සංඝමිත්තා තෙරණිය
From Wikipedia, the free encyclopedia
සංඝමිත්රා තෙරණිය (සිංහල උරුව:සංඝමිත්තා තෙරණිය) අශෝක අධිරාජ්‍යයාගේ සහ ඔහුගේ "දේවී" නම් බෞද්ධ රැජිණගේ දියණියයි. සංඝමිත්තාගේ සොයුරු මහින්ද සමග ඇය බෞද්ධ ශාසනයට 1 ඇතුළත් වූවාය. මෙම සහෝදරයා සහ සහෝදරිය බුදු දහම පැතිරවීම සඳහා පසුව ශ්‍රී ලංකාවට ගියහ. ඇයට සංඝමිත්තා යනුවෙන් නම තැබීමට වෙනත් හේතුද ඉදිරිපත් වෙයි. ඒවාට අනුව ඇය අශෝක රජුගේ බාලම දියණියයි. වැඩිමහල්ලා මහින්ද කුමරුය.
සංඝමිත්තා තෙරණිය | |
---|---|
උපත | ක්‍රි:පූ:3 වන සියවසේ ඉන්දියාවේදී උජ්ජයිනී නගරයේදී |
මියගිය දිනය | ජීවත් වූ වයස:79 අනුරාධපුර,ශ්‍රීලංකාව |
මිය යාමට හේතුව | වයස්ගතවීම |
සතපවන ලද තැන | ශ්‍රීලංකාව |
ජාතිකත්වය | ඉන්දියානු |
වෙනත් නම් | සංඝමිත්රා |
අධ්‍යාපනය | ථෙරවාදී බෞද්ධ ධර්මය |
උගත් ශාස්ත්‍රාලය | ආයුපාලා ආචාර්යවරයා |
ප්‍රසිද්ධව ඇත්තේ | ප්‍රධාන වශයෙන්ම ශ්‍රි ලංකාවේ භික්ෂුණී ශාසනය පිහිටුවීම |
කලත්‍රයා(යන්) | අග්රිබ්රාහ්ම |
දරුවන් | සුමන(සාමණේර) |
දෙමව්පියන්(s) | අශෝක අධිරාජ්‍යයා (පියා) දේවි(අම්මා) |
සම්මාන | ශ්‍රි ලාංකික භික්ෂූණීන් වෙනුවෙන් භික්ෂුණී ශාසනය පිහිටවූ රහත් තෙරණිය |
ආගම | ථෙරවාදී බෞද්ධ |
කාලිංග යුද්ධය අවසාන වීමෙන් පසු අශෝක රජු තම බෞද්ධ දේවිය සමග බුද්ධාගම වැලඳ ගත් අවස්ථාවේ දියණියට බෞද්ධ නමක් තබන ලෙස කරන ලද ඉල්ලීම අනුව ඇයට සංඝමිත්තා යන නම දේවිය විසින් යොදා ඇත. අශෝක රජු තම දරුවන් ධර්ම දූත කටයුතු සඳහා විදේශ රටකට යැවීමට තීරණය කළේය. ඇයට ගරු කරන දිනය සෑම වසරකම දක්ෂිණායන දිනයයි. නැතහොත් දෙසැම්බර් 21 වැනි දිනය.
ලකාවේ රජකල දේවනම්පියතිස්ස රජු (ක්‍රි:පූ: 250-210) අශෝක රජුගේ (ක්‍රි:පූ:304-232) සමකාලීන මිත්රයෙකි. එතුමාගේ ඉල්ලීමක් පරිදි ලංකාවේ බුදුදහම ස්ථපිත කිරීම සඳහා සංඝමිත්තා තෙරණිය සහ මිහිඳු හිමියන්(මහින්ද) පසුව ලංකාව බලා නැව් නැග පිටත් වේ. ඉන්දියන් සාගරය ඔස්සේ යාත්‍රා කල මෙම පිරිස ලංකාවේ උතුරු පලාතේ යාපනය නගරයෙන් 16km ක් ඔබ්බට වන්නට ඉන්දියන් සාගරයේ වෙරලාසන්නය ඔස්සේ පිහිටි “මතාගල” නම් වු ග්‍රාමයට ගොඩබසින ලදී.
මිහිඳු හිමිගේ ලංකාගමනයත් සමඟ එහි වැසියන් බෞද්ධයන් බවට පත් විය. මේ නිසා “අනුලා” බිසව සහ රජ මැඳුරේ තවත් කාන්තා පිරිසක් බුදු සසුනේ භික්ෂූණීන් ලෙස පවිදි වීමට තිස්ස රජුගෙන් අවසර ඉල්ලා සිටියේය.[1][2][3][4][5] ඒ සඳහා ධර්මාශෝක අධිරාජ්‍යයා තවත් භික්ෂූණීන් පිරිසක් ලංකාවට පිටත් කර හරින ලදී. මෙම පිරිස මුල් වීමෙන් ලංකාවේ භික්ෂුණි ශාසනය ආරම්භ විය. එපමනක් නොව, ඇගේ ලංකාගමනේදී ශ්‍රි ලාංකීය බෞද්ධ ජනතාවට වන්දනමාන කිරීම සඳහා ඉන්දියාවේදී බුදුන් වහන්සේ බුදුවීමේදී සෙවන දුන් බෝධියේ රෝපණය කරන ලද දක්ෂිණ ශාඛාවක්ද ශ්‍රි ලංකාවට ගෙනෙන ලදී.එය අනුරාධපුරයේ රෝපණය කරන ලදී. ලාංකික බෞද්ධ ජනතාව ඉතාමත් ගෞරවයෙන් වන්දනාමාන කරන මෙම බෝධි ශාඛය වර්ථමානය වන විටත් නොනැසී පවතී. සෑම වසරකම උඳුවප් මස පොහෝ දිනයේදී (දෙසැම්බරයේදී) මෙම බෝධිය ඉතා උත්සවශ්‍රීයෙන් වන්දනාමාන කරනු ලැබේ. එය ශ්‍රි ලංකා බෞද්ධයන් ලද අගනා පූජනීය වස්තුවක් ලෙස සලකයි.[2][4][6]