![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/36/Coinage_of_Gautamiputra_Satakarni_with_Brahmi_legend.jpg/640px-Coinage_of_Gautamiputra_Satakarni_with_Brahmi_legend.jpg&w=640&q=50)
ගෞතමීපුත්‍ර සාතකර්ණී
සාතවාහන අධිරාජයා / From Wikipedia, the free encyclopedia
ගෞතමීපුත්‍ර සාතකර්ණී (බ්රාහ්මී: 𑀕𑁄𑀢𑀫𑀺𑀧𑀼𑀢 𑀲𑀸𑀢𑀓𑀡𑀺, ගෝතමීපුත සාතකණි, IAST: Gautamīputra Śatakarṇi) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ වර්තමාන ඩෙකෑන් ප්‍රදේශය පාලනය කළ සාතවාහන අධිරාජ්‍යයේ පාලකයෙකි. ඔහුගේ පාලන සමය නිවැරදිව හඳුනාගෙන නොමැති නමුත් එය ක්‍රි.ව. 1 හෝ 2වන සියවසෙහි පවතින්නට ඇතැයි සැලකේ. ඔහුගේ රාජ්‍ය සමය ලෙස ක්‍රි.ව. 86-110,[3] ක්‍රි.ව. 103-127,[4] ක්‍රි.ව. 106-130,[5] හෝ වඩාත් මෑතකාලීනව ක්‍රි.ව. 60-85 යෝජනා වී ඇත.[6][7]
ගෞතමීපුත්‍ර සාතකර්ණී | |
---|---|
![]() බ්රාහ්මී අක්ෂර සහිත ගෞතමීපුත්‍ර සාතකර්ණීගේ කාසියක්; "මහා සාතකර්ණී රජ, ගෝතමීගේ පුත්‍ර" යනුවෙන් මෙහි සඳහන් ය. මෙහි භාවිත සැරසිලි මෝස්තර වන්නේ "ආරුක්කු තුනක් සහිත කන්ද" සහ "උජ්ජෛන් සංකේතය".[1] මෙම කාසි නාහපානගේ රිදී කාසිවලින් නිර්මාණය කොට ඇත.[2][1] | |
සාතවාහන පාලක | |
රාජ්‍ය සමය | ක්‍රි.ව. පළමු හෝ දෙවන සියවස |
පූර්වප්‍රාප්තිකයා | සිවස්වතී |
අනුප්‍රාප්තිකයා | වාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී පුලමාවී |
දරුවන් | වාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී පුලමාවී, වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී |
රාජවංශය | සාතවාහන |
මව | ගෞතමී බාලාශ්රී |
ගෞතමීපුත්‍ර සාතකර්ණී පිළිබඳ බොහෝ තොරතුරු ලැබෙන්නේ ඔහුගේ කාසි, සාතවාහන සෙල්ලිපි, සහ විවිධ පුරාණයන් හි එන රාජවංශ විස්තර මඟිනි. මින් වඩාත්ම ප්‍රකට මූලාශ්‍රය වන්නේ නාශික් ප්රශස්තියයි. මෙය ඔහුගේ මෑණියන් වූ ගෞතමී බාලාශ්රී විසින් කරවූවක් වන අතර, එහි ඔහුගෙර් විවිධ යුධ ජයග්‍රහණ පිළිබඳ සඳහන් වේ. ඓතිහාසික මූලාශ්‍ර අනුව පෙනීයන්නේ ශක ආක්‍රමණ නිසා පර්හානියට පත්ව තිබූ සාතවාහන බලය යළි ගොඩනැගීමට ගෞතමීපුත්‍ර සමත් වූ බවයි.[8]