ජපන් භාෂාව
From Wikipedia, the free encyclopedia
Remove ads
ජපන් භාෂාව ඈත අතීතයේ දී චීනයේ සිට චීන භාෂාවෙන් පැවත ආ බව සැලකේ. එසේම අතීතයේ ජපන් ජාතිකයින් හට හෝඩියක් නොමැතිව සිටි අවස්ථාවේදී චීන වෙළෙන්දන්ගේ ව්‍යාපාර ජපානය හරහා සිදු කිරීමේදී මෙය ඇතිවිය. ජපන් භාෂාව, එම භාෂාවෙන් හඳුන්වන්නේ "නිහොන්ගො" "日本語" යන නමින් ය. තවමත් චීන අක්ෂර තරමක් වෙනස් වී කන්ජි අක්ෂර (Kanji) ”漢字”ලෙස ජපන් භාෂාවේ භාවිතයේ ඇත. ඊට අමතරව හිරගන (Hiragana) සහ කතකන (Katakana) යන අක්ෂර ද භාවිතා කරයි.
- කන්ජි : සාම්ප්‍රදායික ජපන් වචන ලිවීමට භාවිතා කරයි. බොහෝ විට එක කන්ජියකින් එක වචනයක තේරුමක් ඇත. මෙවැනි කන්ජි 3000ක් පමණ ඇති නමුත් සාමාන්‍යයෙන් ඉන් කන්ජි 2500ක් පමණ භාවිතා කරයි.
- හිරගන : ජපන් භාෂාවට ආවේනික වචන ලිවීමට මෙය භාවිතා කරයි. මෙය අකුරු 46 න් සමන්විත වන අතර එක් අකුරකින් එක් ශබ්දයක් පමණක් උපද්දවයි.
- කතකන : වෙනත් විදේශීය භාෂා වලින් ජපන් භාෂාවට පැමිණි වචන සහ නාමයන්, කතකනා අක්ෂර වලින් ලියයි. මෙය ද අකුරු 46 න් සමන්විතය.
- ජපන් බස ඉගැනුම ආරම්භ කරන්නන්ගේ පහසුව සඳහා "රෝමජි" (Rōmaji) "ローマ字"නමින්, ජපන් වචනයේ ශබ්දය ඉංග්‍රීසි අකුරු යොදා ලිවීමෙ ක්‍රමයක්ද ඇත.
හිරගන හෝඩිය
あ(අ) い(ඉ) う(උ) え(එ) お(ඔ)
か(ක) き(කි) く(කු) け(කෙ) こ(කො)
さ(ස) し(ෂි) す(සු) せ(සෙ) そ(සො)
た(ත) ち(චි) つ(ට්සු) て(තෙ) と(තො)
な(න) に(නි) ぬ(නු) ね(නෙ) の(නො)
ま(ම) み(මි) む(මු) め(මෙ) も(මො)
は(හ) ひ(හි) ふ(ෆු) へ(හෙ) ほ(හො)
ら(ර) り(රි) る(රු) れ(රෙ) ろ(රො)
わ(ව) を(වො) や(ය) ゆ(යු) よ(යො) ん(න්)
Remove ads
ආශ්‍රිත
මූලාශ්‍ර
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads