From Wikipedia, the free encyclopedia
ද වෝල් ස්ට්‍රීට් ජර්නල් යනු, වෙළෙඳ ව්‍යාපාරික සහ ආර්ථික පුවත් පිළිබඳ ප්රමුඛ අවධානය යොමු කර ඇති, ඇමරිකානු ඉංග්‍රීසි-භාෂා ජාත්‍යන්තර දිනපතා පුවත්පතකි. නිවුස් කෝර්ප් සමාගමෙහි කොටසක් වන, ඩවු ජෝන්ස් සහ සමාගම විසින්, සතියකට දින හයක් තුල එය ප්‍රකාශයට පත් කෙරෙන්නේ, ජර්නල් හී ආසියානු සහ යුරෝපියානු සංස්කරණයන් හා සමගිනි.
වර්ගය | දිනපතා පුවත්පත |
---|---|
ආකෘතිය | පුළුල්පත්‍ර |
අයිතිකරු | නිවුස් කෝර්ප් ( ඩවු ජෝන්ස් සහ සමාගම ඔස්සේ) |
ප්‍රධාන කර්තෘ | ජෙරාඩ් බේකර් (සංස්කාරක) |
මතවාද සංස්කාරක | පෝල් ඒ. ජීගො |
ඇරඹුනේ | ජූලි 8, 1889 |
භාෂාව | ඉංග්‍රීසි |
මූලස්ථානය | 1211 ඇවනියු ඔෆ් දි ඇමරිකාස් නිව්යෝර්ක්, NY 10036 |
සංසරණය | දිනපතා 2,378,827 (ඩිජිටල් 900,000 ඇතුළුව) 2,406,332 සතිපතා (මාර්තු 2013)[1] |
ISSN | 0099-9660 |
OCLC අංකය | 781541372 |
නිල වෙබ්අඩවිය | wsj.com |
ජර්නල් යනු සංසරණය අනුව එක්සත් ජනපදයෙහි විපුලතම පුවත්පත වෙයි. . අලායන්ස් ෆෝ ඔඩිටඩ් මීඩියා ප්‍රකාර, 2013 මාර්තු වන විට, යූඑස්ඒ ටුඩේ පුවත්පතෙහි 1.7 මිලියන ප්‍රමාණය හා සැසඳු කල, 2.4 මිලියන පමණ පිටපත් ප්‍රමාණයක සංසරණයක් එය සතුවෙයි (900,000 පමණ වන ඩිජිටල් ග්‍රාහකත්වය ඇතුළුව)[2]. වෙළෙඳ ව්‍යාපාර පුවත්පත් ක්ෂේත්රයේ එහි ප්‍රධාන විරුද්ධකාරයා වන්නේ ලන්ඩනය-පදනමැති ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත වන අතර, එය විසින්ද ජාත්‍යන්තර සංස්කරණ කිහිපයක් ප්‍රකාශයට පත් කරයි.
ජර්නල් විසින් ප්‍රාථමික වශයෙන් ආවරණය කෙරෙන්නේ ඇමරිකානු ආර්ථික සහ ජාත්‍යන්තර වෙළෙඳ ව්‍යාපාර මාතෘකා සහ, මූල්‍යමට ප්රවෘත්ති සහ වාද විෂයයන් වෙති.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.