From Wikipedia, the free encyclopedia
(මෙම ලිපිය "මර්ලින්" 2008-2012 බ්‍රිතාන්‍ය රූපවාහිනී කතා මාලාව පිළිබඳ වේ.)
ගොනුව:Merlin - Screen Capture.jpg | |
මෙලෙසද හැඳින්වේ | The Adventures of Merlin[1] |
---|---|
ප්‍රභේදය | Family drama Medieval fantasy |
තැනුවේ | Julian Jones Jake Michie Johnny Capps Julian Murphy |
රඟපෑම | Colin Morgan Bradley James Angel Coulby Katie McGrath Richard Wilson Anthony Head John Hurt Nathaniel Parker |
තේමා සංගීත නිර්මාණකරු | Rob Lane |
ඇරඹුම් තේමාව | "Merlin's Arrival at Camelot" |
අවසන් තේමාව | "The Call of Destiny" |
Composer(s) | Rob Lane Rohan Stevenson |
සම්භව රට | United Kingdom |
භාෂාව(න්) | English |
No. of series | 5 |
කථාංග ගණන | 65 (කථාංග ලැයිස්තුව) |
විධායකනිෂ්පාදක(යෝ) | Julie Gardner Bethan Jones[2] |
ස්ථානය(න්) | Wales France |
ධාවන කාලය | 45–50 minutes |
නිෂ්පාදන සමාගම | Shine Television |
බෙදාහරින්නා | FremantleMedia |
මුල් නාලිකාව | BBC One BBC One HD (Series 4 – Series 5) |
රූප ආකෘතිය | 1080i (HDTV) |
ශබ්ද ආකෘතිය | Dolby Digital 5.1 |
මුල් ධාවනය | 20 සැප්තැම්බර් 2008 දෙසැම්බර් 2012 | – 24
සබැඳි දර්ශන | Merlin: Secrets and Magic |
වෙබ් අඩවිය |
මර්ලින් ( ම(ර්)ලින් ; ඉංග්‍රීසි : Merlin) යනු බ්‍රිතාන්‍ය ෆැන්ටසි හා වික්‍රමාන්විත ගණයේ රූපවාහිනී ටෙලිනාට්‍ය මාලාවකි. ජුලියන් ජෝන්ස්, ජේක් මිශී, ජුලියන් මර්ෆි සහ ජොනී කැප්ස් එහි නිර්මාපකයින් වේ. මෙම කතා මාලාව මුලින්ම BBC One (බී.බී.සී. වන්) නාලිකාවේ 2008 සැප්තැම්බර් 20 දින සිට 2012 දෙසැම්බර් 24 දක්වා විකාශය විය.
කොලින් මෝර්ගන් (මර්ලින්), බ්‍රැඩ්ලී ජේම්ස් (ආතර්), එන්ජෙල් කොල්බි (ග්වෙනවියර්), කැතී මැග්‍රාත් (මොගනා), ඇන්තනි හෙඩ් (යුතර් රජු) සහ රිචඩ් විල්සන් (ගයස්) මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වේ.
මර්ලින් රූපවාහිනී කතා මාලාව එංගලන්තයේ ආතර්ගේ පුරාවෘතය පාදක කරගෙන නිර්මාණය කර තිබේ. එය ආතර් පෙන්ඩ්රැගන්ට සේවය කරන මර්ලින් නමැති තරුණ ඉන්ද්‍රජාලිකයා වටා ගෙතී ඇත. එහෙත් මෙය පුරාවෘතයේ එන මුල් කතාවට වඩා වෙනස්කම් රැසක් පෙන්වයි. එමෙන්ම මෙය Smallville නමැති ඇමෙරිකානු රුපවාහිනී නාට්‍ය මාලාවටද සමානකමක් දක්වයි. 2006 වසරේදී මුලින්ම මර්ලින් කතා මාලාව නිර්මාණය කිරීමට සුදානම් වුවද එය 2008 දක්වා කල් ගියේය. පසුව ඇමෙරිකාවේ NBC නාලිකාවේද මුල් කොටස් විකාශය වූ අතර ඉතුරු කොටස් Syfy නාලිකාවේ විකාශය විය. මෙම කතාමාලාව ශ්‍රී ලංකාවේදී හිරු TV නාලිකාවේ, 2013 මාර්තු සිට ඔක්තෝබර් දක්වා පළමු වරට විකාශය විය.
මෙම කතාවෙන් කියවෙන්නේ කැම්ලොට් නුවර ආතර් කුමරු ආරක්ෂා කිරීමට තම මායා හැකියාවන් යොදාගන්නා මර්ලින් නමැති තරුණ සේවකයා ගැනය. කතාව ආරම්භයේදී තම මව සැලසුම් කර දී ඇති පරිදි කැම්ලොට් නුවර රාජකීය වෙදැදුරු ගයස් සමග නැවතීම සඳහා මර්ලින්, කැම්ලොට් නුවරට පැමිණෙයි. එහි වත්මන් රජු වන යුතර්, මායාව භාවිත කිරීම තහනම් කොට, අවසන් ශ්‍රේෂ්ඨ මකරා ද යටි බිම් ගෙයි සිරගත කර ඇති බව මර්ලින් එහිදී අවබෝධ කරගනි. තම හිස තුලින්ම ඇසෙන අත්භුත හඬක් නිසා මර්ලින් සිරගත කර ඇති මකරා හමුවට යයි. එහිදී මකරා මර්ලින්ට පවසන්නේ, මර්ලින්ට වැදගත් රාජකාරියක් පැවරී ඇති බවයි. ඒ, අනාගතයේ ඇල්බියන් දේශය පිහිටුවන ආතර් කුමරු, ඉදිරියේදී මුහුණ දෙන විපත් වලින් ගලවා ගැනීමයි. පසුව සිදුවන සිදුවීමකින් ආතර්ගේ ජීවිතය බේරාගන්නා මර්ලින්, ඒ නිසාම අතර්ගේ සේවකයා ලෙස රජු විසින් පත් කෙරේ. කෙසේ වෙතත් මුලදී මර්ලින්ට ආතරුත්, ආතර්ට මර්ලිනුත් නුරුස්සන අතර, පසුව ඔවුන් හොඳ මිතුරන් බවට පත්වේ. යුතර් රජුගේ ක්‍රියාකලාපය නිසා කැම්ලොට් රාජධානියට විරුද්ධව කටයුතු කරන මොගානා ගෙන් ඇල්බියන් දේශය ආරක්ෂා කරගැනීමට ආතර්ට උදව් වීමට මර්ලින් ගන්නා උත්සාහයත් සමග කතාව ඉදිරියට යයි. ඒ සමගම තම මායා හැකියාවන් අන් අයගෙන් වසන් කරගැනීමට ද මර්ලින් කටයුතු කරයි. කෙසේවෙතත් ගයස් සහ ලාන්ස්ලොට් නයිට්වරයා මර්ලින්ගේ මායාව ගැන මුලින්ම දැන ගනී.කතාව අවසානයේ ආතර් රජු සහ ග්වෙනවියර් ද මර්ලින්ගේ මෙම හැකියාව ගැන දැනගනී.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.