යනු නයිඩේරියා වංශයෙහි ඇන්තසෝවා වර්ගයට අයත් සහ සර්වසම තනිතනි "බුහුබාවන්" බොහෝමයක් සංයුක්ත ගණ වාස ලෙසින් දර්ශීය වශයෙන් ජීවත් වන සාමුද්‍රික සත්ත්වයෙකි. නිවර්තන කලාපීය සාගර වල ජීවත් වන මොවුන් කැල්සියම් කාබනේට් ඝන සැකිල්ලට වෑස්සීම කොරල් පර වල නිර්මණයට වැදගත් වේ.
කොරල් | |
---|---|
ස්තම්බ කොරල්, ඩෙන්ඩ්රොගයිරා සිලින්ඩ්රිකස් | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | අනිමාලියා |
වංශය: | නයිඩේරියා |
වර්ගය: | ඇන්තසෝවා ඒරන්බර්ග්, 1831 |
විද්‍යමාන උපවර්ග සහ ගෝත්‍ර | |
අල්සියනේරියා |
කොරල් වල ශිර්ෂය යනු සිය ගණනක් වූ ලිංගිකව වෙන වෙනම හදුන ගත හැකි බහුපාවන් වේ. මොවුන් සියලු දෙනාම පන නැති සතුන් වන අතර සාමාන්‍යයෙන් ප්‍රමානයෙන් විශ්කම්භය මිලිමීටර් කිහිපයක් ද දිග සෙන්ටිමීටර් කිහිපයක් ද වේ.එහි මැද ග්රාහිකවන් රශියක් මුඛයක් ලෙස විවෘතව පවතී. අභ්‍යන්තර ඝන පටලය මගින් මුල අසලට අපද්‍රව්‍ය මුදාහරි. එහි මැද ග්රාහිකවන් රශියක් මුඛයක් ලෙස විවෘතව පවතී. අභ්‍යන්තර ඝන පටලය මගින් මුල අසලට අපද්‍රව්‍ය මුදාහරී. එසේ කිරීමෙන්, මෙම කොරල් විසින් පරම්පරා ගනකට පසු ඝන සැකිල්ලක් සෑදීම මෙම විශේෂයේ ලක්ෂණයක් වේ.මෙම එකිනෙකට වෙන්වු බහුපාවන් අලිංගිකව ප්‍රචාරනය වේ. තවද කොරල් ලිංගික ප්‍රචාරනය බිත්තර දැමීම මඟින් සිදුකරන අතර, මෙය එකම විට වරක් හෝ කිහිප විටක් පසළොස්වක දින ආශ්රිත සිදුවේ.
කෙසේ වුවත් මෙම කොරල් වලට තම ග්‍රාහික වල ඇති බූව පාවිච්චි කිරීමෙන් කුඩා මසුන් සහ අල්ගී අල්ලා ගනී. තවද මොවුන් තම ශක්ති හා පෝෂණ අවශ්‍යතාවයෙන් වැඩිකොටසක් කොරල් වල බාහිර ස්ථරයේ ඇති සූක්සන්තිලීයා හෙවත් ඒක සෛලික අල්ගී මගින් ලබා ගනී. සමන්යයෙන් මෙම කොරල් වර්ධනය වන්නේ මීටර් 60 (අඩි 200) ට වඩා ගැඹුරින් අඩු ජලයේ වන අතර හිරු එලිය සහ පිරිසිදු ජලය ද අවශ්‍ය වේ. කොරල් ජීවියා කොරල් පරයේ භෞතික ව්‍යුහය සඳහා විශාල දායකත්වයක් සපයන අතර නිවර්තන හා උපනිවර්තන කලාපීය ජලයේ වර්ධනය වේ. එවැනි විශාල කොරල් පරයක් වන ග්රේටේ බැරියර් පරය, ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් මුහුදු ආශිතව පවති.අනෙක් කොරල් වලට අල්ගී වල අවශ්‍යතාවයක් නොමැති කම නිසා ගැඹුරු ජලයේ පවා ජීවත් වියහැක, තවද මෙම වර්ගය සීතල ජලයේ මීටර් 3000(අඩි 9800) ගැඹුරේ පවා සුරක්ෂිතව වාසය කරයි.උදාහරණයක් වශයෙන් ස්කොට්ලන්තයේ ඊසනදිග කේප් වර්ත් පිහිටි ඩ්‍රොවින් මෞන්ඩ් දැක්විය හැක. තවද එක්සත් ජනපදයේ වොශින්ටන් ප්‍රන්තයේ,ඇලස්කවේ ඇලූටියන් දිවයිනේ සහ ශ්‍රී ලංකාවේ හික්කඩුව අසන්නයේ කොරල් දැක ගත හැක.