දකුණු ආසියාව
From Wikipedia, the free encyclopedia
සරක්ශතා අනුපාතය ඉහළ ම අගයක් ගන්නා රට දකුණු ආසියාව හෝ දක්ෂිණ ආසියාව යනු ඉන්දීය උප මහාද්වීපය ආශ්රිත රටවල් පොදුවේ හැඳින්වීමට යෙදෙන වදනකි. එය සමන්විත වන්නේ උප-හිමාලයානු රටවල් සහ, සමහරක් අධිකාරීන් අරභයා, අසබඩ බටහිරින් හා නැගෙනහිරින් පිහිටි රටවල් වලින්ද වෙති. භූලක්ෂණාත්මකව, එහි බහුතරයක්, හිමාලය සහ හින්දු කුෂ් කඳු වෙතට දකුණෙන් ඉන්දියානු අර්ධද්වීපය ලෙසින් මුහුදු මට්ටමෙහි සිට ඉහළට පැන නගින ඉන්දියානු තලය වෙතින් සමන්විත වෙයි. දකුණු ආසියාව දකුණු දිශාවෙන් ඉන්දීය සාගරයෙන් සීමා වන අතර භූමිය ඇති දිශාවෙන් ( බටහිර සිට දක්ෂිණාවර්තව) බටහිර ආසියාවෙන්, මධ්‍යම ආසියාවෙන්, නැගෙනහිර ආසියාවෙන්, සහ අග්නිදිග ආසියාවෙන් මායිම්වී ඇත.
දකුණු ආසියාව | |
---|---|
රටවල් | |
භූමි බල ප්‍රදේශ | 0, 1, හෝ 2 (පෙළ බලන්න) |
දදේනි (නාමික) | $1.854 ට්‍රිලියන (2009) |
දදේනි ඒක පුද්ගල (නාමික) | $1,079 (2009) |
භාෂාවන් | අසාමීස/අසොමියා, බලුකි, බෙංගාලි, බෝදෝ, බුරුම, ඩාරි,[1] දිවෙහි, ඩෝග්රි, සොන්කා, ඉංග්‍රීසි, ගුජරාටි, හින්දි, හින්ඩ්කො, කන්නඩා, කාෂ්මිර, කොංකනී, මයිතිලි, මලයාලම්, මරාටි, මනිපුරි, නේපාල, ඔරියා, පහාරි, පෂ්ටො, පංජාබි, සංස්කෘත, සන්තාලි, සින්දි, සිංහල, සරායිකි, දෙමළ, තෙලුගූ, ටිබෙටියානු, උර්දූ, සහ අනෙකුන් |
වේලා කලාප | UTC +6:30 (බුරුමය) සිට UTC +3:30 (ඉරානය) |
විශාලතම නගර | අහමදාබාද්, අම්රිට්සර්, බැංගලෝරය, චිටගොං, චෙන්නයි, කොචින්, කොළඹ, දිල්ලිය, ඩැකා, ෆයිසලාබාද්, හයිද්‍රබාද්, හයිද්‍රබාද්, ඉස්ලමබාද්, ජායිපූර්, කන්පූර්, කරච්චිය, කත්මන්දූ, කොල්කටා, කොලිකොර්, ලාහෝරය, ලාසා, ලක්නව්, මාලේ, මුම්බායි, පට්නා, පේෂවාර්, පූනේ, කුවේටා, රාවල්පින්ඩි, සක්කර්, සූරත්, තිම්පු, තිරුවානතපුරම්, විශාකපට්නම් සහ යැංගුං |
ප්‍රදේශයට අයත්වන්නේ කුමන රටවල්ද යන්න පිළිබඳව විවිධවූ මූලාශ්‍ර විවිධ ප්‍රකාශ නිකුත් කර සිටිති. නිදසුනක් ලෙසින්, එක්සත් ජාතීන්ගේ භූවිද්‍යාත්මක ප්‍රදේශ වර්ගීකරණය අනුව,[2] දකුණු ආසියාව සමන්විත වන්නේ ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින්, නේපාලය, පකිස්තානය, සහ ශ්‍රී ලංකාව යන රටවලිනි. කෙසේවෙතත්, එක්සත් ජාතීන් සටහන් කොට දක්වන්නේ "විශේෂිතවු කණ්ඩායම් වලට රටවල් හෝ ප්‍රදේශ හෝ පැවරීම හුදෙක් සංඛ්‍යානමය පහසුව සඳහාම වන අතර රටවල් හෝ භූමිප්‍රදේශයන් හෝ අතර දේශපාලනමය හෝ වෙනත් හෝ අනුබැඳියක් හුවා නොදක්වයි."[3]
ලොව ජනගහණයෙන් පහෙන් පංගුවකට පමණ නිවහන සපයන්නේ දකුණු ආසියාව වන අතර මෙය නිසාවෙන් එය ලොව වඩාත්ම ජනාකීර්ණ හා වඩාත්ම ගහන ලෙස ජනයා සහිත භූගෝලීය ප්‍රදේශය වෙයි.[4] දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය යනු කලාපයේ පවතින ආර්ථික සහයෝගිතා සංවිධානයකි.