ද්වාරය:ජලය
From Wikipedia, the free encyclopedia
Portal maintenance status: (2022 අගෝස්තු)
|
හැඳින්වීම
වතුර හෙවත් ජලය යනු හයිඩ්රජන් සහ ඔක්සිජන් යන්නෙන් සමන්විත සහ ජීවයෙහි සියළු ඥාත ආකරයන්හි පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය වන්නාවූ සුලබ රසායනික ද්‍රව්‍යය කි.[1]
සාමාන්‍ය වහරේදී, වතුර යන්නෙන් අදහස් කරන්නේ එහි ද්‍රව ආකාරය හෝ අවස්ථාව පමණක් වුවද, මෙම ද්‍රව්‍යය සඳහා ඝන අවස්ථාව වන, අයිස්, සහ වායුමය අවස්ථාව වන, ජල වාෂ්ප හෝ හුමාලය ද පවතියි. ජලය, පෘථිවියෙහි පෘෂ්ඨයෙන් 71% ක් වසා පැතිර පවතියි. [2] පෘථිවිය මත, එය බොහෝ ලෙසින් සාගර සහ අනෙකුත් විසල් ජල තලයන්හිද, ජලයෙන් 1.6% පොළොව අභ්‍යන්තරයෙහි ජලධරයන්හි සහ 0.001% වාතයෙහි වාෂ්ප, වලාකුළු (ඝන හා ද්‍රව ජල අංශු වාතයෙහි අවලම්බනය වීමෙන් තැනෙයි), සහ වර්ෂාපතනය ලෙස පවතියි. [3] සාගරයන් භූතල ජලයෙන් 97% ක් දරන අතර, ග්ලැසියරයන් හා ධ්‍රැවීය අයිස් වැස්මන් 2.4% ක්ද, අනෙකුත් ගොඩබිම භූතල ජල ධාරකයන් වන ගංගාවන්, විල් හා පොකුණු තවත් 0.6% දරති. පෘථිවියෙහි ජලයෙන් ඉතා කුඩා කොටසක්, ජීවවිද්‍යාත්මක දේහයන් සහ නිමැවුනු භාණ්ඩ තුල රඳවා තැබෙයි.
තෝරාගත් ලිපි
- Image 1
ජල දූෂණය (ඉංග්‍රීසි: Water pollution, aquatic pollution), යනු බොහෝ විට මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස භාවිතයට අහිතකර වන ආකාරයට ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම වේ. (තව දුරටත්...) - Image 2
ජල විද්‍යාව (Hydrology) යනු, පෘථිවිය පුරාම ජලයේ සංචලනය, ව්‍යාප්තිය හා ගුණත්වය අධ්‍යයනය කිරීමයි. එනම්, එමගින් ජල චක්‍රය හෙවත් ජලාවර්තන චක්‍රය හා ජල සම්පත් යන දෙකම සැලකිල්ලට ගනී. ජල විද්‍යාව හදාරන්නා ජල විද්‍යාඥයා හෙවත් Hydrologist ලෙස හඳුන්වන අතර ඔහු භූමිය, පාරිසරික විද්‍යාව, භෞතික භූගෝලීය විද්‍යාව හෝ සිවිල් සහ පාරිසරික ඉංජිනේරුකරණය යන ක්ෂේත්රයන් වල වැඩකරනු ලබයි. (තව දුරටත්...) - Image 3
ට්‍රිටියම් ඔක්සයිඩ් (ඉංග්‍රීසි: Tritiated water, Tritium oxide, super-heavy water) හෝ 3H2O හෝ T2O ලෙසින් මුලින් හැඳින්වුනු, Super-බැර ජලය යනු, සාමාන්‍ය ජලයේ බොහෝ හයිඩ්රජන් ප්‍රමාණයක අඩංගු වන පොදුවේ පවතින හයිඩ්රජන්-1 සමස්ථානිකය වෙනුවට, සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක්, ට්‍රිටියම් නම් හයිඩ්රජන් සමස්ථානිකය අඩංගු වන, ජලය ආකාරයකි. (තව දුරටත්...) - Image 4
- Image 5
වතුර හෙවත් ජලය යනු හයිඩ්රජන් සහ ඔක්සිජන් යන්නෙන් සමන්විත සහ ජීවයෙහි සියළු ඥාත ආකරයන්හි පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය වන්නාවූ සුලබ රසායනික ද්‍රව්‍යය කි. (තව දුරටත්...) - Image 6
අධිතප්ත හුමාලය (ඉංග්‍රීසි: Superheated steam) යනු, උෂ්ණත්ව මිනුම ගන්නාවූ නිරපේක්ෂ පීඩනයෙහිදී එහි වාෂ්පිකරණාංකයට (තාපාංකය) වඩා ඉහළ උෂ්ණත්වයක පවතින හුමාලය වෙයි; එබැවින්, වායුවක සිට සන්තෘප්ත වාෂ්ප සහ ද්‍රව මිශ්‍රණයක් දක්වා අවස්ථාව වෙනස් නොවන පරිදී (එනම් ඝනීභවනය නෙවෙන පරිදී) එහි උෂ්ණත්වය පහත හෙලමින්, යම් ප්‍රමාණයකට හුමාලය සිසිල් විය (එනම් එහි අභ්‍යන්තර ශක්තිය පැහැදම් විය) හැකි වෙයි. නියත පීඩනයක් තුලදී, සන්තෘප්ත හුමාලය (වායු සහ සන්තෘප්ත වාෂ්ප යන දෙකෙහිම මිශ්‍රණයක්) රත් කළහොත්, එහි උෂණත්වයද නියතව පවතින්නේ, වාෂ්ප ගුණත්වය (වියලි බව හෝ, සන්තෘප්ත වාෂ්ප අන්තර්ගතයෙහි ප්‍රතිශතය) 100% දෙසට ඉහළ යමින්, වියලි (එනම්, සන්තෘප්ත ද්‍රව නොමැති) සන්තෘප්ත හුමාලය බවට පත් වන බැවිනි. තාපන ප්රදානය දිගටම පවත්වා ගෙන ගියහොත්, වියලි සන්තෘප්ත හුමාලය "අධි" තප්ත වෙයි. මෙය සිදුවන්නේ, සන්තෘප්ත හුමාලය විසින් ඉහළ උෂ්ණක්ව පාෂ්ඨයක් ස්පර්ශ කළ විටෙකදීය. (තව දුරටත්...) - Image 7
ඩියුටේරියම් ඔක්සයිඩ් හෝ 2H2O හෝ D2O ලෙසින් මුලින් හැඳින්වුනු, බැර ජලය යනු, සාමාන්‍ය ජලයේ බොහෝ හයිඩ්රජන් ප්‍රමාණයක අඩංගු වන පොදුවේ පවතින හයිඩ්රජන්-1 සමස්ථානිකය වෙනුවට, සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක්, ඩියුටේරියම් ("බැර හයිඩ්රජන්" ලෙසින්ද හැඳින්වෙන) නම් හයිඩ්රජන් සමස්ථානිකය අඩංගු වන, ජලය ආකාරයකි. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට ජලය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව
- "සීඅයිඒ- ස වර්ල්ඩ් ෆැක්ට් බුක්". මධ්‍යම ඔත්තු සංවිධානය. සම්ප්‍රවේශය 2008-12-20.
- වෝටර් වේපර් ඉන් ද ක්ලයිමෙට් සිස්ටම් සංරක්ෂණය කළ පිටපත 2007-03-20 at the Wayback Machine, විශේෂ වාර්තාව, [AGU], දෙසැම්බර්1995 (linked 4/2007). වයිටල් වෝටර් සංරක්ෂණය කළ පිටපත 2008-02-20 at the Wayback Machine UNEP.