විකිමීඩියා ලැයිස්තු ලිපිය From Wikipedia, the free encyclopedia
මහේල ජයවර්ධන යනු, ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙහි හිටපු නායකයෙක් වෙයි. රට විසින් නිපැයුනු හොඳම පිතිකරුවන් අතරින් එක් අයෙකු ලෙසින් ඔහු විස්තර කෙරෙයි. [1][2] සහෘද ශ්‍රී ලාංකික තුමාර් සංගක්කාර ඔහු පසුකිරීමට පෙර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග සඳහා ප්රමුඛ ලකුණු-රැස්කරන්නා වූයේ ජයවර්ධන වන අතර, මහේල විසින් ශතක 34 ක් රැස් කර ගෙන ඇත. [3] ඔහුගේ එක් දින ජාත්‍යන්තර (එදිජා) අභිවෘත්තියෙහි ශතක 16 ක් රැස්කිරීමට ඔහු සමත්ව ඇති අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන්වන-වැඩිම ලකුණු-රැස්කරන්නා වෙයි. [4] විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරග වලදීද, රට වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කරන්නා ඔහු වන අතර, එක් ශතකයක් ඔහු විසින් රැස් කරගෙන ඇත.[5] ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙහි (අයිසීසී) ලෝක එක් දින ජාත්‍යන්තර කණ්ඩායමෙහි නායකයා ලෙසින් ජයවර්ධන තෝරා ගනු ලැබුණු අතර, 2006 අයිසීසී ප්‍රදාන තුලදී වසරෙහි නායකයා ලෙසින් තෝරා ගැනුණි.[6] 2007 වසරෙහිදී, වසරෙහි විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් එක් අයෙකු ලෙසින් ඔහු හඳුනාගත් අතර,[7]ඉන්පසු නසරෙහිදී අයිසීසී ලෝක ටෙස්ට් කණ්ඩායමෙහි සාමාජිකයෙක් විය.[8]
ජයවර්ධනගේ මංගලාවතරණ ටෙස්ට් තරගය වූයේ, ඉන්දියාවට එරෙහිව අගෝස්තු 1997 තරගය වූ අතර, එහිදී ශ්‍රී ලාංකික කණ්ඩායම කඩුළු හයකට ලෝක වාර්තාගත ලකුණු 952 ක් රැස් කර ගති.[9] නවසීලන්තයට එරෙහිව 1998 ජූනි මාසයේදී ක්‍රීඩා කෙරුණු ඔහුගේ සතරවන තරගයේදී, ඔහු විසින් මංගල ටෙස්ට් ශතකය වාර්තා කලේය.[10]බංග්ලාදේශයට එරෙහිව, 2001 සැප්තැම්බරයේදී ඔහු රැස් කල ලකුණු 150, ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු විසින් රැස් කල වේගවත්ම ටෙස්ට් ශතකය වෙයි.[11] කෙසේවෙතත්, මෙම ඉනිම අසාමාන්‍ය ලෙස අවසන් වූයේ, ලකුණු 150 ක් රැස් කල විගසින්, ඔහු පිටියෙන් ඉවත්ව දැවීයෑම සිදුවීම නිසාය. .[N 1][15] ජයවර්ධනගේ හොඳම ඉනිම ක්‍රීඩා කෙරුණේ, 2006 වසරේ ජූලි මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව වන අතර, ශ්‍රී ලාංකික පිතිකරුවෙකු විසින් රැස්කරගෙන තිබූ වැඩිම පෞද්ගලික ලකුණු වාර්තාව වූ සනත් ජයසූරියගේ ලකුණු 340 පසුකරමින් ලකුණු 374 ක් එහිදී ඔහු රැස් කර ගත්තේය. [16] එය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සතරවන-වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර,[17] ඔහුගේ කණ්ඩායම් සගයා කුමාර් සංගක්කාර හා සමගින් පිහිටවූ ලෝකයේ විශාලතම ටෙස්ට් සම්බන්ධතාවයෙහි —ලකුණු 624—කොටස්කරුවෙකුද වෙයි.[18] තම අභිවෘත්තිය තුලදී, ජයවර්ධන විසින් ශතක 34ක් රැස් කල අතර, එය ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් විසින් රැස් කල වැඩිම ශතක ගණන විය.[19] මෙම අවස්ථාවලින් හතක් තුලදී ඔහු ලකුණු 200 ඉක්මවා රැස් කර ඇත. මෙය ශ්‍රී ලාංකික ක්රීඩකයෙතු විසින් රැස් කල දෙවන-වැඩිම ද්විත්ව ශතක සංඛ්‍යාවයි. [20] ශ්‍රී ලංකාව වෙනුවෙන් ත්‍රිත්ව ශතක රැස් කල එකම ක්‍රීඩකයන් දෙදෙන අතුරින් ඔහු එකෙකු වෙයි; අනෙකා ජයසූරිය වෙයි. [21]
1998 ජනවාරි 24 දිනදී සිය එදිජා මංගලාවතරණය සිම්බාබ්යේ පිලට එරෙහිව සිදු කල ජයවර්ධන, ඉන් වසරකට පසුව, 100 ජනවාරි 23 දිනදී ඔහුගේ පළමු ශතකය රැස් කලේ එංගලන්තයට එරෙහිවය. [22] ඔහුගේ ටෙස්ට් ශතක මෙන් සත්කීර්තිමත් නොවෙතත්, ඔහු විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් එදිජා ශතක 16 ක් රැස් කර තිබුණි. එක් ක්‍රීඩකයෙකු විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස් කර ඇති දෙවන-විශාලතම ශතක සංඛ්‍යාව බවට මෙය පත් වන්නේ, ජයසූරියගේ ශතක 28 ට පසුපසිනි. [23] 2007 අප්‍රිකා-ආසියානු කුසලාන තුලදී ඔහු විසින් නාකත්වය සැපයුණු ආසියානු XI කණ්ඩායම වෙනුවෙන්, 2007 ජූනි 10 දිනදී, ජයවර්ධන විසින් ලකුණු 107 රැස් කෙරිණි. [24] ආසියානු XI වෙනුවෙන් ශතකයක් රැස් කල එකම ක්‍රීඩකයන් වන්නේ, එම තරගයේදීම නොදැවී ලකුණු 139 රැස් කල මහේන්ද්‍ර සිං දෝනි සහ ජයවර්ධන වෙති. [25] 2011 ක්‍රිකට් ලෝක කුසලානෙහි අවසන් තරගයෙහිදී ඉන්දියාවට එරෙහිව නොදැවී ලකුණු 103ක් රැස් කර ගැනීම හා සමගම, ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයකදී ශතකයක් රැස් කල සයවන ක්‍රීඩකයා වීමට ජයවර්ධන සමත් විය. [N 2] කෙසේවෙතත්, ශ්‍රී ලංකාව එම තරගය පැරදුනු අතර, ලෝක කුසලාන අවසන් තරගයකදී වැරදුනු ඉලක්කයක පළමු ශතක රැස් කරන්නා බවට ජයවර්ධන පත් කළේය.[27][28]
එංගලන්තයට එරෙහිව, 2006 ජූනි 15 දිනදී, ජයවර්ධනගේ වි20ජා මංගලාවතරණය සිදුවූ අතර ඔහු විසින් පළමු ශතකය රැස් කලේ 2010 මැයි 3 දිනදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවය.[29] වි20ජා තරගයකදී ශතකයක් රැස්කල සතරවන ක්‍රීඩකයා ජයවර්ධන වූ අතර, එසේ කල පළමුවන ශ්‍රී ලාංකිකයා විය.[30]
සංකේතය | අර්ථය |
---|---|
* | නොදැවී සිටියේය |
♠ | තරගයේ වීරයා |
† | ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීය |
ටෙස්ට් | එම තරගාවලියෙහි ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව |
ස්ථානය | පිතිකරන අනුපිළිවෙලෙහි ස්ථානය |
ඉනිම. | තරගයේ ඉනිම |
රැ.වේ. | ඉනිම තුලදී ලකුණු රැස්කිරීමේ වේගය |
සි/පි/ස් | ස්ථානය සියරට (ශ්‍රී ලංකාව), පිටරටද හෝ ස්වාධීන තැනකද යන වග |
පැරදුනි | ශ්‍රී ලංකාව විසින් තරගය පැරදුනි |
දිනාගති | ශ්‍රී ලංකාව විසින් තරගය දිනාගති |
ජය පැරදුමකින් තොරව | තරගය ජය පැරදුමින් තොර විය |
අංකය. | ලකුණු | එරෙහිව | ස්ථානය. | ඉනිම. | ටෙස්ට් | පිහිටීම | සි/පි/ස් | දිනය | ප්‍රතිඵලය |
---|---|---|---|---|---|---|---|---|---|
1 | 167♠ | නවසීලන්තය | 3 | 2 | 2/3 | ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල | සියරට | 1998 ජූනි 3 | දිනාගති [31] |
2 | 242♠ | ඉන්දියාව | 3 | 2 | 2/4 | සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ | සියරට | 1999 පෙබරවාරි 24 | ජය පැරදුමකින් තොරව [32] |
3 | 167 | දකුණු අප්‍රිකාව | 4 | 1 | 1/3 | ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල | සියරට | 2000 ජූලි 20 | දිනාගති [33] |
4 | 101* | දකුණු අප්‍රිකාව | 4 | 4 | 3/3 | සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ | සියරට | 2000 අගෝස්තු 6 | ජය පැරදුමකින් තොරව [34] |
5 | 101 | එංගලන්තය | 5 | 1 | 2/3 | අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර | සියරට | 2001 මාර්තු 7 | පැරදුනි [35] |
6 | 104 | ඉන්දියාව | 4 | 1 | 2/3 | අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර | සියරට | 2001 අගෝස්තු 22 | පැරදුනි [36] |
7 | 139 | ඉන්දියාව | 4 | 2 | 3/3 | සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ | සියරට | 2001 අගෝස්තු 29 | දිනාගති [37] |
8 | 150 | බංග්ලාදේශය | 4 | 2 | 2/3 | සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ | සියරට | 2001 සැප්තැම්බර් 6 | දිනාගති [38] |
9 | 107 | එංගලන්තය | 4 | 1 | 1/3 | ලෝඩ්ස් ක්‍රිකට් පිටිය, ලන්ඩනය | පිටරට | 2002 මැයි 16 | ජය පැරදුමකින් තොරව [39] |
10 | 134 | එංගලන්තය | 4 | 2 | 3/3 | සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ | සියරට | 2003 දෙසැම්බර් 18 | දිනාගති [40] |
11 | 100* | සිම්බාබ්වේ | 4 | 2 | 2/2 | ක්වීන්ස් ක්‍රීඩා සමාජය, බුලවායෝ | පිටරට | 2004 මැයි 14 | දිනාගති [41] |
12 | 237♠ | දකුණු අප්‍රිකාව | 4 | 1 | 1/2 | ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල | සියරට | 2004 අගෝස්තු 4 | ජය පැරදුමකින් තොරව [42] |
13 | 141 | නවසීලන්තය | 4 | 2 | 1/2 | මැක්ලීන් පාර්ක්, නේපියර්, නවසීලන්තය | පිටරට | 2005 අප්‍රේල් 4 | ජය පැරදුමකින් තොරව [43] |
14 | 119♠† | එංගලන්තය | 4 | 3 | 1/3 | ලෝඩ්ස් ක්‍රිකට් පිටිය, ලන්ඩනය | පිටරට | 2006 මැයි 11 | ජය පැරදුමකින් තොරව [44] |
15 | 374♠† | දකුණු අප්‍රිකාව | 4 | 2 | 1/2 | සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ | සියරට | 2006 ජූලි 27 | දිනාගති [45] |
16 | 123♠† | දකුණු අප්‍රිකාව | 4 | 4 | 2/2 | පයිකියසෝති සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ | සියරට | 2006 අගෝස්තු 4 | දිනාගති [46] |
17 | 127† | බංග්ලාදේශය | 4 | 2 | 1/3 | සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ | සියරට | 2007 ජූනි 25 | දිනාගති [47] |
18 | 165† | බංග්ලාදේශය | 4 | 3 | 3/3 | අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර | සියරට | 2007 ජූලි 11 | දිනාගති [48] |
19 | 104† | ඕස්ට්‍රේලියාව | 4 | 2 | 2/2 | බෙලරීව් ඕවල්, හෝබාට් | පිටරට | 2007 නොවැම්බර් 16 | පැරදුනි [49] |
20 | 195♠† | එංගලන්තය | 4 | 2 | 2/3 | සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ | සියරට | 2007 දෙසැම්බර් 9 | ජය පැරදුමකින් තොරව [50] |
21 | 213*♠† | එංගලන්තය | 4 | 1 | 3/3 | ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල | සියරට | 2007 දෙසැම්බර් 18 | ජය පැරදුමකින් තොරව [51] |
22 | 136† | බටහිර ඉන්දීය කොදෙව් | 4 | 1 | 1/2 | ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණය, ප්‍රොවිඩන්ස් | පිටරට | 2008 මාර්තු 22 | දිනාගති [52] |
23 | 136† | ඉන්දියාව | 4 | 1 | 1/3 | සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ | සියරට | 2008 ජූලි 23 | දිනාගති [53] |
24 | 166† | බංග්ලාදේශය | 4 | 3 | 1/2 | ෂර්-ඊ-බංගලා ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩකා | පිටරට | 2008 දෙසැම්බර් 26 | දිනාගති [54] |
25 | 240† | පකිස්තානය | 4 | 1 | 1/2 | නැෂනල් ක්‍රීඩාංගණය, කරච්චිය | පිටරට | 2009 පෙබරවාරි 21 | ජය පැරදුමකින් තොරව [55] |
26 | 114 | නවසීලන්තය | 4 | 1 | 1/2 | ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල | සියරට | 2009 අගෝස්තු 18 | දිනාගති [56] |
27 | 275♠ | ඉන්දියාව | 4 | 2 | 1/3 | සර්දාර් පටේල් ක්‍රීඩාංගණය, අහමඩාබාඩ් | පිටරට | 2009 නොවැම්බර් 16 | ජය පැරදුමකින් තොරව [57] |
28 | 174 | ඉන්දියාව | 4 | 1 | 2/3 | සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ | සියරට | 2010 ජූලි 26 | ජය පැරදුමකින් තොරව [58] |
29 | 105 | ඕස්ට්‍රේලියාව | 4 | 4 | 1/3 | ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල | සියරට | 2011 අගෝස්තු 31 | පැරදුනි [59] |
30 | 180† | එංගලන්තය | 4 | 2 | 1/2 | ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල | සියරට | 2012 මාර්තු 26 | දිනාගති [60] |
31 | 105 | එංගලන්තය | 4 | 2 | 2/2 | පී.සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ | සියරට | 2012 අප්‍රේල් 03 | පැරදුනි [61] |
32 | 129♠ | පකිස්තානය | 5 | 2 | 2/3 | ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩුබායි | පිටරට | 2014 ජනවාරි 09 | දිනාගති [62] |
33 | 203*♠ | බංග්ලාදේශය | 4 | 2 | 1/2 | ෂර්-ඊ-බංගලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩකා | පිටරට | 2014 ජනවාරි 29 | දිනාගති [63] |
34 | 165 | දකුණු අප්‍රිකාව | 4 | 1 | 2/2 | සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ | සියරට | 2014 ජූලි 24 | ජය පැරදුමකින් තොරව [64] |
අංකය. | ලකුණු | එරෙහිව | ස්ථානය. | ඉනිම. | රැ.වේ. | පිහිටීම | සි/පි/ස් | දිනය | ප්‍රතිඵලය |
---|---|---|---|---|---|---|---|---|---|
1 | 120♠ | එංගලන්තය | 5 | 2 | 108.10 | ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ් | ස්වාධීන | 1999 ජනවාරි 23 | දිනාගති [65] |
2 | 101♠ | පකිස්තානය | 3 | 1 | 73.18 | ඉන්දිරා ප්‍රියදර්ශිනී ක්‍රීඩාංගණය, විශාකපත්නම් | ස්වාධීන | 1999 මාර්තු 27 | දිනාගති [66] |
3 | 128 | ඉන්දියාව | 4 | 1 | 104.06 | සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය, සාජා | ස්වාධීන | 2000 27 | දිනාගති [67] |
4 | 101*♠ | එංගලන්තය | 4 | 1 | 87.82 | ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ | සියරට | 2001 මාර්තු 25 | දිනාගති [68] |
5 | 116♠ | නවසීලන්තය | 4 | 1 | 89.92 | සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය, සාජා | ස්වාධීන | 2001 අප්‍රේල් 10 | දිනාගති [69] |
6 | 106*♠ | බටහිර ඉන්දීය කොදෙව් | 4 | 2 | 112.76 | අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර | සියරට | 2001 දෙසැම්බර් 15 | දිනාගති [70] |
7 | 126*♠† | එංගලන්තය | 3 | 2 | 99.21 | රිවර්සයිඩ් ක්‍රීඩාංගණය, චෙස්ටර්-ලි-ස්ට්‍රීට් | පිටරට | 2006 ජූනි 24 | දිනාගති [71] |
8 | 100♠† | එංගලන්තය | 3 | 1 | 120.48 | ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මහා මැන්චෙස්ටර් | පිටරට | 2006 ජූනි 28 | දිනාගති [72] |
9 | 115*♠† | නවසීලන්තය | 4 | 1 | 105.50 | සබීනා පාර්ක්, කිංස්ටන් | ස්වාධීන | 2007 අප්‍රේල් 24 | දිනාගති [73] |
10 | [N 3] | 107අප්‍රිකා XI | 6 | 1 | 100.94 | එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණය, චෙන්නයි | ස්වාධීන | 2007 ජූනි 10 | දිනාගති [74] |
11 | 123♠ | පකිස්තානය | 2 | 2 | 113.88 | රන්ගිරි දඹුළු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, දඹුල්ල | සියරට | 2009 අගෝස්තු 3 | දිනාගති [75] |
12 | 108 | බංග්ලාදේශය | 2 | 2 | 92.30 | ෂර්-ඊ-බංගලා ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩකා | පිටරට | 2010 ජනවාරි 8 | දිනාගති [76] |
13 | 100 | කැනඩාව | 4 | 1 | 123.45 | මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, Hambantota | සියරට | 2011 පෙබරවාරි 20 | දිනාගති [77] |
14 | 103* | ඉන්දියාව | 4 | 1 | 117.04 | වන්කඩේ ක්‍රීඩාංගණය, මුම්බායි | පිටරට | 2011 අප්‍රේල් 02 | පැරදුනි [78] |
15 | 144 | එංගලන්තය | 2 | 1 | 96.0 | හෙඩ්ංලි ක්‍රීඩාංගණය, ලීඩ්ස් | පිටරට | 2011 ජූලි 01 | දිනාගති [79] |
16 | 107 | ඉන්දියාව | 2 | 1 | 95.53 | සබීනා පාර්ක්, කිංස්ටන් | ස්වාධීන | 2013 ජූලි 02 | දිනාගති [80] |
අංකය. | ලකුණු | එරෙහිව | ස්ථානය. | ඉනිම. | රැ.වේ. | පිහිටීම | සි/පි/ස් | දිනය | ප්‍රතිඵලය |
---|---|---|---|---|---|---|---|---|---|
1 | 100♠ | සිම්බාබ්වේ | 1 | 1 | 156.25 | ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණය, ප්‍රොවිඩන්ස් | ස්වාධීන | 2010 මැයි 3 | දිනාගති [81] |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.