චොම්සොංදේ

From Wikipedia, the free encyclopedia

චොම්සොංදේmap

චොම්සොංදේ යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියාවේ ග්යොංජුහි පිහිටි තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයකි. චොම්සොංදේ යන්නෙහි අර්ථය කොරියානු බසින් තාරකා-නිරීක්ෂණ කුළුණ යන්නයි. ආසියාවේ ‍ශේෂව පවත්නා පැරණිතම තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය ද චොම්සොංදේ ය.[1][2][3] එය ලෝකයේ පවත්වා නිරුපද්‍රිතව ඇති පැරණිතම තාරකා විදයා නිරීක්ෂණාගාරය වීමට ද ඉඩ ඇත.[4][5][6] මෙය ඉදි වූයේ ක්‍රි.ව. 7වන සියවසේ සිල්ලා රාජධානි යුගයේ ය. සිල්ලාවේ අගනුවර වූයේ සොරබොල් හෙවත් වර්තමාන ග්යොංජු ප්‍රදේශයයි. 1962 දෙසැම්බර් 20 දින චොම්සොංදේ නිරීක්ෂණාගාරය කොරියාවේ 31වන ජාතික වස්තුව ලෙස නම්කෙරිණි.[7] වර්තමානයේ දක්නට නොලැබෙන, ඓතිහාසික මූලාශ්‍රයන්හි පමණක් හමුවන බෙක්ජේහි ජොම්සොංදේ ආදර්ශයට ගනිමින් චොම්සොංදේ නිරීක්ෂණාගාරය ඉදිකොට ඇත. චොම්සොංදේහි ආභාසය ලබා 675දී ජපන් නිරීක්ෂණාගාරයක් සහ 723දී චීනයේ චෞ ආදිපාදවරයාගේ නිරීක්ෂණාගාරය ඉදි විය.[8]

Quick Facts කොරියානු නම, හංගුල් ...
චොම්සොංදේ
Thumb
කොරියානු නම
හංගුල්첨성대
හන්ජා瞻星臺
ප්‍රතිශෝධිත රෝමානුකරණයCheomseongdae
මැකූන්–‍රයිෂවර්Ch'ŏmsŏngdae
Close

දළ විශ්ලේෂණය

සම්ගුක් යුසා මූලාශ්‍රය අනුව, චොම්සොංදේ නිරීක්ෂණාගාරය ඉදිවූයේ සොන්දොක් රැජිනගේ (ක්‍රි.ව. 632-647) රාජ්‍ය සමයේ රාජධානියේ අගනුවර ආසන්නයේ ය. චොම්සොංදේ යන්නෙහි අර්ථය "තරාකා නිරීක්ෂණ මණ්ඩපය" යන්නයි. මෙම කුළුණ ඉදිකොට ඇත්තේ කපන ලද ග්‍රැනයිට් කුට්ටි 362ක් භාවතයට ගෙන ය. මේ නිසා ඇතැමුන් යෝජනා කරන්නේ එමගින් චන්ද්‍ර වර්ෂයේ අන්තර්ගත දින 362 නිරූපණය වන බවයි.[9] මෙහි සමචතුරස්‍රාකාර හැඩැති ව්‍යූහයක් මත පාෂාණ කුට්ටි වෘත්තාකාර ස්තර 27ක් ලෙස සකස් කොට ඇත. (ඇතැම්හු මෙය හා සම්බන්ධ කොට සොන්දොක් රැජින සිල්ලාවේ 27වන පාලකයා බවට වූ කරුණ හෝ තාරකා රාහියක් සම්බන්ධ මතයක් ගෙන හැර දක්වති) කවුළුවේ මට්ටමට පහළින් ස්තර 12ක් ඇති අතර, එයට ඉහළින් තවත් ස්තර 12ක් වේ. පාදමේ සමචතුරස්‍රයක ආකාරයට එක් පැත්තක ගල් කුට්ටි 3 බැගින් පිහිටන සේ සැකසූ විශාල අත්තිවාරම් ගල් 12කින් යුත් සමචතුරස්‍රාකාර ව්‍යූහයක් ඇත. මෙම ගල් කුට්ටි 12 මගින් වර්ෂයේ වූ මාස දොළහ නිරූපණය වනවා වන්නට හැක.

කුළුණෙහි පත්ළෙහි පළල මීටර 5.7කි. එය මීටර 9.4ක් උසැති ය. කවුළුව තෙක් අවකාශය පස්වලින් පුරවා ඇත. මෙහි ඉදිකිරීම් ශෛලිය ග්යොංජුහි බුන්හ්වංසා විහාරයේ ශෛලියට අනුරූප ය.

Thumb
නිරීක්ෂණාගාරයක් ලෙස චොම්සොංදේ භාවිතා වූ අයුරු නිරූපණය කෙරෙන එහි ප්‍රමාණයෙන් කුඩා අනුරුවක්

ජනප්‍රිය සංස්කෘතිය තුළ

2009 වර්ෂයේ සුප්‍රකට කොරියානු නාට්‍යයක් වන ක්වීන් සොන්දොක් කතාමාලාව තුළ චොම්සොංදේ පිළිබඳ වේ. මෙම නාට්‍යයේ චොම්සොංදේ ඉදිවන්නේ සොන්දොක් රැජින කුමරියකව සිටි කාලයේ ය. මෙය කුමරිය ලෙස ඇගේ පළමු ආඥාව අනුව ඉදිවන්නකි. මෙය අනුව චොම්සොංදේ ඉදිවන්නේ තාරකා විද්‍යා දැනුම තනි පුද්ගලයකුගේ ග්‍රහණයෙන් (මිෂිල් ආර්යාවගේ) අවභාවිතයට පත්වීම වළක්වනු සඳහා සෑමදෙනාටම එම ඥානය බෙදාහැරීමේ අරමුණ ඇතිව ය. එසේ සිදු කිරීමෙන් ඇය විසින් මිෂිල් ආර්යාවගේ දිව්‍යමය අයිතිය ද ‍අහෝසි කරයි. මෙය එකල සාමාන්‍ය දෙයක් නොවූ හෙයින් බොහෝ ගතානුගතික පුද්ගලයින් මීට සහාය දක්වන්නේ නැත. මේ නිසා කතාමාලාව අනුව චොම්සොංදේ විවෘත කිරීමට වංශවතුන් කිසිවකු සහභාගී වන්නේ නැත.

ගැලරිය

සටහන්

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.