මාර්ටින් වික්‍රමසිංහ
ශ්‍රී ලාංකේය කතුවරයා / From Wikipedia, the free encyclopedia
ළමා හේවගේ දොන් මාර්ටින් වික්‍රමසිංහ (1890 මැයි 29 – 1976 ජුලි 23) ළමා හේවගේ දොන් බස්තියන් ද සිල්වා (පසුකාලීනව දොන් බස්තියන් වික්‍රමසිංහ යන නමින් හඳුන්වා තිබේ.)[1][2] සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි යන යුවලට දාව දස දෙනෙකුගෙන් යුතු පවුලේ එකම පිරිමි දරුවා ලෙස ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයේ දී උපත ලැබීය. කොග්ගල ග්‍රාමය එක් පැත්තකින් ගල් පරයකින්ද, අනෙක් පසින් කොග්ගල ඔයේ අතු ගංගාවන් විශාල ප්‍රමාණයකින් එකතුවන ජල ප්‍රවාහය විසින් නිර්මාණය කළ විශාල වැවකින්ද සමන්විත විය. මුහුද කුඩා දුපත් වලින් සමන්විත වූ වැව ශාක හා සතුන් ද පසෙකින් වූ වන ගහනයෙන් ද සුසැදි භූ දර්ශන මෙන් ම ගම්මානයේ ජනතාවගේ වෙනස්වන ජීවන ක්‍රම සහ සංස්කෘතිය ඔහුගේ පසුකාලීන නිර්මාණ කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේ ය.
Quick Facts මාර්ටින් වික්‍රමසිංහ, උපත ...
මාර්ටින් වික්‍රමසිංහ | |
---|---|
උපත | ළමා හේවගේ දොන් මාර්ටින් වික්‍රමසිංහ 1890 මැයි 29 |
මියගිය දිනය | 1976 ජුලි 23 (වයස 86) |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රැකියාව | ගත්කරු, ලේඛකයා |
සක්‍රීය වසර | 1914 - 1976 |
කලත්‍රයා(යන්) | කතලුවේ බාලගේ ප්‍රේමා ද සිල්වා |
දරුවන් | සරත් කුසුම් වික්‍රමසිංහ, වසන්ත කුමාර වික්‍රමසිංහ, රූපා මාලතී සපරමාදු, හිමන්ෂු රංග වික්‍රමසිංහ, ඌෂා ඒකනායක, ඌනි කුරුප්පු |
වෙබ් අඩවිය | නිළ වෙබ් අඩවිය |
Close