![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/77/StPetersBasilicaEarlyMorning.jpg/640px-StPetersBasilicaEarlyMorning.jpg&w=640&q=50)
ශුද්ධාසනය
From Wikipedia, the free encyclopedia
ශුද්ධාසනය (ඉංග්‍රීසි:Holy See, ලතින්:Sancta Sedes) යනු රෝම නුවර සදහා වන රෝමානු කතෝලික සභාවේ එපිස්කෝපල් බලප්‍රදේශය හෙවත් රදගුරු පදවිය වන අතර, එහි රදගුරු ධූරය හොබවනු ලබන්නේ පාප් තුමා විසිනි . වත්මන් පාප් ධූරය දරනු ලබන්නේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් තුමන් විසින්ය. ශුද්ධාසනය කතෝලික සභාවේ රදගුරු පදවි අතරින් ශ්‍රේෂ්ඨතම පදවිය නොහොත් මූලිකම එපිස්කෝපල් ආසනය වන අතර මෙමගින් කතෝලික සභාවේ මධ්‍යගත පරිපාලනය සිදු කරනු ලබයි. එබැවින් රාජ්‍යතාන්ත්‍රික හා අනෙකුත් විෂයෙහි ශුද්ධාසනය ක්‍රියා කරනු ලබන්නේත් සිය මතය ප්‍රකාශ කරනු ලබන්නේත් සමස්ථ කතෝලික සභාවම වෙනුවෙනි. එලෙසම මෙය අන්තර්ජාතික නීතිය විෂයෙහි තානාපති සබඳතා පවත්වා පවත්වාගෙන යා හැකි, පාප් තුමන් විසින් පාලනය කෙරෙන, ස්වාධීන අස්තිත්වයක් ලෙස හදුනා ගැනේ.[2]
මෙම ලිපිය රෝමානු කතෝලික සභාව හා සබැඳි ලිපි පෙළකට අයත් වේ |
![]() |
සංවිධාන ව්‍යූහය |
---|
පාප් තුමා – ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් තුමන් |
කාර්දිනල් මඩුල්ල – ශුද්ධාසනය |
Ecumenical Councils |
Episcopal polity · ලතින් සම්ප්රදාය |
පෙරදිග කතෝලික සභාවන් |
පසුබිම |
ඉතිහාසය · කිතු දහම |
කතෝලික ධර්මය · අපෝස්තලික අනුප්‍රාප්තිය |
සභාවේ ලකුණු / ලක්ෂණ හතර |
දස පණත |
ජේසුස් වහන්සේගේ කුරුසගතවීම හා උත්ථානය |
ස්වර්ගාරෝහණය · දෙව් මවුන් ස්වර්ගයට ඔසවා ගැනීම ශුද්ධාත්ම දීමනා සහ ශුද්ධාත්ම ඵල |
කතෝලික සභාව සම්බන්ද විවේචන |
දේව ධර්මය / ඉගැන්වීම් |
ශුද්ධවූ ත්‍රිත්වය (පියාණන් , පුත්‍රයාණන් , ශුද්ධාත්මයාණන්) |
දේව ධර්මය · Apologetics |
දේව දයාව · සක්රමෙන්තු · ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය |
Purgatory · ගැලවීම |
ජන්ම දෝෂය · සාන්තුවරු · Dogma |
කන්‍ය මරිය තුමිය · කන්‍ය මරියතුමීගේ සදා කන්‍යාභාවය · Mariology |
කන්‍ය මරියාවන්ගේ නිර්මල පිළිසිදගැනීම |
ජනවන්දනාව හා දේවවන්දනාව |
රෝමානු කතෝලික ජනවන්දනාව |
දිව්‍ය සත්ප්‍රසාදය · Liturgy of the Hours |
ජනවන්දනා වසර · Biblical Canon |
සභා සම්ප්‍රදායන් |
රෝමානු · ආර්මේනියානු · ඇලෙක්සැන්ඩ්‍රියානු |
බයිසැන්තියානු · අන්තියෝකියානු |
බටහිර සිරියානු · පෙරදිග සිරියානු |
කතෝලික දහම සම්බන්ද මාතෘකා |
කතෝලික සභාව හා විද්‍යාව · Ecumenism |
කතෝලික සභාව හා පරිණාමවාදය · ආගමික නිකායන් |
යාච්ඤාව · සංගීතය · කලාව |
![]() |
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/31/Coat_of_arms_Holy_See.svg/640px-Coat_of_arms_Holy_See.svg.png)
සමහර අවස්ථාවලදී "වතිකානුව" යන උභයාර්තවාචී වචනයෙන් හැදින්වූවද, ශුද්ධාසනය යනු 1929 යේ සිට පැවතෙන වතිකානු රාජ්‍යය යන ආස්තිත්වයම නොවේ. ශුද්ධාසනයේ හෙවත් රෝම රදගුරු පදවියේ ඉතිහාසය මුල් කිතුනු යුගය (ක්‍රි.ව. පලමු සියවස) දක්වාම දිව යන්නකි. විදේශ රාජ්‍යයන් විසින් සිය තානාපතිවරුන් නිල වශයෙන් පත් කරනු ලබන්නේ වතිකානු රාජ්‍යයට නොව ශුද්ධාසනයට වන අතර, විදේශ රාජ්‍යයන් හා අන්තර්ජාතික සංවිධාන සදහා නිල වශයෙන් පත් කරනු ලබන පාප් තුමාගේ නියෝජිතයින් හදුනා ගනු ලැබෙන්නේ වතිකානු රාජ්‍යයේ නොව, ශුද්ධාසනයේ නියෝජිතයින් ලෙසිනි.
සියළුම එපිස්කොපල් ආසන ශුද්ධවූ ලෙස සැළකෙතත්, ශුද්ධවූ අසුන හෙවත් "ශුද්ධාසනය" යන වචනය විශේෂාකාරයෙන් යමක් සදහන් නොකොට අන්තර්ජාතික සබඳතාවන්හිදී (හා කතෝලික සභාවේ සසුන් නීතියේ[3]) භාවිතාකරනු ලැබෙන්නේනම් ඉන් හැඟවෙන්නේ කතෝලික සභාවේ මධ්‍යම පරිපාලනය සිදු කරනු ලබන රෝම රදගුරු පදවිය බව සාමාන්‍යයෙන් සළකනු ලබයි. ශුද්ධාසනය නෛතික පුද්ගලභාවය අතින් බොහෝදුරට අගාරික රාජකීය රාජ්‍යකට සමානකම් දක්වයි.