මියන්මාරය

From Wikipedia, the free encyclopedia

මියන්මාරයmap

අග්නිදිග ආසියාවේ ස්වෛරී රාජ්‍යයක් වන මියන්මාරය නිළ වශයෙන් මියන්මාර් මහජන සමූහාණ්ඩුව ලෙස හැඳින්වෙන අතර බුරුමය ලෙසද හඳුන්වයි. බටහිරින් ඉන්දියාවට සහ බංග්ලාදේශයටත්, නැගෙනහිරින් තායිලන්තයට සහ ලාඕසයටත් උතුරින් සහ ඊසාන දිගින් චීනයටත් මායිම්ව පිහිටි මියන්මාරය එහි පරිමිතිය වූ කි.මී. 5,876 (සැ. 3651)න් තුනෙන් පංගුවක්ම එනම්, කි.මී. 1930 (සැ. 1200)ක්ම බෙංගාල බොක්කට සහ අන්දමන් මුහුදට මුහුණ ලූ අඛන්ඪ මුහුදු තීරයකින් එහි දකුණුදිග ආවරණය කරගෙන ඇත. 2014 වසරේ පැවති ජන සංගණනයෙන් එහි ජීවත් වන මුළු ජනගහනය මිලියන 51ක් බව ගණනය කර ඇත. ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 676,578 (වර්ග සැතපුම් 261,228)ක් වූ මෙහි වත්මන් අගනගරය වන්නේ නයිපිඩෝ වුවත්, එහි විශාලතම නගරය වන්නේ එහි පැරණි අගනුවර වූ යැන්ගුන් හෙවත් ‍රැන්ගුන් නගරයයි.

Quick Facts මියන්මාර මහජන සමූහාණ්ඩුව පයිඩයෙන්ෂු තැන්මාද මයිමා නයින්ගැන්ඩවු, අගනුවර ...
මියන්මාර මහජන සමූහාණ්ඩුව

Thumb
පයිඩයෙන්ෂු තැන්මාද මයිමා නයින්ගැන්ඩවු
Thumb
කොඩිය
Thumb
රාජ්‍ය ලාංඡනය
ජාතික ගීය: කබා මා ක්යේයි
Thumb
මියන්මාරයේ පිහිටීම
Thumb
අගනුවරනයිපිඩෝ
19°45′N 96°6′E
විශාලතම නගරයයැංගුන්
නිල භාෂා(ව)බුරුම
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්ජින්ග්පෝ, කායා, කරෙන්, චින්, මොන්, රකීන්, ශාන්
ජනවාර්ගික කණ්ඩායම්
  • 68% බමාර්
  • 9% ශාන්
  • 7% කරෙන්
  • 4% රකීන්
  • 2% මොන්
  • 10% වෙනත්
ජාති නාම(ය)බුරුම/මියන්මාර
රජයඒකීය ජනාධිපති ජනරජය
 ජනාධිපති
හටින් ක්යාව්
 උප ජනාධිපති
හෙන්රි වැන් තියෝ
ම්යින්ට් ස්වේ
 රාජ්‍ය උපදේශක
අවුන් සාං සුකී
ව්‍යවස්ථාදායකයපියිදන්ග්සු ලුතව්
අම්යොතා ලුතව්
පිය්තු ලුතව්
පිහිටුවීම
 පේගන් රාජවංශය
ක්‍රි.ව. 849 දෙසැම්බර් 23
 ටන්ගෝ රාජවංශය
1510 ඔක්තෝබර් 16
 කොන්බන්ග් රාජවංශය
1752 මාර්තු 21
 නිදහස ලැබීම
1948 ජනවාරි 04 (එක්සත් රාජධානිය විසින්)
 කුමන්ත්‍රණය
1962 මාර්තු 02
වර්ග ප්‍රමාණය
 සම්පූර්ණ
676,578 km2 (261,228 sq mi) (40වන)
 ජලය (%)
3.06
ජනගහණය
 2009 ඇස්තමේන්තුව
55,400,000 (24වන)
 1983 ජන සංගණනය
33,234,000 (3)
 ඝණත්වය
73.9/km2 (191.4/sq mi) (119වන)
දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව
 සම්පූර්ණ
ඩොලර් බිලියන 76.473
 ඒක පුද්ගල
ඩොලර් 1,250
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
 සම්පූර්ණ
ඩොලර් බිලියන 42.953
 ඒක පුද්ගල
ඩොලර් 702
මාසද (2017)0.578[1]
මධ්‍යම · 148 වන
ව්‍යවහාර මුදලකයාට් (K) (MMK)
වේලා කලාපයUTC+6:30 (MST)
රිය ධාවන මං තීරුවදකුණෙන්
ඇමතුම් කේතය95
අන්තර්ජාල TLD.mm
Close

මියන්මාරයේ මුල් ශිෂ්ටාචාරයන් ඉහල බුරුමයේ ප්‍යු ප්‍රාන්ත නගරයේ ටිබෙට්-බුරුම මිශ්‍ර බස භාවිත කරන්නන්ගෙන්ද, දකුණු බුරුමයේ මොන් අධිරාජ්‍යයන්ගෙන්ද සමන්විත විය. 9 වන සියවසේදී පැමිණි බමාර් ජනයා ක්‍රි.ව. 1050 දී ඉහල ඉවරඩි ගංගා නිම්නයේ පගාන් රාජධානිය පිහි‍ටුවීමෙන් පසුව බුරුම භාෂාව, සංස්කෘතිය සහ ථෙරවාද බුදුදහම සෙමෙන් රටේ ආධිපත්‍ය දරමින් විහිදිනි. පසුකාලීනව මොන්ගෝලියානු ආක්‍රමණ වලින් සහ සමහර සතුරු ප්‍රාන්ත රාජ්‍යයන් හේතුවෙන් පගාන් රාජ්‍යය බිඳ වැටී ගියද 16 වන සියවසේදී ටයුන්ගු අධිරාජ්‍යය සමඟ දේශපාලනික වශයෙන් එක් වීමෙන් පසුව අග්නිදිග ආසියාවේ වාර්ථාගත ඉතිහාසය තුල විශාලතම රාජධානිය බවට පත් විය. 19 වන සියවසේ මුල් භාගය වන විට කොන්බායුං අධිරාජ්‍යය වර්ථමාන මියන්මාර දේශයත් ඇතුලත්ව ඉන්දියාවේ මනිපූර් සහ ඇසෑම් ප්‍රාන්ත දක්වා විහිදෙන ප්‍රදේශයක් සිය පාලනයට එක්කරගෙන සිටියහ. ඇන්ග්ලිකන්-බුරුම යුද්ධ 3කින් පසුව 19 වන සියවසේ අග භාගයේදී ඉංග්‍රීසීන් මියන්මාරය යටත්කරගෙන බ්‍රිතාන්‍ය කොලනියක් බවට පත්කරන ලදි. 1948දී බ්‍රිතානයයෙන් නිදහස ලබා ගත් මියන්මාරය ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බවට පත් විය.

මියන්මාරය ජේඩ් සහ මැණික් , තෙල් , ස්වාභාවික ගෑස් සහ අනෙකුත් ඛනිජ සම්පත් වලින් පොහොසත් රටකි. 2013 දී එහි දළ දේශීය නිෂ්පාදිතය (නාමික) ඩොලර් බිලියන 56.7 ක් සහ එහි දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 221.5 ක් විය.නිවර්ථන වැසි වනාන්තර වලින් ගහණ මියන්මාර් දේශය ස්වාභාවික නොයිඳුල් වනාන්තර වලින් සහ සුන්දර කඳු වලින් හෙබි මනස්කාන්ත දේශයකි.

ලෝකයේ උසම මෙන්ම පැරණිම වෙහෙර ලෙස හැඳින්වෙන්නේ මියන්මාරයේ ස්වේදගොන් ස්තූපය යි.

මූලාශ්‍ර

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.