රන් ආල්පිත ලෝකඩ භාවනානුයෝගී මෛත්‍රෙය ප්‍රතිමාව (ජාතික වස්තුව අං. 83)
From Wikipedia, the free encyclopedia
රන් ආලේපිත ලෝකඩ භාවනානුයෝගී මෛත්‍රෙය ප්‍රතිමාව යනුවෙන් හැඳින්වෙන්නේ අනාගත බුදුන් වහන්සේ වන මෛත්‍රෙය බෝධිසත්ත්වයින්ගේ යැයි සැලකෙන රන් ආලේපිත ලෝකඩ ප්රතිමාවකි. මෙහි බෝසතුන් අර්ධ-හිඳි ධ්‍යානශීලී ඉරියව්වකින් වැඩ හිඳියි. සාමාන්‍යයෙන් මෙම ප්‍රතිමාව ධ්‍යානශීලී බෝධිසත්ත්ව ප්‍රතිමාව, චින්තාපර බෝධිසත්ත්ව ප්‍රතිමාව හෝ රන් ආලේපිත ලෝකඩ හිඳි මෛත්‍රෙය ප්‍රතිමාව වැනි නම්වලින් හඳුන්වනු ලබයි. කොරියානු බසින් මෙම ප්‍රතිමාව බොහෝවිට හැඳින්වෙන්නේ පන්ගසායුසං යන නාමයෙනි. මෙය 83වන කොරියානු ජාතික වස්තුව ලෙස නම් කොට ඇත.
රන් ආල්පිත ලෝකඩ භාවනානුයෝගී මෛත්‍රෙය ප්‍රතිමාව | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 금동 미륵보살 반가상 |
හන්ජා | 金銅彌勒菩薩半跏像 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Geumdong Mireuk Bosal ban-gasang |
මැකූන්–රයිෂවර් | Kŭmdong Mirŭk Posal pan'gasang |
මෙතෙක් නිර්මාණය කොට ඇති බෞද්ධ ප්‍රතිමා අතුරින් විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සැලකෙන මෙම ප්‍රතිමාව කොරියානු කලාවේ අග්‍රකෘතියක් ලෙස සැලකේ. වර්තමානයේ මෙම ප්‍රතිමාව කොරියාවේ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අතර, එය එහි වඩාත්ම ජනප්‍රිය කෞතුක වස්තුවක් ද වේ.
කොරියානු ජාතික වස්තුව අං. 83 නම් වන මෙම ප්‍රතිමාව මිල කළ නොහැකි වුවත්, වොන් බිලියන 50ක මුදලකට රක්ෂණය කොට ඇත. මෙය කොරියාවේ වඩාත්ම මිලාධික ජාතික වස්තුව ලෙස සැලකේ.[1]