ත්‍රිපුර සුන්දරී දේවිය
ආදි පරාශක්තියේ උත්තරීතර ස්වරූපය / From Wikipedia, the free encyclopedia
ශ්‍රී ත්‍රිපුර සුන්දරී (සංස්කෘත: त्रिपुरा सुंदरी, IAST: Tripura Sundarī) දේවිය යනු විශ්වයේ සර්වබලධාරි දෙවඟන වන ආදි පරාශක්ති දේවියගේ උසස්ම ස්වරූපයක් සේම දශ මහාවිද්යාවන්ට අයත් එක් විද්‍යාවකි.[1] එතුමිය වඩාත්ම ප්‍රචලිතව ඇත්තේ ශ්‍රී ලලිතා සහස්‍රනාම ස්තෝත්‍රයේ වර්ණනාවන්ට ලක්වූ දේවිය සහ හින්දු ධර්මයේ පුරාණ සාහිත්‍යයේ ලලිතා මාහාත්ම්‍ය සඳහා වස්තු විශය ලෙසයි. ශ්‍රී විද්‍යාව තුළ මුඛ්‍ය ස්ථානය අත්පත් කරගන්නේද එතුමියයි.
ත්‍රිපුර සුන්දරී දේවිය | |
---|---|
සර්වබලධාරි දෙවඟන විශ්වයේ උත්තරීතර දෙවඟන, මාතෘ දෙවඟන, පර බ්‍රහ්මන්, මහාදේවියගේ අග්‍රගණ්‍ය ස්වරූපය | |
වෙනත් නම් | ලලිතා, රාජ රාජේශ්වරී, ලලිතාම්බිකා, ලීලාවතී, කාමාක්ෂී, ෂෝඩශී, ශ්‍රී මාතා, සර්වේශ්වරී |
දේවනාගරී | त्रिपुरसुन्दरी |
සංස්කෘත පරිවර්තනය | Tripurasundarī |
අනුබැඳිය | |
වාසභවනය | මණිද්වීපය |
මන්ත්‍රය |
|
ආයුධය | පාශ, අංකුශ, දුන්න / උක් ගස සහ හී |
සංකේත |
|
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | කාමේශ්වරී ස්වරූපයේදී කාමේශ්වර |
දරුවන් |
|
වාහනය | සිංහයා |
පාඨ ග්රන්ථ |
|
උත්සව |
|
ශක්ති ධර්මයේ ශ්‍රී කුල සම්ප්රදාය අනුව ත්‍රිපුර සුන්දරී දේවිය මහාවිද්‍යා ස්වරූපයන්ගෙන් මුඛ්‍ය වන අතර විශ්වයේ සර්වබලධාරි දේව මාතාව වන මහාදේවියගේ අග්‍රගන්‍ය ස්වරූපය යි. ත්‍රිපුර සුන්දරි දේවිය විශ්වයේ පරම ශක්තිය ලෙස සළකනු ලබන අතර[2] ඇය බ්රහ්මා, විෂ්ණු සහ ශිව යන ත්‍රිමූර්තියට ඉහළින් පාලනය හොබවන උත්තරීතර විඥානය හෙවත් පරබ්රහ්මන් ලෙසින්ද විස්තර කෙරේ.[3]