ගුප්ත රාජවංශය
ගුප්ත යුගය- මෞර්ය අධිරාජ්‍යයෙන් පසුව ඉන්දියාවේ බලය පැතිරු රාජවංශයක් / From Wikipedia, the free encyclopedia
ගුප්ත අධිරාජ්‍යය යනු ශ්‍රී ගුප්ත විසින් පිහිටුවන ලද පුරාතන ඉන්දියානු අධිරාජ්‍යයකි. ආසන්න වශයෙන් ක්‍රි.ව. 320 සිට 550 දක්වා පැවති මෙම අධිරාජ්‍යය උච්චස්ථානයට පත්වන විට එයට ඉන්දියානු උපමහාද්වීපයෙන් විශාල ප්‍රදේශයක් අයත්ව පැවතිණි.[1] ගුප්තවරුන්ගේ නායක්තවය යටතේ පැවති සාමය සහ සෞභාග්‍යය හේතුවෙන් විද්‍යාත්මක සහ කලා අංශවල දියුණුවක් ඇති විය.[2] ගුප්ත යුගය ඉන්දියාවේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්වෙයි.[3] මෙම යුගයේ ඉන්දියානු නව නිමැවුම්, විද්‍යාව හා තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, කලාව, සාහිත්‍යය, තර්ක ශාස්ත්‍රය, ගණිතය, තාරකා විද්‍යාව, ආගම සහ දර්ශනය යන අංශයන්හි ප්රබෝධයක් ඇති විය.[4] ගුප්ත රාජවංශයේ වඩාත් වැදගත්ම පාලකයින් ලෙස Iවන චන්ද්‍රගුප්ත, සමුද්‍රගුප්ත සහ IIවන චන්ද්‍රගුප්ත යන රජවරුන් සැලකෙයි. ක්‍රි.ව. 4වන සියවසේ සංස්කෘත කවියකු වන කාලිදාස සඳහන් කොට ඇත්තේ ගුප්තවරුන් විසින් ඉන්දියාව තුළ හා පිටත රාජධානි විසි එකක් ආක්‍රමණය කළ බවයි. මේ රාජධානි අතර පාරසික, හූන, කාම්බෝජවරුන්, ඔක්සස් නිම්නයේ බටහිර සහ නැගෙනහිර පෙදේසවල විසූ ගෝත්‍ර, කින්නරුවරුන්, කිරාතවරුන් ආදීන්ගේ රාජධානි ද අයත් විය.[5]
ගුප්ත අධිරාජ්‍යය | |||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.ව. 320–ක්‍රි.ව. 550 | |||||||||||||||||||||||
ගුප්ත අධිරාජ්‍යය එහි උච්චස්ථානයේ | |||||||||||||||||||||||
අගනුවර | පාඨලිපුත්‍ර | ||||||||||||||||||||||
පොදු භාෂාවන් | සංස්කෘත (සාහිත්‍යමය සහ ශාස්ත්‍රීය); ප්රාකෘත (ස්වදේශික භාෂාව) | ||||||||||||||||||||||
ආගම | |||||||||||||||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||||||||||||||
මහාරාජාධිරාජ | |||||||||||||||||||||||
• 240දශකය – 280දශකය | ශ්‍රී-ගුප්ත | ||||||||||||||||||||||
• 319–335 | චන්ද්‍රගුප්ත I | ||||||||||||||||||||||
• 540–550 | විෂ්ණු ගුප්ත | ||||||||||||||||||||||
ඓතිහාසික යුගය | පුරාතන ඉන්දියාව | ||||||||||||||||||||||
• ස්ථාපිත කළේ | ක්‍රි.ව. 320 | ||||||||||||||||||||||
• අහෝසි කළේ | ක්‍රි.ව. 550 | ||||||||||||||||||||||
වර්ග ප්‍රමාණය | |||||||||||||||||||||||
3,500,000 km2 (1,400,000 sq mi) | |||||||||||||||||||||||
| |||||||||||||||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ |
මෙකල ගෘහනිර්මාණ ශිල්පය, ප්‍රතිමා ශිල්පය සහ සිතුවම් කලාව වැනි සංස්කෘතික අංග උච්චත්වයට පත් විය.[6] ගුප්ත යුගය තුළ කාලිදාස, ආර්යභට, වරාහමිහිර, විෂ්ණු ෂර්මා සහ වත්ස්‍යායන වැනි විද්වතුන් ද බිහි විය.[7][8] විද්‍යාව සහ දේශපාන පරිපාලන අංශ නව මානයන් කරා ළඟා වීම මෙකල සිදු විය.[9] ශක්තිමත් වෙළඳ සබඳතා හේතුවෙන් මෙම කලාපය වැදගත් සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් වූ අතර, මෙහි ආභාසය යාබද රාජ්‍යයන් වූ බුරුමය, ශ්‍රී ලංකාව, සහ අග්නිදිග ආසියාව කරා ව්‍යාප්ත විය.[10] පැරණිම ඉන්දියානු වීර කාව්‍ය ද මේ යුගයේ ලියැවෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.
භූමි ප්‍රමාණය ක්‍රමයෙන් අහිමි වී යාම, යටත් රාජ්‍යවල ආධිපත්‍යය දුර්වල වීම සහ මධ්‍යම ආසියාවේ හුන ජනයාගේ (එෆ්තලයිට් හන්වරුන්) ආක්‍රමණ හේතුවෙන් අධිරාජ්‍යය ක්‍රමයෙන් පරිහානයට පත් විය.[11][12] 6වන සියවසේ ගුප්ත අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු ඉන්දියාවේ පාලනය ප්‍රාදේශික රාජධානි අතට පත් විය. අධිරාජ්‍යය කැබලි වී යාමෙන් පසු ගුප්ත වංශයේ සුළු පෙළපතක් මගධය පාලනය කිරීමට සමත් විය. නමුත් 7වන සියවසේ මුල් භාගයේ වර්ධන පාලකයකු වූ හර්ෂ විසින් මෙම ගුප්තවරුන් නෙරපා සිය අධිරාජ්‍යය ගොඩනැගීය.