![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/51/Flag_of_North_Korea.svg/langsi-640px-Flag_of_North_Korea.svg.png&w=640&q=50)
උතුරු කොරියාව
From Wikipedia, the free encyclopedia
උතුරු කොරියාව, හෙවත් නිල වශයෙන් හඳුන්වන පරිදී ප්රජාතන්ත්රවාදී කොරියානු මහජන සමූහාණ්ඩුව (DPRK) නැගෙනහිර ආසියාවේ පිහිටි කොරියානු අර්ධද්වීපයේ උතුරු කොටසේ පිහිටි රටකි. මෙය ට උතුරින් චීනයත් රුසියාවත් අම්නොක් ගඟින් (චීන බසින් 'යාලු' ගඟ) හා ටුමෙන් ගඟින් වෙන් වන අතර දකුණින් දකුණු කොරියාව අධි ආරක්ෂිත කොරියානු යුධ මුක්ත කලාපයෙන් වෙන් වේ. උතුරු කොරියාව, දකුණු කොරියාව ආකාරයෙන්ම මුළු අර්ධද්වීපයේත් ආසන්න දූපත්වලත් පාලනය හිමි රජය බවට හඳුන්වාගනී. මෙහි අගනුවර හා විශාලතම නගරය වන්නේ පියොංයෑන් නගරය යි.
ප්රජාතන්ත්රවාදී මහජන කොරියානු ජනරජය | |
---|---|
උද්යෝග පාඨය:
| |
ජාතික ගීය:
| |
![]() | |
අගනුවර සහ විශාලතම නගරය | Pyongyang 39°2′N 125°45′E |
නිල භාෂා(ව) | Korean |
Official scripts | Chosŏn'gŭl |
ජාති නාම(ය) |
|
රජය | Juche single-party state |
• First Chairman of NDC | Kim Jong-un[a] |
• Chairman of the Assembly Presidium | Choe Ryong-hae |
• Premier | Choe Yong-rim |
ව්‍යවස්ථාදායකය | Supreme People's Assembly |
Formation | |
• First Kingdom | c. 7th century BC |
• Three Kingdoms | 18 BC |
• North-South Kingdoms | 698 |
• Goryeo dynasty | 918 |
• Joseon dynasty | 1392 |
• Korean empire | 12 October 1897 |
• Japan-Korea Treaty | 29 August 1910 |
• Declaration of Independence | 1 March 1919 |
• Provisional Government | 11 April 1919 |
• Liberation/Independence from Japan | 15 August 1945 |
• Provisional People's Committee for North Korea established | 8 February 1946 |
• Foundation of DPRK | 9 September 1948 |
• Chinese withdrawal | October 1958 |
• Current constitution | 27 December 1972 |
• Admitted to the United Nations | 17 September 1991 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 120,540 km2 (46,540 sq mi) (98th) |
• ජලය (%) | 4.87 |
ජනගහණය | |
• 2011 ඇස්තමේන්තුව | 24,554,000[2] (48th) |
• 2011 ජන සංගණනය | 24,052,231[3] |
• ඝණත්වය | 198.3/km2 (513.6/sq mi) |
දදේනි (ක්‍රශසා) | 2011[4] ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $45 billion |
• ඒක පුද්ගල | $2,400 |
දදේනි (නාමික) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $32.7 billion |
• ඒක පුද්ගල | $1,800[5] |
මාසද (1995/1998) | 0.766[6] ඉහළ · not ranked |
ව්‍යවහාර මුදල | North Korean won (₩) (KPW) |
වේලා කලාපය | UTC+8:30 (Pyongyang Time) |
දින ආකෘති |
|
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +850 |
අන්තර්ජාල TLD | .kp |
|
1910 දී ජපාන අධිරාජ්‍ය විසින් කොරියාව යටත් කරගන්නා ලදී. දෙවන ලෝක යුද්ධය අවසානයේ ජපානය යටත් වීමත් සමඟ කොරියාව කොටස් දෙකකට බෙදා උතුරු කොටස සෝවියට් සමූහාණ්ඩුව යටතේත්, දකුණු කොටස ඇමෙරිකානු එක්සත් ජනපදය යටතේත් පාලනය කෙරිණ. නැවත එක් කිරීමට තිබූ සාකච්ඡා අසාර්ථක වූ අතර 1948දී රජයන් දෙකක් පිහිටුවනු ලැබිණ, එනම්: උතුරේ "ප්රජාතන්ත්රවාදී කොරියානු මහජන සමූහාණ්ඩුව" හා දකුණින් ධනවාදී "කොරියානු ජනරජය" පිහිටවනු ලැබීය. උතුරු කොරියාව විසින් ඇරඹි ආක්‍රමණයකින් කොරියානු යුද්ධය (1950-1953) ඇරඹිණ. සටන් විරාම ගිවිසුමකින් යුද්ධය නතර වූවද සාම ගිවිසුමක් අත්සන් නොකෙරුණි.
උතුරු කොරියානු ව්‍යවස්ථාවේ 1වන වගන්තියට අනුව ප්රජාතන්ත්රවාදී කොරියානු මහජන සමූහාණ්ඩුව "ස්වෛරී සමාජවාදී" රාජ්‍යයකි. උතුරු කොරියාවේ මැතිවරණ පවත්වන අතර ඒවා ස්වාධීන නිරීක්ෂකයින් පවසන ආකාරයට හුදු ප්‍රදර්ශනාත්මක මැතිවරණයන් ය. උතුරු කොරියාව කිම් පවුල වටා විස්තීර්ණ ඇදහීම් ක්‍රමයක් සහිත ස්ටාලින්වාදී ඒකාධිපති ආඥාදායකයකි. පාලක පවුලේ සාමාජිකයෙකු විසින් මෙහෙයවනු ලබන කොරියානු කම්කරු පක්ෂය (WPK) උතුරු කොරියාවේ නිරපේක්ෂ පාලන බලය හොබවන අතර "පීතෘභුමිය ඒකීයකරණය සඳහා වූ ප්රජාතන්ත්රවාදී පෙරමුණේ" නායකත්වය ද හොබවයි. සියලුම දේශපාලන නිලධාරීන් අනිවාර්යයෙන් ම මෙම පෙරමුණේ සාමාජිකයන් විය යුතු ය. උතුරු කොරියානු ව්‍යවස්ථාවේ 3වන වගන්තියට අනුව "ජුචේ" හෙවත් ස්වයංපෝෂිතභාවය උතුර කොරියාවේ දැක්ම වේ. නිෂ්පාදන මාර්ගයන් සියල්ල රජය විසින් මෙහෙයවන ආයතනයන් හා සමූහ වගාබිම් මඟින් රජයට අයත් වේ. සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස ඉදිකිරීම, ආහාර නිෂ්පාදනය ආදී බොහෝ සේවාවන් සහනාධාර හෝ රාජ්‍ය අරමුදල්වලින් පවත්වාගෙන යනු ලබයි. 1994 සිට 1998 දක්වා උතුරු කොරියාව සාගතයෙන් පෙළුණු අතර ඉන් 240,000ත් 420,000ත් අතර සංඛ්‍යාවක් මියගොස් ඇත. දැනටත් සමස්ත ජනගහනය මන්දපෝෂණයෙන් පෙළෙති. උතුරු කොරියාව "සොන්ගුන්" හෙවත් හමුදාවට පළමු තැන දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. එය ලොව වැඩිම හමුදා සහ පැරාමිලිටරි භටයන් පිරිසක් සිටින රට යි. සම්පූර්ණ ක්‍රියාකාරී භටයන් ගණන 9,495,000ක් වන අතර එය ජනගහනයෙන් 37% කි. එහි මිලියන 1.21ක ක්‍රියාකාරී හමුදාව චීනය, ඇමරිකා එක්සත් ජනපදය හා ඉන්දියාවට පසු ලොව සිව්වැනි විශාලතම හමුදාව යි. එය ජනගහනයෙන් 4.7%කි. උතුරු කොරියාව න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ ය. උතුරු කොරියාව 1991 සිට එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙක් වන අතර G77ත් ASEAN කලාපීය සංසදයේත් සාමාජිකයෙකි.
2014දී එක්සත් ජාතීන්ගේ උතුරු කොරියාවේ මානව හිමිකම් කඩ කිරීම පිලිබඳ පරීක්ෂණයකට අනුව "මෙම කඩකිරීම්වල බර, පරිමාණය වෙනත් කිසිඳු සමකාලීන රාජ්‍යයකට සමාන නොවූ තත්වයක්" පෙන්වන බව නිගමනය කර ඇති අතර ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හා මානව හිමිකම් සෝදිසිය මීට සමාන මත දරති. උතුරු කොරියානු රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.