ඉන්දියාව

දකුණු ආසියානු රටක් From Wikipedia, the free encyclopedia

ඉන්දියාව
Remove ads

ඉන්දියාව දකුණු ආසියානු රටකි. භූමි ප්‍රමාණය අතින් ලොව සත්වන තැන ඉන්දියාවට හිමිවෙයි.2023 ජුනි මස වන විට චීනය අභිභවා ඉන්දියාව ලෝකයේ වැඩිම ජනතාවක් වෙසෙන රට විය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතුරින් වැඩිම ජනගහණය සහිත රට වෙයි. දකුණෙන් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අරාබි මුහුදින් ද, නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද වටවී ඇති ඉන්දියාව බටහිරින් පකිස්තානයෙන් ද, උතුරින් චීනය, නේපාලය සහ භූතානය යන රටවලින් ද, නැගෙනහිරින් බංගලාදේශයෙන් සහ බුරුමයෙන් ද මායිම් වී ඇත. ඉන්දියන් සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව සහ මාලදිවයින ද ඉන්දියාවට ආසන්න ව පිහිටයි. ඉන්දියාවට අයත් අන්දමන් සහ නිකොබාර් දූපත් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ආසන්නව පිහිටා ඇත. ඉන්දියාව සතුව කිලෝමීටර් 7,517ක මුහුදු තීරයක් පවතියි.

Quick facts ඉන්දීය ජනරජය හින්දි: भारत (ඉංග්‍රීසි: Republic of India), අගනුවර ...

අතීතයේ සිටම වෙළෙඳ සහ සංස්කෘතික අතින් දියුණු ප්‍රදේශයක් වූ ඉන්දියානු උප මහාද්වීපය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, අධිරාජ්‍ය සහ වෙළෙඳ මාර්ග ගණනාවකට නිජභූමිය විය. හින්දු ආගම, බුද්ධාගම, ජෛනාගම සහ සිකදහම යන ප්‍රධාන ආගම් හතරක් ඉන්දියාවේ බිහිවුණ අතර ශරතුස්ත්‍රවාදය (Zoroastrianism), යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් වැනි ආගම් ද බොහෝ කලක සිට පැවතීම මෙහි සංස්කෘතික විවිධත්වය ඇති කිරීමට හේතුවිය. දහඅට වැනි සියවස මුල් භාගයේ දී බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම මගින් එක්සත් රාජධානියට අයත් කොලනියක් ලෙස ඈඳා ගන්නා ලද ඉන්දියාව අවිහිංසාවාදී අරගලයකින් පසු 1947 දී නිදහස් රාජ්‍යයක් බවට පත්විය.

ඉන්දියාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ෆෙඩරල් ව්‍යවස්ථාමය සමූහාණ්ඩුවකි. එය ප්‍රාන්ත 28කින් සහ මධ්‍ය පාලන ප්‍රදේශ 7කින් සමන්විතය.

ඉන්දියානු ආර්ථිකය දළ දේශීය නිෂ්පාදිතය අනුව ලොව 11 වැනි තැන ද, ක්‍රය ශක්ති සාම්‍යය අනුව ලොව 4 වැනි තැන ද ගනියි. 1991 දී ඉන්දීය ආර්ථිකය ලිහිල් කිරීමෙන් අනතුරුව එය ශීඝ්‍රයෙන් සංවර්ධනය වන ආර්ථිකයක් බවට පත් විය. කෙසේ වෙතත් එය තවමත් දුගී බව,[7] නිරක්ෂරතාව,[8] දූෂණය,[9] රෝග[10] සහ මන්දපෝෂණය[11] වැනි කරුණුවලින් පීඩා විඳියි. ඉන්දියාව මෑතක දී කාර්මීකරණය වූ රටක්[12][13] සහ BRIC රටවල් හතර අතුරෙන් එකක් ද වෙයි.

Quick facts ජාතික සත්ත්වයා, ජාතික පක්ෂියා ...

ප්‍රාන්ත (States):

  1. ආන්ද්‍රා ප්‍රදේශ්
  2. අරුණාචල් ප්‍රදේශ්
  3. ඇසෑම්
  4. බිහාර්
  5. ඡත්තීස්ගඪ්
  6. ගෝව
  7. ගුජරාතය
  8. හර්යානා
  9. හිමාචල් ප්‍රදේශ්
  10. ජම්මු හා කාශ්මීරය
  11. ඣාර්ඛණ්ඩ්
  12. කර්ණාටක
  13. කේරළය
  14. මධ්‍ය ප්‍රදේශ්
  15. මහාරාෂ්ට්‍ර
  16. මණිපුර
  17. මේඝාලය
  18. මිසෝරාම්
  19. නාගලන්තය
  20. ඔරිස්සා
  21. පන්ජාබය
  22. රාජස්ථාන්
  23. සිකිම්
  24. තමිල්නාඩුව
  25. ත්‍රිපුරා
  26. උත්තර් ප්‍රදේශ්
  27. උත්තරාඛණ්ඩ්
  28. බටහිර බෙංගාලය
  29. තෙලගානා

මධ්‍ය පාලන ප්‍ර‍ෙද්ශ (Union Territories):

  1. අන්දමන් හා නිකොබාර් දූපත්
  2. චණ්ඩීගඪ්
  3. දාද්‍රා සහ නගර් හවේලී
  4. දමණ් හා දීව්
  5. ලක්ෂද්වීප්
  6. දිල්ලිය - ජාතික අගනුවර ප්‍රදේශය
  7. පොන්ඩිචෙරි
Remove ads

ආශ්‍රිත

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads